විශේෂ කාර්ය බලකායේ හිටපු පොලිස් පරීක්ෂක රොහාන් තුසිත කුමාරසිංහගේ ඝාතනය පිළිබඳ පරීක්ෂණ යටපත් කිරීමට කාන්තාවකගෙන් මුදල් ලබා ගත් බවට සැකපිට තලංගල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක උපුල් පෙරේරා, අපරාධ අංශයේ ස්ථානාධිපති පීකේ කොඩිතුවක්කු, පොලිස් සැරයන් පුෂ්පකුමාර සහ පොලිස් කොස්තාපල් නවරත්න සිකුරාදා (21) තෙක් රිමාන්ඩ් කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් වසන්ත ජිනදාස මහතා නියෝග කළේය.
කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට දැන්වූයේ පොලිස් ස්ථානාධිපති ඇතුළු පිරිස රුපියල් කෝටියකට අධික මුදලක් එම කාන්තාවගෙන් ලබා ගෙන ඇති බවයි.
පොලිස් ස්ථානාධිපතිගේ ගිණුමට රුපියල් විසි ලක්ෂයක් සහ පොලිස් කොස්තාපල්ගේ ගිණුමට රුපියල් 14 ලක්ෂයක් බැර කර ඇතැයි ද කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට දැන්වීය.
(ඡායාරූප රොමේෂ් ධනුෂ්ක සිල්වා)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බල්ලන්ව මේ අය සමග ඡායාරූප වලට පෙනීසිටීමට අපි විරුද්ධයි. (නි)
බල්ලෝ දෙන්නෙකුත් ඉන්නේ.මොකද?(අ)
ආමි නෙවි සුද්ධ කරලා ඉවරි. දැන් පොලිසිය සුද්ධ කරමු ආරක්ෂක ලේකම් තුමා සහ පොලිස්පතිතුමට ජයවේවා .(අ)
යශෝදගේ අදහස හොඳයි. හැබැයි එයා සිරියලතාගේ අදහස විතරයි බලලා තියෙන්නේ. (නි)
කියලා වැඩක් නැහැ මෙයාලා ගැන ... පොලිසියෙන් වාර්තාවක් ගන්න ගියහම මුලින්ම අහනවා මොකටද ආවේ කියලා.ආ කරණය කිවුවහම ඔරවලා බලනවා. ඉන්පසු එයාගේ දුරකථන අංකය දීලා කියනවා කෝල් කරන්න කියලා. දන්නවනේ මොකටද කියලා (නි)
කාන්තාව කිසිම වරදක් කරලා නැහැ කියලයි මම නම් කියන්නේ.ඉල්ලන ඉල්ලන පාරට සල්ලි දෙන්න ගස් වලින් කඩනවාද? (නි)
බාල්ලොත් එක්ක බෑහෑ.... (ෆෝටො ඉස්සරහටම එනවා)හරියට අල්ලාස් ගන්න වගෙ!!!! (අ)
පේනවා නේද මුණු වල හැටි නියම මිනීමරුවෝ (අ)
ඔන්න පොලිස් පුතේ ජරාව කෑවොත් වෙනදේ. නිල ඇදුම ඇන්දම හිතන්නේ මමයි රජා කියලා (නි)
මම නම් කියන්නේ මෙම ප්‍රශ්නයට මූලික වග කිවයුතු පුද්ගලයා වන්නේ මෙම කාන්තාවගේ නීත්‍යානුකූල පුරුෂයා නොහොත් එම බේබැද්දාය. ඔහු නියම පිරිමියෙකු නම් මෙසේ සිදු නොවන්නට ඉඩ තිබුනි. ඔහු තම පවුලේ කටයුතු සොයා නොබලා සිටි නිසා ඇයට වෙනෙකුගේ සහය පතන්නට සිදුවිය. දෙවෙනි කාරණය නම් එවැනි බේබැද්දෙක් නිසාම මෙවැනි කාන්තාවක් තම මුදල් බලය පෙන්වා තවත් පවුල් අවුල් කර අවසානයේ සහයට පැමිණි පුද්ගලයාවත් මරා දමන තත්වයට පත්වී ඇතිනම් මේ කාන්තාව ගැනත් කියන්නටත් කිසිවක් ඉතුරුවී නැත. සෑම දෙයක්ම මුදල්වලින් වසා දමන්නට උත්සාහ දරන්නන්ට මෙම සිදුවීම යස පාඩමක් උගන්වා ඇත. (නදී)
එම කාන්තාව පත් වෙලා තිබෙන තත්ත්වය ගැන ඇත්තටම කණගාටු හිතෙනවා.සල්ලි ඉල්ලලා අනියම් සැමියා කරදර කරලා තිබෙන විදිහට , මෙම කාන්තාව අසරණ වෙලා කියො මට හිතෙනවා (නි)
මගේ බිරිඳ පොලිසියට ගියා ඉඩමක හොරකමක් පිලිබඳ පැමිණිලි කරන්න. පැමිණිලි ලියන පොලිස් කාන්තාවට ඒක ලියන්න නොදී ඕඅයිසී මහත්තයම බොහොම උනන්දුවෙන් වැඩේට බැහැලා. එදාම ගෙදරටම ඇවිත් හොරු අල්ලලා. ඊට පස්සේ නිකමට වගේ "මේ පාරේ යන ගමන් කතා කරලා යන්න ආවා. ආයේ මොනව හරි උනොත් කියන්න. අපි ඉන්නවා." කියාගෙන දෙතුන් වතාවක් ඇවිත්. මගේ ඥාතියෙක් වන පොලිස් ලොක්කෙකුට කියල අවවාද කරලා තමයි කරදරෙන් බේරුනේ .ඉතින් කොහොමද කාන්තාවක් පොලිසියෙන් වැඩක් කරවන්නේ. (ස)
කටුස්සන් කෑවා නම් දුක විඳපන් බළලෝ කිව්වලු.. (නි)
පේනවා නේද මුහුණු වල තිබෙන හොර පාට? (නි)
බාගෙන කන්න පුළුවන් වල ඉහගෙන කන්න හදල ජීවිතේ දීපු කරදරකර යෙකුගේ මිනි වලවල් හාරලා ගද ගස්සන්නේ නැතුව ගලාගෙන යන ගඟෙන් දිය දෝතක් ගන්න කට්ටිය හිතන්න ඇති..මල එකාට ආයේ පන ගන්න බැහැනේ.අනේ මම ඔය ඔ අයි සී උනානං ඕක ඔයිට වඩා හොඳට මොලේ පාවිච්චි කරලා කවදාවත් අහු නොවෙන්න ගගම මගේ පැත්තට හරවා ගන්නවා.කට්ටිය ගම කාගෙන... (ස)
මේ අයගේ මුනේන්නම් පේනනෙ!දේසපාලන හයියක් තියෙනවා වගේ ?(අ)
නෑදෑයෝ දෙන්නෙක් පොලිස් කාරයන්ගේ පස්සෙන් ඇවිත් නේද, මුන්ට බුදු දහමේ එන දිට්ඨ ධම්ම වේදනීය කරුමේ පඩිසන් දීලා .ඕකුන් එල්ලන්න ඕන.නීතිය ආරක්ෂා කරන්න ඉන්න අය මෙහෙම නම් අනිත් අය කොහොමට ඇත්ද? (ස)
බලපුවම මෙතන මනුස්ස පාටට ඉන්නේ අර බල්ලෝ දෙන්න විතරයි. ඒ දෙන්න ඉන්න සැහැල්ලුව අර මිනීමරුවන්ට තියේද? මේවා ටෙලි නාට්‍යක කොටස්ද කියල හිතෙන තරමටම පිළිකුල්. ලංකාවේ පොලිසියට ගිය කල. මගෙත් බොහොම සමීපතම අය පොලිස් රාජකාරියේ ඉන්නවා. ඒ අය ගැනත් පිළිකුලක් හට ගෙන ඇත. (ස)
දැන් බලනකොට ලංකාවේ දුෂිතම අංශය පොලිසිය සහ දේශපාලුවෝනේ. මොවුන්ට යහපතක් නොවේවා! (නි)
යශෝධා ඔබ නිවැරදියි, මම මුහුණු පොතේ දැක්ක විදිහට සදහන් වන්නේ මෙම කාන්තාව අන්ත අසරණයට පත් වූ මොහොතේ තම ගෙදර සිටි රියදුරාට කියා තිබෙනවා මොහුගෙන් මට ඈත් වෙන්න ඕනේ කියා. (නදී)
අට වෙනි පින්තුරේ හරිම අගෙයි...බල්ලෝ දෙන්නා පොලිසියට ගිහින්ද? පොලිසිය බල්ලට ගිහින්ද? දෙය්යෝ සාක්කි...(ස)
අර පොටෝ කෙකේ ඉන්න අහිංසක බල්ලෝ දෙන්න ලොකු කල්පනාවක, හිතාගන්න පුළුවන් උන් හිතන්නේ මොනවද කියලා. (ස)
අර පහල පිංතුෙර් ඉන්න බල්ෙලෝ ෙදන්නට ෙමාකක්ද තිෙයන ෙචා්දනාව.(ස)
අයි දන්නේ නැද්ද ආණ්ඩුව මේ වගේ කේස් වලදී "හොරා පොලිස් සෙල්ලම" ඉඳල හිටලා වේදිකා ගත කරන බව. නීතිය ට වැඩ කියල පෙන්නන්න මුලින් ම අල්ලලා ජනතාවගේ හා මාධ්‍ය වල පැසසුම ට ලක් වෙනවා. ඊට පස්සේ බඩුත් හාමුදුරුවන්ගේ, නඩුත් හාමුදුරුවන්ගේ. අවංකවම සේවය කරන නිලධාරියෙක් හිටියොත් එයාව තුත්තුකුඩිය ට මාරු කරනවා(ස).
බල්ලෝ දෙන්නෙක් එක්ක පින්තුරයක් තියෙන නිසා හිතෙනවා පොලිස් කාරයෝ බල්ලෝ ගානට වැටිලා කියල(ස)
බල්ලෝ බල්ලොත් එක්ක (නදී)
මේ විදියට වැරදිකරන හැමදෙනාටම නීතිය ක්‍රියාත්මක වෙනවනම් කොච්චර අගේද මේවා හැමෝටම ආදර්ශයක් (අ)
බල්ලන් ඇයි මේ අයත් එක්ක ෆොටෝ වලට පෙනීහිටියේ? (නි)
මේ ගැන අර හිරේ ඉන්න කෙනා කිසිමදෙයක් දන්නෙ නැද්ද කියලා මට පොඩි සැකයක් එනවා (නි)
පව් ඉතින්. එයාලට සල්ලි නැතුව ඇති (නි)
ලක්ෂ්මන් නොදන්නා දෙමළෙට ගිහින් වරිගේ නසා ගන්න එපා. කටුස්සෝ කෑවා නෙමෙයි කුම්බලා මාළු. (නදී)
දැන් කාලේ මිනිස්සුන්ට අසාධාරණයක් උනාම පැමිණිලි කරනේ ඕනේ කොහෙටද ? (අ)
මනමෝහිනි ගේ අදහසට, පොලීසියේ ඇත්තෝ උදහස් වෙයිද මන්දා? කොහොම වුණත්, නියම අදහසක් හොදේ ...!! (නි)
ඉන්ස්පැක්ටර් මහත්තයටත් පොලිස් ජිප් එකේ පස්ස පැත්තේ වාඩි වෙලා යන්න උනා එහෙනම්.(නදී)
මේවා දවසේ පුවත් විතරයි මාසයක් ඇතුලට දල නැවත ඇපදීල එලියට දමයි . . (අ)
මේ බල්ලො දෙන්නා කොච්චර අහිංසකද?යුක්තිගරුකද?ඇයි මේ මිනිස්සු උන්ට අගෞරව කරන්නෙ? (නි)
කුම්බලා මාළු කෑවා නම් දුක විදපන් බළලෝ කිව්වලු (නි)
මේ වගේ බල්ලෝ පොලිසි යේ ඉන්න නිසා අහින්සක මිනිහෙකුට පොලියෙයෙන් නම් පිහිටක් බලාපොරොත්තු වෙන්න බැහැ උන්ට දෙන්න ඕනේ හිර ගෙදරින්ම දඩුවම් (අ)
ගොඩක් ගෙවල් වල දැන් බළලුන්ට මාළු දාන්නේ නැති නිසා වෙන්න ඇති දැන් පුසෝ කටුස්සෝ කන තත්වෙට පත්වෙලා තියෙන්නේ. (ස)
බලන්න මේ පින්තුර හැම එකේම ඉන්න කාගේ හරි කලිසම කඩාවැටෙන්න යනවා නේද? කලිසම කොහෙන් හරි අල්ලගත්තු ගමන් හැමකෙනාම. ඉඳල හිටලා හරි මෙහෙමවත් මේ වගේ ජරා පප්පලගේ කලිසම් ගැලවෙනවා නම් හොඳයි. තලංගම පොලිස් වැයික්කියේ ජනතාව මොනතරම් පීඩනයකින් ඉන්න ඇතිද කියල හිතාගන්න පුළුවන්. (අ)
යශෝදා, ඔබ කියන පරිදි කාන්තාවට තම ස්වාමියාගෙන් පීඩාවන් එන විට ඔහුව මරා දැමීමට නීතියෙන් අවසර දී තිබේ නම් මම ඔබ හා එකඟ වෙමි. මිනිසාට හිතා බුද්ධිමත් තීරණ ගැනීමට තමා මොළයක් නිර්මාණය කර දී තිබෙන්නේ.නමුත් මේ කාන්තාව ගෙන තිබෙන්නේ කබලෙන් ළිපට වැටෙන තීරණයක්. (නි)
8 වන චායා රූපය නම් කදිමයි කොල්ලොයි බල්ලොයි ඔක්කොම පොලිසියේද ?(අ)
මේ ගැහැණු කෙනා තාම නිදැල්ලෙද? (නදී)
තණ්හාය ජායතී සෝකෝ තණ්හාය ජායතී භයං තණ්හාය විප්පමුත්තස්ස නත්ථි සෝකෝ කුතෝ භයං (අ)
මුදලට නීතිය පාවාාදන නිලධාරීන්ට මේවා හොද පාඩම්. සේවයෙන් පහකරන්න (නි)
මෙවැනි මිනිසුන්ට ෂරීයා නීතිය තමයි දෙන්න ඕනෑ (නි)
චන්දන,සේවයෙන් පහ කරලා මදි. දඩුවම් දෙන්නත් ඕනෑ (නි)
පොලිසියේ අයට වෙනම රිමාන්ඩ් කුධුවක් හෝ වෙනම ස්තානයක් හදමු. (නදී)
අරයා යන්නේ හරියට මොකුත් නොදන්නවා වගේනේ (නි)
ඔන්න බලන්න එහෙනම් මොවුන් කියන්නෙ නැද්ද කියලා මෙම චෝදනා තමුන්ට එරෙහිව දියත් කළ කුමන්ත්‍රණයක් කියලා. සමහරවිට අන්තර්ජාතික කුමන්ත්‍රණයක් කියන්නත් බැරි නැහැ. (නි)
බල්ලෝ දෙන්නෙක් එක්ක පින්තුරයක් තියෙන නිසා හිතෙනවා මේ ගොල්ලෝ බල්ලෝ ගානට වැටිලා කියල (අ)
යශෝධා ඔබ නිවැරදියි.(අ).
බය වෙන්න එපා. සාක්කි නැතිවෙන්න බොහෝදුරට ඉඩ ඇති බව මගේ හැගිමයි (නි)
ප්‍රතිචාර දමන බොහෝ වැදගත් මහත්වරුනුත්, ඇය පසුපස සිටි බොහෝ පුද්ගලයනුත් මෙම කාන්තාවට නිගරු කරන බව මගේ හැගීමයි. ඇයගේ කතාව යනු මේ සමාජයේ අලුත් පැතිකඩක්. බොහෝ සිදුවීම් හමුවේ පීඩා විදින්නේ කාන්තාවයි. එය අප සමාජ රටාවේ එදා සිටම සිදු වූ දෙයක්. එයට හේතුව කාන්තාව සමාජ තලයේ හා පවුල් පසුබිමේදී ධනයෙන්, බලයෙන් මෙන්ම ශක්තියෙන්ද හීනවීමයි. එහෙත් මේ සිදුවීම වෙනස්. මේ කාන්තාව වාසනාව නිසාම ධනවත්. රට පුරා ඇති වතු වලින් ආදායම් ලැබෙන කෙනෙක්. එහෙත් පුවත්පත් වාර්තා වලට අනුව ඇයගේ සැමියා බීමත්ව සිටින කෙනෙක්. ඇය තරුණ ගැහැණියක්. එක්තරා අවස්ථාවකදී ඇය ගන්නා තීරණයක් මත ඇගේ ජීවිතය කණපිට හැරෙනවා. ඇය ඒ මිනිසාව මරණයට පත් කරන්නට තීරණය කරන්නේ බොහෝ ඉවසීමෙන් පසුවයි. මුදල් තිබුනද මේ කාන්තාව මේ මිනිසුන් හේතුවෙන් බොහෝ දුක් විද ඇති බව පැහැදිලියි. නීතිය ඉටු කරනා අයත් ඇගෙන් බොහෝ මුදල් මෙන්ම අවස්ථාවක් ලැබුනානම් වෙනත් ඕනෑම දෙයක් වුවද ලබා ගැනීමට පෙළඹෙන බව ඒකාන්තයි. ඔවුන් පමණක් නොවේ ඇයට ගරහා ප්‍රතිචාර දමන අයත් ඇයව හමුවූවා නම් කරන්නේ ඇගෙන් උපකාර ලබාගෙන ඇයටම ගැරහීමයි. ඇය මාගේ කවුරුන්වත් නොවේ. මා ඇයව දැකලාද නැත. නීතිය ඇය පත්ව සිටි සැබෑ තත්ත්වය පිළිබදව මීට වඩා සාධාරණ කෝණයකින් බලා ඇය පිළිබද නිගමනයකට පැමිණිය යුතු බව මගේ අදහසයි. මුදල් තිබුනද අප සමාජය තුළ කාන්තාව විවිධ ආකාරයෙන් පීඩනයට පත් වීම පිළිබද අලුත් කතාවක් මෙම කාන්තාව පෙන්වා දෙන බව මගේ හැගීමයි. (නි)
ඒ වුණාට තව ටික කාලෙකින් මේ අය සම්මාන ආචාර මැද නැවතත් පොලිසියේ සිටින්නත් බැරි නැහැ (නි)
ලස්සන ෆොටේ ටික ඊලඟ ප්‍රදර්ශනේට තියන්න පුලුවන්. (ස)
බල්ලෝ නඩු දාන්න පුලුවන් මේ ගොල්ලොත් එක්ක බැහැ කියලා.(නදී)
යශෝද, ඔයාගේ අදහස හරි. නමුත් මිනිහෙක්ව මරනවා කියන්නේ ලොකු අපරාදයක් නේද? අපි සංස්කෘතිය කරේ එල්ලගෙන මොන දුක වින්දත් එකට ඉන්න හදන එක තමයි මෙවැනි අවසානයකට හේතුව. බටහිර රටවල වගේ ඉන්න බැරි නම් සමාදානයෙන් වෙන් වෙනවා නම් මරාගන්න ඕන නැහැ නේද? (නදී)
අපේ හිටපු රතු නායකයාගේ රෙදි ගැලවෙන කතාවක් තියෙනවා (අ)
බහුතරය දැන් ඔය වගේ තමයි. (නි)
අනේ සිරියලතා ,එතකොට ඔයා කියන්නේ ඒ කාන්තාව වැරදියි, මේ පොලිස් නිලධාරීන් නිවැරදියි කියලද? (නි)
දැනට සතුටුයි. එහෙත් අපි බලාගෙන ඉන්නේ පසුවට ඇප සෙල්ලම ගැන. (නි)
යශෝධා, අපිට ඔලුවක් දීලා තියෙන්නේ පාවිච්චි කරන්න. ඒක නිසා හැඳිමිටේ මොළේ ලෝකෙට පෙන්නන්න වෙර දරන්න එපා. (නි)
මේ කාන්තාව පොලිසියට වැඩක් කරගන්න ගිය වෙලාවක, මියගිය හිටපු පොලිස් නිලධාරියා එක්ක අනියම් සම්බන්ධයක් ඇතිවෙලා. ඊට පස්සේ මේ පුද්ගලයා සල්ලි ඉල්ලලා කරදර කරලා. ඒත් පොලිස් මේත් පොලිස්. පොලිසිය මේ තරම් දූෂිත වුණාම ජනතාව තමන්ගේ ප්‍රශ්න කියන්නේ කාටද. (නි)
යශෝධා හරියටම හරි (නි)
බහුතරය දැන් ඔය වගේ තමයි (නි)
යශෝධා නමින් ලියූ කෙනාටයි මේ ලියන්නේ. ඔබ අපිට පෙන්නන්ට හදන්නේ අහිංසකාවියකගේ පින්තූරයක් නම් ඔබ වැරදි බව කියන්නම්. මොකද දන්නවද? සිද්ධියට සම්බන්ධ කාන්තාව තම සැමියා සිටියදී වෙනත් කෙනෙක් සමග අනියම් හාදකමක පැටලිලා නේද? ඇගේ කතාව තුලින් ඔබ " අලුත් පැතිකඩක් " පෙන්නන්ට හැදුවාට ඉතිහාසය පුරාම අපි අහපු ගඳගහන කතාවක් තමයි ඒකත්. සල්ලි වැඩිවෙනකොට ඔහොම දේවල් වෙනවා. (නි)