නව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක ලෙස තිලංග සුමතිපාල මහතා අද (3) වැඩ බාරගත්තේය.

පාර්ලිමේන්තු සංකීර්ණයේ නියෝජ්‍ය කථානායක කාර්යාලයේදී වැඩ බාරගනිමින් ඔහු පැවසූවේ ජනතාවගේ කර්තව්‍යයන් වෙනුවෙන් සියලු කටයුතු සිදු කිරීමට බලාපොරොත්තුවන බවයි.

එම අවස්ථාවට වැඩම කර සිටි හුණුපිටිය, ගංගාරාමාධිපති කොළඹ නව කෝරළයේ ප්‍රධාන සංඝ නායක ගල්බඩ ඥානිස්සර නාහිමියෝ ඇතුළු සඟරුවන පිරිත් දේශනා කර සෙත් පැතූහ.

කතානායක කරු ජයසූරිය, හිටපු නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ.

නව පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස ගයන්ත කරුණාතිලක මහතාද අද පෙරවරුවේ ආණ්ඩු පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී වැඩ බාරගත්තේය.

මහා සංඝරත්නයේ ආශිර්වාදය මැද කරුණාතිලක මහතා වැඩ බාරගත්තේය. රාජිත සේනාරත්න, රවී කරුණානායක, වසන්ත සේනානායක, හරීන් ප්‍රනාන්දු, තලතා අතුකෝරළ, අර්ජුන රණතුංග, එස්.එම්.මරික්කාර් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

 

  tilanga_201593pic3  

gayantha_201593