සිහල උරුමයේ හිටපු ලේකම් හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිලක් කරුණාරත්න මහතා විපක්ෂ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පානදුර රැලියේ වේදිකාවට අද (10) පැමිණියේය.
සිහල උරුමයේ හිටපු ලේකම් හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිලක් කරුණාරත්න මහතා විපක්ෂ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පානදුර රැලියේ වේදිකාවට අද (10) පැමිණියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතුමා ඡන්ද කාලෙට මතු වෙනවා ආයේ නොපෙනී යනවා.. (හේ)
මෙදා මහින්ද මහත්තයා දිනනවා සිකුරුයි (නි)
අපේ රටේ මැතිවරණ අමුතු ඒවා. සමහරු ඒවා "දිනනවා" නොවෙයි, "දිනාගන්නවා". "පරදිනවා" නොවෙයි "පරද්දනවා".මෙවර ජනපතිවරණය සම්බන්ධයෙන් ප්‍රශ්න දෙකක් තිබෙනවා. 1. ඡන්දය දියයුත්තේ මොන අපේක්ෂකයාටද? 2. ඡන්දයෙන් ජයගන්නේ කවුද? පළමු ප්‍රශ්නයට පිළිතුර හරි පැහැදිලියි. එහෙත්, දෙවැනි ප්‍රශ්නය සඳහා නිවැරදි පිළිතුර සෙවීම හරි අමාරුයි. (නි)
ජන දුකට හැමදාම පිහිට වුන තිලක් මහත්තයා මේ වගේ තීරණයක්,,,අපරාදේ අපිත් කණගාටු වෙනවා ලොකු ජයක් මහින්ද ලබනවා ,, කෘතහස්ත කම එකවර අහිමිකර ගත්තද ..ඔබ නිහඬව සිටියානම් වටිනවා .(හේ)
ඕනවට වැඩිය උඩ පනින්න එපා. 9 වෙනිදා බලමු (නදී)
අපිට නම් මේවා ගැන ගාණක්වත් නැහැ (නි)
මෛත්‍රීපාල සිරිසේන මහත්මයා 60% කට වැඩිය ගන්නවා බුද්දිමත් ජනතාව දන්නවා රටට දැන් මොකක්ද වෙලා තියෙන්නේ කියලා.(නදී)
ගමගේ, ඔයා කොහොමද එහෙම කියන්නේ? (නි)
ව්‍යස්ථා ප්‍රශ්න තිබුනට මේ රටේ සාමාන්‍ය මිනිසුන්ට එහෙම ප්‍රශ්න නැහැ. ඔහෙලා ගැත්තෝ වගේ ජීවත් උනාට අපට එහෙම ඉන්න බැහැ. අපි සමුර්දියෙන් ජීවත් වෙන්නේ නැහැ. ඔබලාට වගේ අපිට එදි නෙදා ප්‍රශ්ණ වලදී දේශපාලුවෝ පස්සේ යන්න බැහැ. එ්ක සුපිරි ජීවිත නොවෙයි නිදහස් ජීවිත. (නදී)
මිල්ටන් මොකක්ද අර නොකරන වැඩේ? එ්ක තමයි ඇත්ත. (නදී)
නැත්නම් අපි 9 වෙනිදාට ඇහැරවන්නම් වතුර බාල්දියක් ඔලුවටම හළලා. අපි ඉන්නේ සංවේදී වෙලා. එනිසයි කියන්නේ මේ ක්‍රමය වෙනස්විය යුතුයි කියලා. දෙන දෙයක් කාලා කියන දෙයක් අහගෙන ඉන්න අයට මේ ක්‍රමය බොහොම හොඳයි. අපිත් එසැණ පුවත් වල ඉන්න සමහර පාඨකයින් ගැන හොඳට දන්නවා (නි)
මෛත්‍රිපාල සිරිසේන මහතාණෙනි මෙය ඔබේ වාරයයි. (ර)
මෛත්රී මහත්තය 60%- 70% ක් අතර නම් ගනී. හැබැයි ඔය කියන 80% නම් හිතන්න අමාරුයි. මහින්ද මහත්තයටත් තවම කැමති සැලකියයුතු පිරිසක් සිටිනවා. ඉන්ටෙර්නෙට් මත විමසීම් සහ සැබෑ ජනමතය විශාල ලෙස වෙනස්. (ර)
ප්‍රතිපත්ති ගරුක දේශපාලකයෙක්. හැමවිටම හදවතට එකඟව තිරන ගත් වැදගත් මහත්මයෙක්. කවදාවත් හොරකම් කලේ නැහැ. එතුමාට ඇතිතරම් සල්ලි තියෙනවා. (ර)
මෛත්රී මහතාගේ ගණන 23.7% කියලයි මම නම් කියන්නේ (නි)
මෛත්රී මහතාගේ ගණන 40%. (ර)
ප්‍රතිපත්ති ගරුක දේශපාලකයෙක්. (ර)
ආයි අලුතෙන් නගින්න දෙයක් නෑ. මෙතුමා එදා විහාරමහාදේවි එකේ හිටියේ මේ වේදිකාවේ තමයි. (ර)
සරත් ෆොන්සේකා, කරු ජයසුරිය, ගෝඨාභය රාජපක්ෂ, වගේ ආනන්ද විද්‍යාලයෙන් ජාතියට දායාද කරපු තවත් නියම මහත්මයෙක්. (ර)
දම්මික, කියනවාවගේ මහින්ද මහත්තයාට කැමති අය හුගාක් ඉන්නවා. ඒ වාගේම ප්‍රතිවාදියාගේ සටන් පාට තමන්ගේ කරගැනීමේ කලාව එතුමා හොදට දන්නවා. (ර)
තිලක් මහත්තයා, මේ රටේ ඉන්න හොදම සිංහලයන් ගෙන් එකෙක්. නියම ශ්‍රී ලාංකිකයෙක්. හොඳ මොලයක්. (නදී)
කරුණාරත්න මහතාට පැහැදිලි දේශපාලන අතීතයක් හෝ අනාගතයක් නොමැති බව ඉතිහාසය ඔප්පුකර ඇත. (නදී)
හිටි තැන මොකක් වුණත් කමක් නැහැ මෛත්‍රී මහතාට සහාය දෙනවා නම් යහපාලනයක් ගෙනයන්නට. (නි)
මගේ අනාවැකිය, මෛත්‍රීට 52%යි, මහින්දට 47%යි, අනෙක් 1%යි. මීට එරෙහිව පිළිගත නොහැකි මෝඩ අදහස් නොදා සිටින්න (නි)
මෛත්‍රීපාල සිරිසේන මහත්මයා 60% කට වඩා ගන්න බව නම් ස්ථිරයි. (නි)
මම බැලුවේ ඉර පායන්නේ කොහෙන්ද කියලා. කට්ටිය එසැන පුවත් වලින් තෝරපු ජනපතිලා අපි එදත් දැක්ක අදත් දකිනවා හෙටත් දකීවි. 9 වෙනිදට කට්ටිය ඔය තම තමන්ගේ ගණන් ටිකත් එක්ක උදේට නැගිටලා බලන්න ඉර පායලා තියෙන්නේ කොයි පැත්තෙන්ද කියලා. (නදී)
ඉර කොහෙන් පැවුවත් මොකද එළිය වැටෙනවා නම්. අපට ඕනෑ ඉරෙන් වෙන්න ඕනෑ සේවය මිස පායන පැත්ත නොවෙයි (නි)
තිලක් දේශපාලන ලෝකයේ හිටි කෙනෙක්. (නදී)
අජිත් කරුණාරත්න, ඔය කියන වේගවත් සංවර්ධන කතාව නම් මුලාවක් කියලයි මම කියන්නේ. සංවර්ධනය වුණේ දේශපාලුවොයි ඔවුන්ගේ හෙංචයියලායි පමණයි. එහෙත් ඔබ කියන අනිත් කරුණු සමහරක් නම් මමත් පිළිගන්නවා. (නි)
ඔයාල මොනවා කිව්වත් මෛත්‍රී මහත්තයා ජයගන්නවා. එ්ක දෙකක් නැහැ මේ රැල්ල නවතන්න මහින්ද මහත්තයාට දැන් බැහැ. එතුමා හොදයි, එතුමාව කෑවේ වටේ හිටිය හොරු. (නදී)
මංගල, යුද්ධය දිනුව එක ඇත්ත. එනිසාම අපේ ජීවිතවල ඉදිරිකාලය අසාධාරනය රජකරන රටක බියෙන් සැකෙන් ජීවත්වෙන්න ඕනෑද? (නි)
මම හිතන්නේ දෙදෙනා අතර ලොකු වෙනසක් තියෙන එකක් නැහැ. හැබැයි මෛත්‍රී මහත්තයා දිනන්න තිබෙන අවස්ථාව වැඩියි. කවුරු දිනුවත් 5-10% අතර වෙනසක් තිබේවි (නි)
රොකී මහත්මයා, රටේ හැමෝම දන්නා මේ කට්ටිය කළ සහ කරන ක්‍රියා ගැන. මම නොපිළිගන්නවා නොවෙයි. ඒවාත් සමඟ තමයි මේවාත් කරලා තියෙන්නේ. නමුත් මම කිව්වේ රටේ පැතිරී ඇති චෝදනාවලින් මිදී ගෞරවනීය ලෙස විශ්‍රාම ගන්න තියෙන හොඳම අවස්ථාව මේක නිසයි. (නි)
තම තමන්ගේ පක්ෂපාත කම් අනුව තමන් දිනනවා කියල ගණන් හදා ගන්න පුළුවන්. එ්ත් 2010 මහින්ද ගත්ත වැඩි ඡන්ද ලක්ෂ 18 ක්. අනිත් පැත්තට හරවන එක ලේසි වැඩක්ද කියල හිතල බලන්න. (නදී)
9 වෙනිදට අපි නැගිටලා බලන විට බන්දුල පෙරේරා රට පැන ඇති බව ආරංචි වනු ඇත. (නදී)
දම්මිකගේ අදහස සමග මමත් එකග වෙනවා. රැස්වීම් වල සෙනඟ ඉන්න ගණනින් ඡන්ද ප්‍රතිශතය මනින්න බැහැ. 80% කියන්නේ හිතන්න පුළුවන් ගණනක් නෙමෙයි. 60%-70% අතර ගණන ප්‍රායෝගිකයි. එදා චන්ද්‍රිකාට 62% ක් ගන්න කොට තිබුනට වඩා මෛත්‍රී මහත්තය අද ඉදිරියෙන් ඉන්නේ ස්වල්පයක් පමණයි. 65% තමයි මගේ ගාන. (නදී)
අනේ ඇයි මේ වගේ චන්ද පදනමක් නැති පුද්ගලයෙක් ගැන වාද කරන්නේ ? එතුමා හොඳ ව්‍යාපාරිකයෙක් හොඳ දේශපාලකයෙක් නම් නොවෙයි.(හේ)
මහින්ද ජනාධිපතිතුමා 30 වසරක යුද්ධය දිනාගන්න ලොකු මෙහෙවරක් කළා. රට තුල වේගවත් සංවර්ධන ක්‍රියාදාමයකුත් ගෙන ගියා. මේවා එතුමා ඉතිහාසයට එක්වන අනගි කාර්යයන්. හැබැයි මම කියන්නේ එතුමා 17 වෙනි ව්‍යවස්ථාව අකුලලා 18 ව්‍යවස්ථාව අනුමත කරවාගෙන කර ගත්තේ ලොකු මෝඩ කමක්. එම බල තන්හාව පැත්තකට දාල ජනාධිපතිට තිබෙන විධායක බලතල ඉවත්කරලා 17 නැවත බලසහිත කරලා බැසිල් මහත්තය හෝ ගෝඨාභය මහත්තය ජනාධිපති වරණයට ඉදිරිපත් කළා නම් , රටේ ජනතාව අවුරුදු සිය ගණනක් කතා කරනවා මහින්ද මහතා ගැන. දැන් වෙන්නේ පැරදුනොත් අපකීර්තිමත් ජනාධිපතිවරයෙක් විධියට ගෙදර යන්න. මම කියන්නේ දැන් උනත් 17 ව්‍යවස්ථාව යලි බල ගන්වන්න ප්‍රමාද නැහැ. එහෙම කලොත් ජනවාරි 8 වෙනිදට ජනතාව දෙන ප්‍රතිචාරය යහපත් එකක් වේවි. නැත්නම් ස්ථිර වශයෙන්ම පරාජය උරුම වේවි. (නදී)
අජිත් මහත්තයෝ, ඔබතුමාටවත් ඔය කොළඹ සුපිරි පැලැන්තියටවත් එයාලට බණ කියන සමහර සුපිරි හාමුදුරුවරුන්ටවත් ඔය ව්‍යස්ථා ප්‍රශ්න තිබුනට මේ රටේ සාමාන්‍ය මිනිසුන්ට එහෙම ප්‍රශ්න නැහැ.ඔවුන් දන්නේ රටේ නායකයා ,ජනතාව බලය දුන් පුද්ගලයා රට පාලනය කරනවා කියන එක විතරයි..ඔය හීන ලෝකෙන් අවදිවෙන්න මහත්තයෝ. නැත්නම් අපි 9 වෙනිදාට ඇහැරවන්නම් වතුර බාල්දියක් ඔලුවටම හලලා. අපි මේ එසැණ පුවත් වල ඉන්න පාඨකයින් හඳුනන්නේ අද ඊයේ නෙමෙයි මහත්තයෝ. (නි)
තිලක් කරුණාරත්න මෙහිදී අවශේෂ පුද්ගලයෙක්. මෛත්‍රී දිනන බව නම් සියයට දාහක් සුවර් (නදී)
රොහාන්ගේ කියමනත් මසුරන් වටිනවා. මහින්ද මහත්තයා මේක පිළිගත්තොත් හොඳ ජ්‍යෙෂ්ඨ ජනාධිපති කෙනෙක් හැටියට ජීවත් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අබ සරණ තමා. (නදී)
අජිත් මහත්තයෝ..ඔබ තුමාටවත් ඔය කොලඹ සුපිරි පැලැන්තියටවත් එයාලට බන කියන සුපිරි හාමදුරුවරුන්ටවත් ඔය ව්‍යවස්තාවන් ප්‍රශ්න තිබුනට මේ රටේ සාමාන්‍ය මිනිස්සුන්ට එහෙම ප්‍රශ්න නැහැ..ඔවුන් දන්නේ රටේ නායකයා ,ජනතාව බලය දීපු පුද්ගලයා රට පාලනය කරනවා කියන එක විතරයි.. ඔය හීන ලෝකෙන් අවධිවෙන්න මහත්තයෝ.. නැත්නම් අපි 9 වෙනිදට ඇහැරවන්නම්. වතුර බාල්දියක් ඔලුවටම හලලා.. ඕනනම් හිරුනිකාගේ අයිස් බකට් එකකුත් ඉල්ලාල දෙන්නම් ඇහැරුනාට පස්සේ නා ගන්න..අපි මේ එසැන පුවත් වල ඉන්න හාදයෝ අදුනන්නේ අද ඊයේ නෙමෙයි මහත්තයෝ..කට්ටියට කියන්න වෙන්නේ පවු කියල තමයි..(ස)
තිලක් කරුණාරත්න මහතා තමා මුලින්ම සිංහල ජනතාව වෙනුවෙන් තම මන්ත්‍රී කම කැප කළේ. සැබෑ දේශප්‍රේමී මහත්මයෙක්. සාදාරන ව්‍යාපාරිකයෙක්. ඔබ තුමා වගේ අය අනිවාර්යෙන් පාර්ලිමේන්තුවේ ඉන්නම ඕන ජය වේවා ! (නදී)
මෛත්‍රිට 40% වැඩිය ගන්න බැහැ කියලයි මම කියන්නේ. ගියපාරත් හිතුවේ ජෙනරල් උඩින්ම දිනයි කියලනේ. ඒත් මොකද වුණේ? පරිගණක ජිල්මාර්ට් කියලා කිව්වට ඇත්තටම ඡන්ද ගණන්කරන්න යන අය දන්නවා එහෙම කරන්න බැහැ කියලා. ඒවා බොරු කතා පරාජය වහගන්න. මහින්ද කොහොමත් දිනනවා. 55% ගන්නවා. (නි)
නුවරට ආ සෙනඟ තොගය දැකලා සමහරුන්ට එහෙම හිතෙන්න ඇති. හැබැයි මගේ ගානත් 65% යි. අපි බලමුකෝ 8 වෙනිදායින් පස්සේ (නි)
මම පොදු අපේක්ෂක මෛත්‍රිපාල මැතිතුමාගේ රැස්වීම් ඔක්කොටම ගියා . පොලොන්නරුව , මහනුවර , පානදුර , මතුගම . මිනිස්සු හරියට මේරු මතුවෙනවා වගේ හිටියේ මම කවදාවත් දැකල නෑ ඒ වගේ සෙනග ලංකාවේ රැස්වීම්වල . මේ මිනිස්සු බස් වලින් ඇදපු මිනිස්සු නොවේ . තම කැමැත්තෙන් ආපු මිනිස්සු . මෙතුමා දිනනවා . (හේ)
හොර වැඩ නොකලොත් මෛත්‍රී 60% කට වඩා ගන්නවා (නදී)
ජය වේවා ඔබට! (නි)
ඇත්තම ප්‍රතිපලේ මහින්ද 53/ මෛත්‍රී 46/ (නදී)
වැඩක් වෙන්නේ කාටවත්.(හේ)
මම කියන්නේ මහින්ද 50.45%යි. මෛත්‍රී 48.87%යි. (නි)
මගේ නම් අදහස මහින්ද මහතා තාම ඉදිරියෙන් කියලා. වෙනස තියෙන්නේ ඡන්ද ලක්ෂ 3ක් 4ක් අතර කියන්න පුළුවන්. පක්ෂයෙන් කඩා ගෙන එන පිරිස අනුව හා ප්‍රතිපත්ති ජනතාවට දැනෙන විදිය අනුව තමයි මෛත්‍රී මහතා ගේ දිනුම තීරණය වෙන්නේ. ගම්පහ, රත්නපුර, කුරුණෑගල වගේ දිස්ත්‍රික්ක වලින් වැඩිපුර ඡන්ද අවශ්‍යයි (නදී)