ඉන්ධන ජාවාරමක් සම්බන්ධයෙන්  සැක පිට පොලිස්  විශේෂ කාර්ය බළකාය හබරණදී අත් අඩංගුවට ගත්  තෙල් බවුසරයක්  හබරණ පොලීසියට භාර දීමට රැගෙන යද්දී  එහි  රියදුරා බවුසරය ඇළකට පෙරැළිම සම්බන්ධයෙන්  පරික්ෂණයක් අරඹා ඇතැයි පොලීසිය කියයි.

ඉන්ධන ජාවාරමක තොරතුරු වසන් කැර ගැනීම සඳහා  රියදුරා විසින් මෙම අනතුරු හිතාමතාම  සිදු කරන්නට ඇතැයි පොලීසිය සැක කරයි.

බවුසරයේ තෙල් හබරණ රක්ෂිතයේ ඇළ මාර්ග වලට කාන්දු වීම නිසා එහි මසුන් ,ඉබ්බන් ආදී ජලජ සතුන් රැසක් සතුන් මිය යෑමට ද පටන් ගෙන ඇත.