හමුදා රියක් දඹුල්ල බුලාගල තල ගසක හැපී ගස රිය මතට කඩා වැටී සෙබළු හත් දෙනෙක් තුවාල ලැබුහ.
පිපී තිබුණු තල මල ද සමඟ ගස ඉවත් කර එක් සෙබළකු බේරා ගැනීමට පැය එකහමාරක් පමණ ගත විය.
හමුදා ප්‍රදර්ශනයකට සිප්පිකටු රැගෙන ඒම සඳහා එම රිය අලිමංකඩ ගොස් එමින් සිටියදී මෙම අනතුර සිදු විය.
අනතුර වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන්ට හමුදාවෙන් බව කියන පිරිසක් අවහිර කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපගේ බලවත් කණගාටුව! (නි)
අපේ රට දිනා දුන් රණවිරුවන්ට ඉක්මන් සුවය ලැබේවා! අපේ ලොකු ලොක්කෝ අවශ්‍ය දේ නොවේ කරන්නේ. බොරු පුරාජේරු කියලා මිනිස්සු රවට්ටනවා (නි)
පාරවල් අසල ඇති සියලුම ගස් වහාම ඉවත් කළ යුතුයි. පළමුව ටික ටික අසල ඇති කඩ සහ ගෙවල් ඉවත්කර මිනිසුන්ට තහනම් කලාපයක් කළ යුතුයි. මහපාරත් දැන් සීමිත පිරිසකගේ දේපොළක් වෙලා. මම වැරදි නම් මට හොඳට දොස් කියන්න. (නි)
කාට වුණත් වේගය මරු කැඳවයි. (ස)
අපේ සිංහ පැටවුන්ට ඉක්මනින් සුවය ලැබේවා. (ස)
පළමුව සියලු දෙනාටම ඉක්මන් සුවය පතනවා. නමුත් A -9 මාර්ගයේ රිය පදවන රියදුරන් ගේ වේගය නම් උපරිමයි.ඒ නිසා ඉතා කල්පනාකාරීව සෙමින් රිය පදවන්න. (ස)
අපේ වීර කොල්ලන් ඉක්මනින් සනීප වේවා! (නි)
ඉක්මන් සුවය ලැබේවා අපේ වීරයන්ට! (නි)
ඉක්මන් සුවය ලැබේවා. (ස)
කොළඹට සිප්පි කටු ගේන්න ගිය දුර මදි.... නිලධාරීන් කල්පනා කලයුතු අනවශ්‍ය දුරගමනක් ... (දී)
ඇති ඔයින් ගියා (දී)
මාධ්‍යවේදීන්ට අවහිර කරන්න ඇත්තේ මෙතන මොකක් හරි කියන්න බැරි වැඩක් ඇති (දී)
තල මල අශුභ කතාවකුත් තියෙනවා නේද? අපේ විරුවන්ට ඉක්මන් සුවය පතමි. (දී)
අපේ විරුවන්ට ඉක්මන් සුව! (දී)
ප්‍රියකුමරගේ කතාව හරි. වෙන රටවල් වල මාර්ග දෙපස ක්ලියර් සෝන් කියල එකක් තියනවා. ලංකාවේ පාර මැදත් ලයිට් කණු. (දී)
තුවාලලත් සියලු සෙබළුන්ට ඉක්මන් සුව ලැබේවා.වේගය හැමදේටම මුල.මිට වඩා කල්පනා කාරී වියයුතුයි වටිනා ජීවිත නැති කර ගන්නේ නැතිව.නන්ද පනාගොඩ, ප්‍රදර්ශනයක් කියන දේවත් තේරුම් ගන්න බැරිද.? එක් අයකුට සිමා උන දෙයක් නෙමේනේ ඒක .මහජන මුදලින් ලෝකේ වටේ සවාරි යන අය ගැන මොකද කියන්නේ.? වැරදිනම් කව්රු කරත් වැරැද්ද එත් මේවගේ දේ විතරයි අපේ සමහරුන්ට පේන්නේ (දී)
ඉක්මන් සුවය පතනවා සියලු දෙනාටම (දී)
මේ තියෙන කොමෙන්ට්ස් දෙක්කම හිනා යනවා පාර දෙපෙත්තේ තියෙන ගස් කපල මේ අනතුරු නැති කරන්ට පුලුවන්ද.මේකේ වැරැද්ද ගස් නෙමෙයි වාහනේ පදවන පුද්ගලයා. (දී)
මගේ බලවත් කනගාටුව මොවුන් හට . (දී)
හමුදා ප්‍රදර්ශනේට 'සිප්පි කටු' ගෙන්න මෙතරම් මහජන මුදල් වැය කරන්න කවුද ඉඩ දුන්නේ. වහාම පරීක්ෂණයක් පවත්වන්න. මේවා දුප්පත් අපේ මුදල්. (දී)
මදැයි (දී)
මට තියෙන ප්‍රශ්නේ මොකටද මාධ්‍යට බාධා කලේ (දී)
මොකද්ද ප්‍රදර්ශනය ඇත්තටම මම දන්නේ නැහැ (දී)
අවාසනාවට ලක් වූ හමුදා පැටව් ටික ඉතා ඉක්මනින් ඉන් මිදේවා!!! තල මලක් පිපෙන එක අසුබ සංසිද්ධියක් කියල ජන විඥානයේ කිඳා බැස පවතින බව මත ඇත. (ස)
අපේ රණවිරුවන්ට ඉක්මන් සුවය ලැබේවා (දී)
ඇත්තටම මාධ්‍යට කලේ මොකද ඔබ තුමන්ලා (දී)
මෙහෙමත් නාස්තියක්...! (දී)
රණවිරුවන්ට ඉක්මන් සුවය ලැබේවා! (දී)
ප්‍රියකුමාර,සියලුම රියදුරන් ඉවත් කළා නම් අනතුරු නැහැ නේද? (නි)
ඉක්මන් සුව ලැබේවා! (නි)
පළමුව කළයුත්තේ අසාධ්‍ය රෝගියාව රෝහලට ගෙනයෑමයි. මෙය අමතක කරන්නවුන්ට මෙම රිය අනතුර පාඩමක් බව මතක තියාගනිමු. ඉහළ අණ සුරකින රණවිරුවන් 7 දෙනාටම තෙරුවන් සරණයි! (නි)