IMG-LOGO

තෙල් කාන්දු හොයන වැඩෙි ’’චන්ද්‍රිකාට’’ දෙන්න කැබිනට් පත්‍රිකාවක්

(අංජුල මහික වීරරත්න)

මෙරට මුහුදු තීරයයේ ගමන්ගන්නා නැව් මගින් සිදුවන තෙල් කාන්දුවීම් නිරීක්ෂණ සේවාවන් චන්ද්‍රිකා තාක්ෂණය මත පදනම්ව ලබා ගැනීමට අදාළව ප්‍රංශ රජය සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹීම සඳහා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් කැබිනට් පත්‍රිකාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබ ඇත.

ඒ අනුව වසරක කාලයක් සඳහා බලපැවැත්වෙන පරිදි චන්ද්‍රිකා තාක්ෂණය මත පදනම් වූ තෙල් කාන්දුවීම් නිරීක්ෂණ සේවාවට අදාළව ප්‍රංශයේ Collected Localization Satellites (CLS) සමාගම සමඟ අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමේ බලය සමුද්‍රීය පරිසර අධිකාරියේ සභාපතිවරයාට පැවරීමට ද අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව මගින් යෝජනා කර තිබේ.  

ව්‍යාපෘතියේ සම්පූර්ණ වටිනාකම යුරෝ 601,810.00කි. 

එය ප්‍රදානයක් ලෙස Localization Satellites (CLS)  ලබාදීමට යෝජිතව ඇත. 

මෙම ව්‍යාපෘතිය සිදුකිරීම සඳහා සම්පූර්ණ මූල්‍ය පිරිවැය ප්‍රංශ රජයෙන් දරනු ලැබේ. එබැවින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට ලංකා රජයට පිරිවැයක් දැරීමට සිදුනොවන බව අමාත්‍යාංශය පවසයි.

මෙරට මුහුදු තීරය ආශ්‍රිතව නැව් ගමන් ගන්නා මාර්ග හඳුනා ගැනීම, එම දූෂකයන්ට එරෙහිව ක්ෂණික ප්‍රතිචාර මෙහෙයුම හා නීතිය ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේද දියුණු කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණු අතරවේ.

 



අදහස් (3)

තෙල් කාන්දු හොයන වැඩෙි ’’චන්ද්‍රිකාට’’ දෙන්න කැබිනට් පත්‍රිකාවක්

සල්ලි Thursday, 27 July 2023 04:55 PM

පුදුම ආදරයක් අපිට තියෙන්නේ . එන්න මිතුර අපි ප්‍රසන්නගේ වදන් විශ්වාස කරමු .

:       0       0

නිහාල් Thursday, 27 July 2023 10:07 PM

කප්පම් ගන්න අය අල්ලන්නත් චන්ද්‍රිකා තාක්ෂණය පාවිච්චි කරන්න පුළුවන්

:       0       0

සල්ලි Friday, 28 July 2023 07:09 AM

පිටරටින් පිනට ලැබෙන දේට පොටෝ දාගන්න දේශපාලකයින් හරිම ආදර්ශමත් ... ඔය පිනට ලැබෙන එවායේ කලු පැත්ත ඕකා දන්නේ වත් නැතුව ඇති...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 145 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 433 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site