
(සුමිත් පොතුපිටිය)
කිව් ආර් කේතයට ඉන්ධන ලබාගැනීමට යාමේදී වෛද්‍යවරයෙකුට පහරදුන් පොම්ප කරුවෙකු අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර නල්ලූරුව ඉන්ධන පිරවුම්හලේ පොම්ප කරුවෙකු බව පොලිසිය කීය.
පහරකෑ වෛද්‍ය වරයා මෝටර් රථයට ඉන්ධන ලබාගැනීම සදහා තවත් තිදෙනෙකු සමග පැමිණ තිබේ. එහිදී කිව් අර් කේතයේ ඉතිරිව ඇති රුපියල් 4000ක ප්‍රමාණයට වඩා ඉන්ධන ඉල්ලුම් කිරීමේදී දෙදෙනා අතර කතාබහක් සිදුව ඇති බවට හෙලිව ඇතැයි පොලිසිය කීය.
පසුව පිරවුම්හලේ ආරක්ෂක නිළධාරියාද තල්ලුකර දමා පොම්පකරුගේ කනට පහරක් එල්ල කර ඇති අතර , අත්අඩංගුවේ පසුවන පොම්පකරු පොල්ලක් රැගෙන එලව එලවා පහරදී ඇති බව සදහන්වේ.
ගැටුම සිදුවන අවස්ථාවේ වෛද්‍ය වරයා සමග පැමිණි තිදෙනා වෛද්‍ය වරයා තනිකර පලගොස් ඇති බවත්, පොම්පකරුට පහරදීම සම්බන්දයෙන් අනෙක් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නියමිත බවත් පොලිස් නිළධාරීයෙක් කීය.
පහරකෑ වෛද්‍ය වරයා රෝහල් ගතව ඇති බවත් ඔහු බන්ධනාගාර රෝහලක රාජකාරි කරන අයෙක් බවටත් දැනගන්නට ලැබී ඇති බවද පොලිසිය කීය.
සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධ්කරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූණි .
ජේෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ සහ සහකාර පොලිස් අධිකාරී නිශාන්ත සේනාරත්න යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි මූලස්ථාන පොලිස් පරීක්ෂක (වැබ) ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ් ජී විජේතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් අපරාධ අංශ නිළධාරීන් පරීක්ෂණ පවත්වති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
system change කරන්න ඉතින් හදන්න පුළුවන් මිනිස්සු ඉන්නත් එපෑ. පොම්පකරුගෙයි දොස්තර ගෙයි උගත් කම වෙනස් උනාට හැසිරීමේ වෙනසක් නෑනේ. වැඩක් තියෙනවද ඉතින්!
දොස්තරයි, සෙට්එකයි හොඳට බීලා, ඒකෙ සැර බස්සගත්තු විදිය තමයි ඔය. මමත් මේ වෙලාවේ මෙතන හිටියේ... ඔය කොල්ලෝ ඔය මිනිස්සුන්ට ඉල්ලපු විදියට QR කේතයට පිටිනුත් ඉන්ධන ලබාදෙනවා. බැලුමක්වත් පුම්බන්නේ නැතුව පොලිසියට ගිහිල්ලා බේරිලා යන්න පුළුවන්... රියල් චණ්ඩි තමයි ඔය. කාපු එකමයි හොඳ, තමන්ගේ නිලයයි, බලයයි අයුතු විදිහට පාවිච්චි කරන මනුෂ්‍යයා.
ඔව් ඔව්.. කළුතර බන්ධනාගාර දොස්තර ඇතුළු බන්ධනාගාර නිලධාරීන් හතර දෙනාම හොඳටම බීලා පාන්දර 05.30 පමණ එන්නේ... පොම්පකරුන්ට තග දාලා QR කේතයට පරිබාහිරව තෙල් ගහගෙන ඔවුන් ගුටි කාලා... පසුව මුගුරකින් පහර දීලා පන්නලා දාලා... දොස්තර ඉතුරුවෙන්නේ ඉතුරු කට්ටිය පැනල දුවනවා.. පානදුර පොලීසියේ පැමිණිලි අංශයේ නිලධාරීයා දොස්තරගේ පැමිණිල්ල පමණක් භාර අරගෙන අහිංසකයින්ගේ පැමිණිල්ල භාර ගන්නෙත් නෑ.. පොම්පකරුව පමණක් සිරගත කරනවා... මූ නම් දොස්තර කියලා කියන්න බෑ..
දොස්තරට තෙල් බේරෙන්න දීලා වගේ
විනය, ඉවසීම සහ හික්මීම නැති තැන මෙවනි දේවල් සිදු වෙනවා.