බාල පෙට‍්‍රල් ගෙන්වූ සියලූ නිලධරයනට කිසිම සමාවක් නොදෙන බවත් කමිටු නිර්දේශ වහා ක‍්‍රියාත්මක කරන බවත් ඛනිජ තෙල් ඇමැති සුසිල් පේ‍්‍රම ජයන්ත මහතා පැවැසීය. වගකිවයුත්තන්ගෙන් අලාභය අය කැර ගන්නා බව ද වන්දි ගෙවිය යුතු වාහන හිමියනට වන්දි ගෙවන බව ද ඇමැති කීවේය. වාහන හානි ගැන පැමිණිලි 2000ක් පමණ ලැබී තිබිණි.