ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් මිල පහළ යෑමේ වාසිය නිසි ආකාරව තවම මහජනතාවට ලබා දී නැතැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පැවසීය.
පසුගිය වසරේ අගෝස්තු මාසය වන විට ලෝක වෙළඳපොළේ බොරතෙල් මිලට වඩා අද මිල සෑහෙන්න අඩුවී ඇතැයි ද ඔහු කීවේය.
පසුගිය මාස දෙක ඇතුළත ද බොරතෙල් බැරලයක මිල සීඝ්‍ර පහත බැසීමක් ඇතැයි ද, ඔක්තෝබරයේ ඩොලර් 51 (රුපියල් 7326.40) තීබු බැරලයක අද මිල ඩොලර 36.38 (5226.17) බව ද ඔහු සඳහන් කළේය.
තෙල් පිරිපහදුවක් ඉදි කිරීමට යැයි කියමින් 2007 දී ජනාධිපතිගේ ද සහභාගීත්වයෙන් සපුගස්කන්නේ මුල්ගල් තැබීමේ උත්සවයක් පැවැත්ය ද අද වන තුරු එය ඉදි කර නැති බවත්, දැන් මුල්ගලවත් සොයා ගත නොහැකි බවත් හේරත් මහතා කීවේය.
ලංකාව පෙට්‍රල්, ඩීසල් වෙන වෙනම ගෙන්වනවා වෙනුවෙට බොරතෙල් ලංකාවට ගෙනැවිත් පිරිපහදු කරන්නේ නම් වියදම අඩු කර ගත හැකි බව ද ඔහු සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් දැන්වත් යහපාලනයෙන් වත් කරගන්න බලමු. (කෞ)
ඒ කතාව නම් ඇත්ත (නි)
ඔව් ඔව් ඔක්කොම නිකන් දුන්නහම හරි (නි)
ඔව්. තිබෙන ඔක්කොම අඩුවට දීලා ලෝකෙට ණය වෙමු. අපිටත් වාහන තිබෙනවා තමයි. ඔය දැන් තිබෙන මිල අපිට හොඳයි. ආණ්ඩුව ගෙනියන්නත් සල්ලි ඕනෑ. ඒකේ වාසිය ඒ අය ගත්තදෙන් රට සංවර්ධනය කරන්න (නි)
පහුගිය ආණ්ඩුව කාලේ කවදාවත් ලෝක වෙළඳ පොළේ තෙල් මිල අඩුවෙලාම නැද්ද? (නි)
ඡන්දය ළංවෙද්දී තෙල් අඩුකරයි. (නි)
සුරන්, ඔයා මෙතන ලිය ලියා ඉන්නේ නැතුව පැලවත්තේ ජවිපෙ ප්‍රධාන කාර්යාලයටම ගිහිල්ලා කෙළින්ම කියන්න. (නි)
බොරුවට සුළු කරුණු කාරණා අල්ලගෙන කෑගහන එක නම් අපි අනුමත කරන්නේ නැහැ (නි)
මට නම් හිතෙන්නේ මෙයාලා නිසා තමයි රට හරියට කරන්න බැරි (නි)
සුරන්, බයිලා කියන්න එපා. මේගොල්ලෝ ඉන්නේ කඩේ ඇතුළේ. කඩේ යන්න දෙයක් නැහැ. (නි)
මෙයාලා ඉතින් මොනවාහරි එකක එල්ලිලා මාස ගණනක් කෑ ගහනවා. (නි)
අයවැයෙන් ලැබුන දේ මදිද? (ස)
බොරුවට ජනමාධ්‍ය ගෙන්වලා ප්‍රකාශ නිකුත් නොකර කෙලින්ම රජය එක්ක කතා කලානම් තමා හොඳ. මොකද මෙයාල රජයට කඩේ යන කට්ටියනේ. (ස)
ලෝකේ තෙල් මිල ඉහල යනකොට ලංකාවේ මිල ඉහල දාන්නනම් ආණ්ඩුවක් ඕනෑ නැහැ කිව්වෙත් මේ ගොල්ලම නේද ?? ඉතින් පහල යනකොටත් ඒකම තමයි . (ස)