‘හිටපු ජනාධිපති ජේ ආර් ජයවර්ධන මහතාට 1977 දී, විධායක ජනාධිපති ක‍්‍රමය රට ඉදිරියේ තබන්නට සිදුවුයේ සිරිමාවෝ බණ්ඩාරනායක හිටපු අගමැතිනිය සමගි පෙරමුණ ආණ්ඩුවේ සිටි වාමාංශිකයන් යැයි කියාගත්ත සමාජවාදය, සර්ව සාධාරණත්වය සහ සමානාත්මතාවය පිළිබඳව කතා කළ විද්වත් ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා මහතා හැදු 1972 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව නිසා’ යැයි ඕස්ටේ‍්‍රලියාවේ සංචාරයක යෙදී සිටින එක්සත් ජාතික පක්‍ෂයේ පාර්ළිමේන්තු මන්ත‍්‍රී නීතීඥ විජයදාස රාජපක්‍ෂ මහතා එසැණ සමඟ කළ සම්මුඛ සාකච්ජාවකදී පැවසීය.
‘එදා සමගි පෙරමුණ රජයේ 1972 ව්‍යවස්ථාව හේතුවෙන් සොල්බරි ව්‍යවස්ථාවේ 29 වැනි වගන්තිය අහෝසි කිරීමෙන් සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් අහිමිවීම හේතුවෙන්, අමිර්ත ලිංගම්ගේ නායකත්වයෙන් වඩුක්කොඩෙයි සම්මේලනය පවත්වා දෙමළ ජනතාවට වෙනම රාජ්‍යක් ඇතිකිරීමට පාර එළි කැර දුන් නිසා යැයිද වේලුපිල්ලේ ප්‍රභාකරන් හටද එය හොඳ අවස්ථාවක් වී යැයි රාජපක්ෂ මහතා කීවේය.
තවද එම ව්‍යවස්ථාවෙන් ශ‍්‍රී ලංකාවේ අධිකරණසේවා, රාජ්‍යය සේවා යන කොමිෂන් සභාවන් අහෝසිකැර ඇමැති මණ්ඩලයට ඒකාධිපතිව හැසිරෙන්නට ආණ්ඩුක‍්‍රමයෙන් බලතල දුන් බවද පැවසූ ඒ මහතා, ජේ ආර් ජයවර්ධන මහතාගේ විධායක ජනාධිපති ක‍්‍රම ව්‍යවස්ථාවද දෝෂ දර්ශනයට ලක් කළේය.
ජේ ආර් ව්‍යවස්ථාව ජනතාවට නරක සහ භයානක ප‍්‍රතිපල ගෙන දෙන්නක් බවද ඔහු කීවේය.
ආර් ප්‍රේමදාස ජනාධිපතිවරයාත්, චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියත් වත්මන් ජනාධිපතිවරයාත් මෙම ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන බවටත් ව්‍යවස්ථාදායකයට වගකියන තනතුරක් ඇතිකොට ප‍්‍රජාතන්ත‍්‍රවාදිව රට පාලනය කරන බවටත්, ජනතාවට පොරොන්දු දීමෙන් යැයිද ඔහු කීවේය.
වත්මන් එක්සත් ජාතික පක්‍ෂය ඉදිරි මැතිවරණයන් වලට ඉදිරිපත්වීමට පෙර, ජනතාවට එජාප ව්‍යවස්ථා කෙටුම් පතක් ඉදිරිපත් කිරීමත්, එය අනුව, යෝජනාවලියක්ද ඉදිරිපත්කර, ජනතා අදහස් විමසා , එය සංවාදයකට යොමුකොට, නව ව්‍යවස්ථාව ජනතාව අතරට පළමුව පත්කිරීම ප‍්‍රධානම අරමුණ බව පැවසූ රාජපක්‍ෂ මහතා, කෝට්ටේ මාදුළුවාවේ සෝභිත හිමියන් පසුගියදා ඉදිරිපත්කළ යෝජනාවලියේ දැනට පවතින ව්‍යවස්ථාවටම ඉදිරිපත්කළ කුඩා කොටසක් පමණක් බවත්, එජාප නව ව්‍යවස්ථාව සම්පූර්ණයෙන්ම අලුත් ව්‍යවස්ථාවක් බවත්, එයට සෝභිත හිමියන් එකඟතාවය පළකල බවත් රාජපක්ෂ මහතා සඳහන් කළේය.
එම මහතාගේ මෙම සංචාරය සංවිධානය කර ඇත්තේ එජාප මෙල්බර්න් ශාඛාවය, එහි සභාපති සිරිල් ධර්මවර්ධන, ලේකම් නාලක නවගත්තේගම සහ භාණ්ඩාගාරික සුනිල් සොයිසා යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් මෙනෑෂ් සරසවි ශ‍්‍රවණාගාරයේ මෙම නව ව්‍යවස්ථාව පිළිබඳව විශේෂ දේශනයද පැවැත්විණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට පොන්නම්බලම් 1940දී පනහට පනහ ඉල්ලුවෙ කොල්වින්ගෙ ව්‍යවස්ථාව නිසාද? ගහ දන්නා අයට කොළ කඩා පාන්න එපා. (නි)
එහෙනම් මොකද ඔයා කොහේද ඉන්නේ.
සුද්දාගෙන් අපිට සම්පුර්ණ නිදහස ලැබුනේ 1970 මැයි 27 වනදා සමඟි පෙරමුණු ආණ්ඩුවට ලැබුණු 2/3 ජනවරම නිසා.එතෙක් දෙමළ නියෝජිතයන් සුද්දගේ පස්සෙන් ගොස් බලා සිටියා ඉන්දියාව පකිස්ථානය වෙන්කරා සේම සුද්ද ලවා ලංකාව දෙකඩ කිරීමට.නමුත් අපි 1972 ජනරජයක් වුනාට පස්සේ තමයි දෙමළ ත්‍රස්තවාදීන්ට රට කඩාගන්න උවමන වුනේ.අද අපි සුද්දගේ යටතේ හිටියා නම් වෙන්න තියෙන හරිය සිංහලයට වෙලා හමාරයි. (ස)
ලෝකෙම කාපු මාක්ස් ලෙනින් වාදය මෙරටට හදුන්වාදුන් අයත්, අදට එක බදාගෙන ඉන්න අයත්, මෙරටේ පරිහානියට සම්පුර්ණයෙන් ම වග කියන්න ඕන. මේ ජරා කොමියුනිස් වාදය 20 වෙනි සියවසේ නැතිවූ මිනිස් ජීවිත මිලියන 150 කට වගකියන්න ඕන. (අ)
ඕවට තමයි කියන්නේ විජේදාසගේ හිටිවන බයිලා කියලා, අනේ අපි නොදන්නා බොක්සින් ,. එජාප තොත්ත බබාලා.(නදී)
අර සුද්දෝ දීපු විදියට කරගෙන උන්නනම් ඉවරයි නේ. වැඩි වැඩ වලට ගිහින් ත්‍රස්තවාදය ඇතිකළ, අධ්‍යාපනය කාල දැම්ම. පරිපාලනය මුදල් රෙගුලාසි, මාර්ග නීති, මේ සේරම කල දැම්ම, අන්තිමට මිනිස්සුන්ට කැමති නියෝජිතයෙක් පාර්ලිමේන්තුවට පත්කරලා යවන්න තිබුණු අවස්ථාවත් නැතිකරලා පක්ෂයක නායකකම අල්ලාගෙන රජවෙන එක්කෙනාගේ හෙන්චියල රොත්තෙන් එකෙකුට ඡන්දෙ දීල පාර්ලිමේන්තු යවන්න සිද්ද වුණා.(අ)
කොල්වින් වැරදිද? සෝල්බරි ව්‍යවස්තාවේ 29 වගන්තියෙන් සුළු ජාතීන් ලෙස දෙමල, මුස්ලිම් ජනයට පහසුකම් කිහිපයක් තිබු බව ඇත්ත එයින් අදහස් කලේ මහා ජාතිය වැඩි වරප්ප්‍රසාද ලබන බව නොවෙයිද?එසේ වුකල කිසිම දිනක මොවුන් අතර සමගියක් ඇති වෙයිද?මගේ පුංචි මොලයට තේරුන විදියට නම් කොල්වින්ට අවශ්‍ය වුනේ එය නැති කිරීමයි. එය වැරදිද?ඇමෙරිකාව කැනඩාව ඔස්ට්‍රේලියාව නවසීලන්තය වැනි රටවල විශාල සුළුජාතින් ප්‍රමාණයක් ඇතිමුත් කිසිවෙකුටත් එලෙස වෙනම වරප්ප්‍රසාද තිබෙයිද.දෙශපාලඥයන් හැමදාම කළේ වැරදි කොන රට වැසියන්ට පෙන්වීමයි.මා දන්නා තරමින් එදා කොළඹ අය යම් අපහසු තාවයකට පත්වුණත් යාපනේ වැසියෝ යහපත් හොද ජීවිතයක් ගත කල විවෘර්ත ආර්ථිකය සියල්ල කණපිට පෙරලුව එයයි සත්‍යය (අ)
ව්‍යවස්ථාවේ නෙමෙයි වැරැද්ද තියෙන්නේ පුද්ගලයන්ගේයි (නි)
දේශපාලනය රස්සාවකටවත් නොකරපු වටිනා මිනිස්සුන්ට මඩ ගහන්න එපා. (ස)
අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ මේවා (නි)
ටෙනිසන් ඔබ හරි. (නි)
රටට ආදරේ කවුද නැත්තෙ කවුද යන්න ඒ කාලෙ ජනතාව තේරුම් ගත්තා. (නි)
එතකොට කොල්වින් - ජේ ආර්ට කියලා තිබුනද මේ ජාතියේ ව්‍යවස්ථාවක් හදන්න කියලා. විජේදාස උන්නැහේ මේවා කියන්නේ පොඩි උන්ටද? කොල්වින්ලා කරපු දේවලින් 1/10 ක් වත් දේවල් මොවුන් කරනවද ජනතාව වෙනුවෙන්. (ස)
මේ මහත්තයා වගේ මොළකාරයෙක් ඒ කාලේ හිටියා නම් මේ ප්‍රශ්න මුකුත් නෑනේ.. (ස)
පිටරටවල ගිහිල්ලා ලංකාවේ හිටිය බුද්ධිමතුන්ට නිග්‍රහ කරන එක හරිද? (නි)
ලංකාව කියන්නේ තාම සංස්කෘතික වශයෙන් නොදියුණු පසුගාමී සමාජයක්. ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදය යන සංකල්ප තාම අපේ මිනිසුන්ට තේරෙන්නේ නැහැ. ඒ නිසා තමයි අත කොටා වගේ , ගුරුවරිය දණ ගස්වපු මැරයා වගේ අයට පෝලිමේ ගිහින් ඡන්දේ දෙන්නේ (නි)
විජේදාසගේ බයිලා.නිහාල්, ටෙනිෂන්,උපාලි,න.ප්‍ර ඔබලා හරියටම හරි. මහා වින්නැහිය කලේ 1978 ව්‍යවස්ථාවෙන්.(අ)
කරුණාරත්න ගේ අදහස හරියටම හරි, වැරැද්ද හෝ වැරදි සිතුවිලි තියෙන්නේ පුද්ගල මතවාද අනුව. ව්‍යවස්ථාවේ වැරද්දක් නම් කොටි පරදවන්න ජනාධිපතිතුමාට කවදාවත් සේනාංක මෙහෙවන්න බලයක් ලැබෙන්නේ නැහැ. අනිත් කාරණය නම්, මේ සැවොම භාවිතා කරන අන්තර්ජාලය මේ රටට මේ විදියට ලැබෙන්නෙත් නැහැ, 78 පෙර ව්‍යවස්ථාව කරේ තියන් යන උදවිය අදටත් බලයේ හිටිය නම් . (ස)
78 ජේ ආර් ගේ ආණ්ඩු ක්‍රමය නිසා ඇති උන භයානක තත්වය නිසි තාමත් රට විදවන්නේ, ඉන්දු ලංකා ගිවිසුම රට විනාස කරා, එකට අනුව භාණ්ඩ 1110 ඉන්දියාවෙන් ගෙන්වද්දී අපේ අපනයන භාණ්ඩ ගණන උනේ 78, ඊට පස්සේ පළාත් සභා මර උගුල, ප්‍රබාකරන් ඔය තරම් බලවත් වෙන තැනට එනකම් වර්ධනය උනේ ජේ.ආර් ගේ කාලේදී. ජේ. ආර් ආණ්ඩුව අසමත් ආණ්ඩුවක්. විධායකට අසීමිත බලතල දීල අත්තනෝමතික විදියට විනාසය කරා රට අදාල දැම්මේ. ජී ආර්, ජේ වී පී, එල් ටී ටී ඊ, මේ අය තමා හැම මනුස්සයගේම විනාසය ඇති කරේ (අ)
මුන්ට පිස්සු අනේ. මොකද දන්නෙ නෑ සුළු ජාතීන් ගැන හදිස්සියෙම කැක්කුමක් ඇතිවුනේ. රටේ ව්‍යවස්ථා හදන්න ඉස්සෙල්ල ඒගොල්ලන්ගෙ ව්‍යවස්ථා හදා ගත්තනම් මොකද?(අ)
ටෙනිසන් මහතාගේ අදහස සමග මමත් එකගයි (නි)
ත්‍රස්තවාදය පමණක් නොවෙයි තව තව දේවලුත් ලංකාවට හදුන්වා දුන්නේ කවුද කියලා අපි දන්නවා (නි)
කමත් භාෂාවට පරිභව කල ඉංගිරිසි ඇදුමින් සැරසුන මහා සමාජවාදිය. (අ)
මහත්තයෝ ඕවා කතා කරන්න ඕනෑ ලංකාවේ ඉන්න නියම ඡන්දදායකයෝ එක්ක කියලයි මම නම් කියන්නේ. මොකද ඡන්ද බලය තියෙන්නේ ලංකාවේ ජිවත් වෙන ජනයාට (නි)
ටෙනිසන්, ඔබ හරියටම හරි. විජයදාස රාජපක්ෂ මහත්තය තව දුරටත් කිව්වා නම් හොඳයි, 1978 ව්‍යවස්ථාවෙන් කරපු මහා වින්නැහිය. ලංකාවේ ඉන්න හිස ඉදිමුණු නායකයන්ට ඒකාධිපති වෙන්න මග පාදා දුන්, මහ ජනතාවට හෝ තමන්ගේ චන්දදායකයන්ට වග නොකියන නමුත් මහජන නියෝජිතයින් යයි කියා ගන්න පිරිසක් බිහිකළ, තනතුරු රැකගැනීමට සේවය කිරීම නොව නායකයාට ආවැඩීම පමණක් ප්‍රමාණවත් බවට පත්කළ, මුළුරටම කුලල් කා ගන්න පොර පිටියකට හැරවූ, 1978 ව්‍යවස්ථාව හරියි කියලද එතුමා කියන්නේ. අපේ 'මොළ ශෝධනයක්' කරන්න එතුමා තවම මෝරලා මදි. (නදී)