හමුදාවට එරෙහිව කටයුතු කරනවා කියන්නේ ත්‍රස්තවාදයට පක්ෂව කිරීම බවත් එබැවින් ත්‍රස්තවාදීන් එළියට දමා හමුදාව හිරේට දමන බවත් බෙංගමුවේ නාලක හිමියෝ අද (11) ජාතික සංවිධාන එකමුතුව පැවැත්වූ මාධ්‍ය හමුවේදී කීහ.
මෙය යහපාලන ආණ්ඩුවක් නොව දේශද්‍රෝහී ආණ්ඩුවක් බවත් ජනපති හා අගමැති ක්‍රියා කරන්නේ ජිනීවා මානව හිමිකම් කොමසාරිස්ට හා ඇමරිකාවට අවැසි විදියට මිස රටට අවශ්‍ය විදියට නොවන බවද ඒ හිමියෝ පැවසූහ.
රටට ඇති තර්ජන ගර්ජන නපුරුකම් දුරුවීමට ජාතික බෝධිපූජා නමින් බෝධි පූජා පිංකම් පවත්වන බවද එම එකමුතුව කියයි. එම අවස්ථාවට ආචාර්ය ගුණදාස අමරසේකරද එක්ව සිටියේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හාමුදුරුවන් නිවැරදියි ..(අ)
පියුමිට ඔල්මොරෝන්දන්ද? (අ)
හාමුදුරුවනේ, ඔය කියන දේවල් තේරුනේ නැති වුණාට මාත් ඔබ සමග එකඟයි. (අ)
හාමුදුරුවනේ, ඔබ වහන්සේ සමඟ අපිත් එකඟයි (නි)
ශාන සෞදි සමඟ මම එකඟයි (නි)
වරදක් කළොත් කවුරුන් නමුත් දඬුවම් විඳිය යුතුයි. (නි)
ත්රස්තවාදීන් එළියට දැමීමට මමත් එකග නොවෙමි මන්ද ඔවුන් පුනරුත්තාපනය නොකළ නිසාවෙන් නමුත් පසුගිය කාලයේ මිනිස් ජීවිත බිලිගත් අය කවුරුන් වුණත් ඔවුන්ට දඩුවම් කල යුතුය (ම)
මේවාට අපි කලබල වෙලා වැඩක් නැහැ (නි)
මේ වගේ ප්‍රශ්න දෙස බොහොම විමසිල්ලෙන් බලා තීරණ ගතයුතුයි (නි)
අනේ අපි නම් මේවට මොකුත්ම කියන්නේ නැහැ (නි)
ෆොන්සේකා මහතාව හිරේ දානකොට මේ කවුරුවත් කතාකළේ නැහැ (නි)
අපි ඔබ සමගයි. (ර)
අතුල, යුද්ධය නිම කරපු එක වරදක්ද ? (ර)
එතකොට හාමුදුරුවනේ, අර කරුණා,පිල්ලයාන්, කේපී යන අය දේශප්‍රේමිද? (බ)
ලක්ෂාන් හමුදාව හිරේට දාන්න හදන්නේ කොටින්ට විරුද්දව යුද්ද කළ නිසයි. නැතුව ෆොන්සේකා වගේ රණවිරුවෝ පාවල දෙන කතා කියල නෙවෙයි (බ)
පහුගිය ආණ්ඩුව රටට සහ ජනතාවට කරන්න පුළුවන් උපරිම ද්‍රෝහිකම් කළා. ඒවා මේ අය නොදැක්කේ රට සහ ජනතාව බල්ලට ගියත් මේ අයට අවශ්‍ය තුටු පඬුරු අවශ්‍ය විදියට ලැබුණු නිසයි. මේ අයගේ ඔලුවේ තියෙන්නේ තනිකරම ජාතිවාදී අදහස්. (බ)
ලක්ෂාන් හිරේ දැම්මේ ෆොන්සේකව මිසක්, යුද අපරාද කළා කියල හමුදාපති නොවෙයි. යුද අපරාද යටතේ එතුමාව අත්අඩංගුවට ගත්තොත් එදාට දේශපාලනයකින් තොරව කවුරුත් ඉදිරියට එයි. (බ)
ත්රස්තවාදය වැනසූ බුද්ධි අංශ නිලධාරීන්ට එරෙහිව ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත ක‍්‍රියාත්මක වන විට එම පනත යටතේ අත්අඩංගුවට ගනු ලැබූ ත‍්‍රස්තවාදීන් නිදහස ලබයි. (බ)
මේ හාමුදුරුවෝ නේද නාරාහේන්පිට පන්සලක රැලි පවත්වන්නේ. (බ)
හෆිල්, කරුණා, පිල්ලෙයාන් කේ පි කොටි උනත් හමුදාවට උදවු කරපු නිසා තමයි යුද්ධය ජය ගත්තේ. (ර)
හාමුදුරුවනේ, ඔබ වහන්සේ සමඟ අපිත් එකඟයි. සමහරක්ට ඕක තාම තේරෙන්නේ නැති එකයි අරුමේ (බ)
බෞද්ධයන්ගෙන් අපි කීදෙනාද වෛරයෙන් ක්‍රෝධයෙන් තොරව කතාකරන්නේ? (ස)
හාමුදුරුවනේ අපි ඔබ සමගයි, ඔබේ කියමන හරි. (ර)
තිලාන් දැන් අපි ,කරුණා, පිල්ලෙයාන් කේ පි කොටි උනත් හමුදාවට උදවු කරපු නිසා තමයි නේ යුද්ධය ජය ගත්තේ.ඒ හින්ද මේ නිදහස ලබන උදවියත් එකතු කරගන අයෙත් යුද්දයක් නොවෙන තැනට වැඩ කරමු නේද? (ස)
රට ගිනිතියනවා.මොවුන් ඇත්තටම බොදුනුවන්ද..? (ම)
යහපාලනය ඉතා කෙටි කලකින් වචනයට පමණක් සීමා වේවි කියල අපි හිතුවේ නැහැ.(ම)
හාමුදුරුවනේ අපි ඔබ සමගයි, ඔබේ කියමන හරි (ම)
ත්රස්තවාදීන් පුනුරුත්තාපනයකින් තොරව නිදහස් නොකළ යුතුය. (ර)
හාමුදුරුවනේ එතකොට ෆොන්සේකාට ජම්පරයක් අන්දලා හිරේ දාල කරුණාට ඇමතිකමක් දීපු කාලේ ඔබ වහන්සේ හිටියේ කොහේද? (ස)
මම නම් හිතන්නේ ජාතිවාදය නවත්තලා හැමකෙනා ගැනම අනුකම්පාවෙන් සහ සාධාරනව බැලුවොත් හොඳයි කියල. (ස)
සඳමාලි ත්‍රස්තවාදය සහ ජාතිවාදය පටලවගන්න එපා. මෙතන කිසිකෙනෙක් ජාති වාදය ගැන කතා කරලා නැ (ම)
අපිව බේරගත්ත හමුදාව වෙනුවෙන් කතා කරන්න අපිට කොහින්ද හාමුදුරුවනේ නොර්වේ සාම දුතයෝ / චැනල් 4 වගේ නාලිකා අපට අපේ උන්වත් නැති එකේ (ම)
රට වෙනුවෙන් සටන් වැද ඒ වෙනුවෙන් යම් හමුදා හෝ වෙනත් ආරක්ෂක අංශයක අයෙක් ඇත්අඩංගුවට ගැනීම හෝ දඬුවම් කිරීමට අපද එක හෙළා විරුද්ධ වෙමු. එහෙත් දේශපාලකයින් ගේ හෝ වෙනත් බලය වෙනුවෙන් අපරාධයන්ට හවුල්වූ අයට නිතිය ක්‍රියාත්මක කළ යුතුය. (ර)
යහ පාලනය දොරේ ගලනවා (බ)
හුසේන් මොහොමඩ් කතාකරන්නේ කන්ණාඩිය ඉදිරියේ ඉදගනද? (ර)
අනවශ්‍ය ප්‍රශ්න ඇතිකරන්න එපා මේ වෙලාවේ (නි)
හමුදාවට එරෙහිව කටයුතු කරනවා කියන්නේ ත්‍රස්තවාදයට පක්ෂව කිරීම බවත් එබැවින් ත්‍රස්තවාදීන් එළියට දමා හමුදාව හිරේට දමන බවත් ........ රටම නිදහස් කර දුන්නු ජාතික විරයව බල්ලෙක් වගේ ඇදගෙන ගිහින්,නිවාඩු දවස් වලත් නඩු අහල හිරේ දාල,ජම්පරයක් ඇදගෙන පිළුණු වුන බත් වේලෙක් පිගානේ කනකොට මේ අය ලංකාවේ හිටියේ නැද්ද? හිටියනම් දන්නේ නැද්ද? දන්නවනම් විරුද්ධ වුණේ නැත්තේ ඇයි (අ)
කරුණා, පිල්ලෙයාන් කේ පි කොටි නායකයන් සැප වින්ද.අපේ හමුදා නායකයා දස වද වින්ද?එතකොට ඔය අදහස් තිබුණෙම නැද්ද?(අ)