ත්‍රස්ත කටයුතු සදහා සිදුකෙරෙන ආධාර එක්රැස් කිරීම් හා කලාපයේ සිදුවන ත්‍රස්තවාදයට උඩගෙඩි දිය හැකි ඕනෑම ක්‍රියාකාරකමක් මැඩ පැවැත්වීම සදහා ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියාවේ සහය ඉල්ලා ඉල්ලයි.
ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් එහි ගොස් සිටි විදේශ අමාත්‍ය ජී.ඇල්.පීරිස් හා ඕස්ට්‍රේලියා විදේශ ඇමතිනී ජූලි බිෂොප් අතර පැවති හමුවකදී මෙම කරුණ ඉස්මතු කැරිණි.
ත්‍රස්ත කටයුතු මැඩලීම සදහා ශ්‍රී ලංකා රජය ගෙන ඇති පියවර සම්බන්ධයෙන් ජූලි බිෂොප් මහත්මිය දැනුම්වත් කිරීමට අමාත්‍ය ජී.ඇල්.පීරිස් මහතා කටයුතු කළේය.පසුගිය සමයේ අත්තනෝමතික ලෙස අසාදු ලේඛණ ගතකොට ඇතැයි කණ්ඩායම් 16 ක් හා පුද්ගලයින් 424 දෙනෙකු මුල් කරගෙන ශ්‍රී ලංකා රජයට නැගෙන චෝදනාවන් පදනම් වරහිත යැයිද රජය එම කණ්ඩායම් වලට හා පුද්ගලයින්ට එරෙහිව පියවර ගත්තේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ 1373 වැනි යෝජනාවලිය ප්‍රකාරව බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. ත්‍රස්ත කටයුතු සදහා විදේශයන්හි සිට මහා පරිමානයෙන් මුදල් ගලා එන බවද,ඒවා යුධමය, බුද්ධි කටයුතු හා ප්‍රචාරක කටයුතු සදහා යෙදවෙන බවද අමාත්‍යවරයා ජූලි බිෂොප් මහත්මිය හමුවේ පැවසීය. ඒවා මුල් අවස්ථාවන් වලදීම මැඩපැවැත්වීම සදහා ශ්‍රී ලංකා රජය ගෙන ඇති පියවර සම්බන්ධයෙන් ඇය දැනුම්වත් කිරීමටද අමාත්‍ය ජී.ඇල්.පීරිස් මහතා කටයුතු කළේය.
එවන් ක්‍රියාකරකම් සම්පූර්ණයෙන්ම අඩපණ කර දැමීම සදහා සියලූ රටවල් එක්ව කටයුතු කිරීමේ හා අවදියෙන් සිටීමේ වැදගත්කමද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
එල්.ටී.ටී.ය ඕස්ට්‍රේලියාවේ තහනම් සංවිධාන ලැයිස්තුවට ඇතුළත් කිරීමට කටයුතු කර තිබීම සම්බන්ධයෙන් අමාත්‍යවරයා තම ස්තූතියද පළ කර සිටියේය.තවද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාවට පක්ෂව පෙනී සිටීම සම්බන්ධයෙන් තම කෘතවේදීත්වයද දන්වා සිටියේය.අනවසර සංක්‍රමණිකයින් හා මිනිස් ජාවාරම්කරුවන්ගේ කටයුතු මැඩීමට ශ්‍රී ලංකා රජය ඕස්ට්‍රේලියාව හා සැමදා එක්ව කටයුතු කරනු ඇති බවට අමාත්‍යවරයා සහතික විය.
ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලනික හා ආර්ථීක ප්‍රවණතා හා එම ක්ෂේත්‍රයන්ගේ ගෙන ඇති නව පියවර සම්බන්ධයෙන්ද ඇමතිනී ජූලි බිෂොප් මහත්මිය හමුවේ අමාත්‍ය ජී.ඇල්.පීරිස් මහතා කරණු පැහැදිලි කළේය.
දෙරට අතර සබදතා තවදුරටත් ශක්තිමත් කර ගතයුතුව ඇතැයි දෙපාර්ශවයම තීරණය කළෝය.දේශපාලනික, වෙළද හා ආරක්ෂක යන ක්ෂේත්‍ර මූලික කරගෙන නව සබදතා ඇති කර ගැනීමේ අවස්ථාවන් පිළිඹදවද සාකච්ඡා කැරිණි.අධ්‍යාපන, බැංකු හා මූල්‍ය කටයුතු, රක්ෂණ කටයුතු, සංචාරක ක්ෂේත්‍රය, යටිතල පහසුකම් හා මෘදුකාංග සංවර්ධනය, පතල් ක්ෂේත්‍රය, වැනි ක්ෂේත්‍රයන් වල ඕස්ට්‍රේලියා ආයෝජකයින්ට ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා ඇති බවටද හදුනා ගැනුනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චන්න කියන දේ හරියටම හරි. මෙහෙම ඇවිත් ඉන්න උදවිය සමහරු කිසිම වැඩක් පලක් කරන්නේ නැහැ. රජයෙන් දෙන දීමනාවෙන් යැපෙනවා. මේ නිසා ලංකාවෙන් ගිය නීත්‍යානුකුල සංක්‍රමණිකයන් දෙසත් මිනිස්සු බලන්නේ කිසිම දෙයක් කර කියා ගන්න බැරි කොට්ඨාශයක් වගේ. රැකියාවක් ඉල්ලන්න ගියාම ලංකාවෙන් ආපු වෘත්තිකයෙකුට ප්‍රශ්න රැසක්. (ස)
ඕස්ට්‍රේලියන්කාරයෝ කියන්නේ හෝටලයකට ගියහම වේටර් කෙනෙකුට රුපියලකවත් ටිප් එකක් දෙන ජාතියේ මිනිස්සු නෙමෙයි. ඔවුන්ට දැන් ලංකාවෙන් යන බොරු සරණාගතයන්ට මාසෙකට ඩොලර් මිලියන ගණන් වියදම් කරන්න වෙලා. ඒක නිසා දැන් ඔවුන් ලංකාවේ ත්‍රස්තයන් ගැන බටහිරට වඩා වෙනස් මතයක් දරනවා.කවුරු කවුරු හරි අපේ පිලට එනවා නම් අපිට වාසියි. කමක් නැහැ (නි)
කරන සේවයට අමතර වාසි ගන්න එහි මිනිස්සු නැහැ සිල්වා. අනෙක ආයතන ප්‍රධානියා සමග කතාබහ කරලානේ තමුන්ගේ වේතනය පිළිබඳව එකඟතාවයකට එන්නේ. එයට ලැබෙන පඩිය මදි නම් එයා ආයතනයේ රැකියාව කරන්නේ නැහැ.ගැළපෙන එකක් හොයා ගන්නවා.එහෙම නැත්නම් සතියේ තව දිනයක වෙන රැකියාවක් කරනවා. ඔය කිසිකෙනෙක් සතියේ දින පහම එක රැකියාවක් කරන්නේ නැහැ. එක එක රටවල වැඩ කරන විදිය වෙනස්. ඒක ඒ රටේ ක්‍රමය. (නි)
ඔය පොඩිවට හෝ ලොකුවට සන්තෝසම් ගැනීම හෝ දීම ඔවුන්ට පුරුදු නැත. මොකද යාචකයෙකුටවත් දීලා පුරුද්දක් නැහැනේ. අනෙක හිඟන්නෙක් හොයාගන්නත් පහසු නැහැනේ. (නි)
අන්න හරි.පටන් ගනිමු. බුරුතු පිටින් ඉන්නවා. අහල බලන්න ත්‍රස්තවාදියෝ සමහරුන්ට පුරවැසිකම් දුන්නේ කොහොමද කියල? (ස)
හරි හරි දැන්නම් ත්‍රස්තවාදය ඕස්ට්‍රේලියාවේ නැත්තටම නැති වේවි. අනිත් රටවලටත් ගියා නම් හොඳයි නේද ?? (ස)
අපේ රටට සහය නොදෙන රටවලට ගිහින් කොච්චර කෙදිරි ගැවත් වැඩක් වෙන්නේ නැහැ. ත්‍රස්තවාදයෙන් බැටකාපු රටක් වෙන්නම ඕනේ ඒ ත්‍රස්තවාදය ගැන අවබෝදයක් ලබන්න නම්.(නදී)
දැන් බොහොම දෙනෙක් බෝට්ටුවෙන් ඕස්ට්‍රේලියාවට ඇවිත් කියන්න තියෙන ඔක්කොම බොරු කියමින්, ගන්න පුළුවන් හැම දීමනාවක් ම රජයෙන් ඉල්ලා ගනිමින් ඉන්නවා. නීත්‍යානුකුලව මෙහි පැමිණි ලාංකිකයන්ට වඩා ආර්ථික වාසි තකා බෝට්ටු වලින් පැමිණි උදවිය යහතින් ඉන්නවා. (ස)