"පවතින ගැටුම් නිම වී සාමය ඇති වීම තරම් යහපතක් රටකට තවත් නැහැ. ලංකාවේ යුද්ධය අවසන් වී ගතවු වසර පහේ මානව අයිතිය සුරකමින්,යටිතල පහසුකම් සංවර්ධනය වීම ආදී විවිධ වෙනස්කම් රටේ ඇති වෙලා යැයි අැෆ්ඝනිස්ථානයේ හිටපු ජනාධිපති හමීඩ් කර්සායි අද(01) කොළඹදී පැවසීය.
කර්සායි මහතා කියා සිටියේ ත්‍රස්තවාදය ලොවින් තුරන් කිරීම ගෝලීය හා කලාපීය වශයෙන් සියලු රටවල් එක්විය යුතු බවත්,ත්‍රස්තවාදයේ ආදීනව හොඳින්ම දන්නා ඉන්දියාව ,පකිස්තානය ,ඇමෙරිකාව ,ඇෆ්ගනිස්තානය , ලංකාව ඇතුළු රටවල් එක්ව සිය අත්දැකීම් ඒ වෙනුවෙන් බෙදා හදා ගත යුතු බවද කියා සිටියේය.
ශ්‍රී ලංකා යුද හමුදාව විසින් සංවිධානය කරනු ලබන ආරක්ෂක සමුළුව අද(01) කොළඹ ගලදාරී හෝටලයේදී ආරම්භ වූ අතර එහි ප්‍රධාන දේශනය පවත්වමින් ඇෆ්ගන් හිටපු ජනපතිවරයා මේ බව කීය.
2011 වසරේ ආරම්භ කළ මෙම සමුළුව මෙවර පැවැත්වෙන්නේ පස් වන වරටය.“ගෝලීය අභියෝග අභියස ජාතික ආරක්ෂාව“ යන තේමාව යටතේ පැවැත්වෙන මෙවර සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වන්නේ ඇෆ්ගනිස්ථානයේ හිටපු ජනාධිපති හමීඩ් කර්සායි මහතා ,ඉන්දීවේ නියෝජ්‍ය ජාතික ආරක්ෂක උපදේශක අරුවින් ගුප්තා,ආරක්ෂක ලේකම් බී.එම්.යූ.ඩී.බස්නායක,යුද හමුදාපති ක්‍රිෂාන්ත ද සිල්වා යන මහත්වරුන් ඇතුළත් දෙස් විදෙස් ආරක්ෂක නිලධාරීන් ,රාජ්‍යතාන්ත්‍රිකයින් ඇතුළු රටවල් 34ක නියෝජිතයෝ මෙම සමුළුවට සහභාගි වුහ.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාමූලී, මෝඩ කතා කියන්න එපා. අද උතුරේ ත්‍රස්තවාදයක් නැහැ. යුද්ධයක් සම්පූර්ණයෙන් ඉවරකරලා අවුරුදු 6 ගිහිනුත් රටේ එක පැත්තක මිනිස්සු ටිකක මුරපළවල හිරකරගෙන ඉන්න කීම පහත් කතාවක් (නි)
පෙරේරා, නොදන්නා දේවල් කතා නොකර ඉන්න. ත්‍රස්තවාදයක් නවත්තනවා කියන්නේ ලෙහෙසි පහසු වැඩක් නොවේ. (නි)
කාලයට රටට උචිත මාතෘකාවක්! (ම)
නාමල්,මොළේ කොහෙද තියෙන්නේ? (නි)
නාමල්, මෝඩයා ඔබයි. ඇස් ඇරලා බලන්න. ඒ ත්‍රස්තවාදය ඉවර වුණාට තව කොච්චර තර්ජන තිබෙනවාද? මෙහෙම මුරපොළවල් වහපු තව එක රටක රජයක් නම් කරන්න බලන්න.(නි)
නාමල් මොලේ පුන්නකුද? වියට්නාමේ , කොරියාවේ වගේ රටවල හමුදා පුහුණුව අනිවාර්ය බව දන්නවාද? කොටි විතරක් නෙමෙයි අමෙරිකාවත්, ඉන්දියාවත් අපිට තිබෙන තර්ජනයන් කියල ඔබ දන්නවාද..?? (බ)
අත්දැකීමෙන් ඉගෙනීම (ම)
සාමුලී, ඔබට වැටහෙන දේ මෙතන සමහරුන්ට නොවැටහෙන එකයි අපේ අවාසනාව. (නි)
සාමුලී , යුද්ධයෙන් පස්සේ මුරපොළවල් අවශ්‍ය නැහැ. අවශ්‍ය ජාතීන්ගේ බිඳුණු සිත් හදන වැඩපිළිවෙලක්. (නි)
අපේ අගමැති තුමාගෙ දැක්මේ හැටියට නං ඉතිං ඔක්කොම මුර පොලවල් වහන්න ඕනා. පස්සේ ත්‍රස්තවාදීන් ටික මෙහේට ගේන්න ඕනා. ඊට පස්සේ තමයි යුද්දෙ.(අ)
යුද්ධය අවසන්කළා නම් මුරපොළවල් මොකටද? පසුගිය රජය ඒවා ඉවත් නොකළ එකෙන් තේරෙන්නෙ යුද්ධය ඉවර කළේ බාගෙට කියන එකද? (නි)
ඔය සාමුලී කියලා අදහස් දාන පුද්ගලයා තමන් ගැන අධිතක්සේරුවකින් ඉන්නා බව පේනවා. තර්ජන හැමදාම තියෙයි. එහෙම වුණා කියලා අගලෙන් අගලට හමුදාව හා මුරපොළවල් දාගෙන ඉන්නෙ නැහැ. ආරක්ෂක අංශ කරන්නේ ත්‍රස්තවාදීන් කවුද කියා රහසිගතව (බුද්ධි අංශ හරහා) සොයාබැලීම. රජය කළයුත්තේ මිනිස්සු නැවත සන්නද්ධ අරගල වෙත නොයන විදිහට ඔවුන්ගේ ආර්ථික, සමාජීය ජීවන තත්වය නැංවීම. එහෙම නැතුව තමන්ගෙ ඔලුවල තිබෙන ජාතිවාදය නිසා රටේ මිනිස්සු පිරිසක් හැමවෙලේම කොටි වගේ පෙනෙනවා නම් මානසික රෝහලකින් බෙහෙත් ගන්න (නි)
කර්සායි ට තේරෙන නමුත් අපේ හරක්ට නොතේරෙන සත්‍ය (බ)