පැරිස් ත්‍රස්ත ප්‍රහාර තමාව පුදුමයටත්,කම්පනයටත් පත්කළ සිදුවීමක් බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රංශ ජනපති ෆ්‍රන්සුවා ඔලොන්ද් වෙත ශෝක පණිවුඩයක් යවමින් ප්‍රකාශ කර තිබේ.
ත්‍රස්තවාදයේ කුරිරුකම් දන්නේ එය අත්විඳි පුද්ගලයින් පමණක් බවත් අද ප්‍රංශයේ ජනතාව මුහුණදී සිටින තත්ත්වය ශ්‍රීලංකා ජනතාවට හොඳින්ම තේරුම්ගත හැකි බවත් ඔහු එහි සඳහන් කර ඇත.
දශක තුනක් තිස්සේ ශ්‍රීලංකාවට බැටදුන් ත්‍රස්ත උවදුර දැඩිව මර්දනය කිරීමට තමන් ඇතුළු රජය කටයුතු කළේ ත්‍රස්තවාදයට හිස ඉසවීමට කිසිඳු ඉඩක් නොතැබිය යුතු නිසාවෙන් බවත් එනිසාම අද දිනයේ ශ්‍රීලංකාව සාමය අත්විඳින බවත් ඔහු කියා තිබේ.
දුකට පත් ප්‍රංශ ජනතාවට තම ශෝකය ප්‍රකාශ කරන අතරම ප්‍රංශයේ ත්‍රස්ත ප්‍රහාරය, ත්‍රස්තවාදයට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග වලට එළැඹිය යුතුව ඇතැයි ලෝක ප්‍රජාවට පෙන්වා දෙන්නක් බව හිටපු ජනපතිවරයා තම ලිපියේ සඳහන් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රංශ ජනාධිපති ජාතිය ඇමතුවෙත් වෙව්ල වෙව්ල.මෙහම වෙලාවක මිනිසුන්ගේ චිත්ත දහිරිය නැසීම ජනතාව මනාපයක් නැත.මහින්ද මහත්තයට තිබුනේ අපේ ත්‍රස්තයන් කළ ඝාතන වල ඩීවීඩී එකක් යවන්න (බ)
කවුරුන් කෙසේ කීවත් , පසු පාලනයේ වැරදි සිදුවුවත් , අවුරුදු 30 ක් පූරා නායකයින් පස් දෙනෙකුටත් විසඳ ගත නොහැකිවූ ත්‍රස්ත්ත වාදයේ බිහිසුණුව නිමකළ මේ අභීත නායකයාට තරම් මේ ගැන කතා කිරීමට සුදුසු කිසිවෙක් අපේ රටේ ඇද්ද. (බ)
පිවිතුරු හදවතින්ම මෙතන අදහස් පලකරන පවිත්‍ර මහත්තයෝ, ලේ නොහෙලා කරන විප්ලවයකට තමයි අපි "චින්තන විප්ලවය" කියන්නේ. ශ්‍රී ලංකාව කියන භුමියේ පයගසා සිටින ජනතාවගේ ප්‍රඥාවන්ත කමට හෝ පිනට ඒ විප්ලවය සාර්ථකව නිමකළා. හොඳට හෝ නරකට විවිධ සංස්කෘතීන්ගෙන් පෝෂණය ලැබූ ශ්‍රී ලාංකික ජනතාවක් මියන්මාර් හා ලිබියා ජනතාව වැනි ලෝකය පිළිබද අල්ප දැනුමැති ජනතාවක් හා සැසඳීමේදී සංසන්දනාත්මකව සම මට්ටමේ ලා සැලකීම තමයි අපේ හිටපු නායකයාට වැරදුන තැන. යුද්ධය නිමා කිරීමෙන් පසුව,සුදුසුකම් පසෙකලා ඥාතිකම් පෙරදැරිව කටයුතු කිරීමෙන් හා බුද්ධ ධර්මය පසෙල්කලා පලිගැනීම ඉස්මතු කිරීමෙන්, අපට පමණක් නොවේ, එතුමාව, එතුමාටද නැතිකර ගත් බව තමයි අපිට නම් හැඟෙන්නේ.. ඔය කාරනාව තේරුම් ගත්තදාට ඔය ලෙඩේ කොයි කාට කාටත් සුව වෙයි.
මේකේ අදහස් දාන සමහරුන්ට වසර 30 තිස්සේ තිබුණු ත්‍රස්තවාදය පරදන්නට කොන්දක් තිබුණු මේ රටේ එකම එඩිතර නායකයා මහින්ද බව පිළිගන්න හිත දෙන්නේ නැහැ. ඒ දේශපාලන කුහකකම නිසා.(අ)
වසර 30 පල් වුණ යුද්ධය අවසානයක් දැකීමට අපේ ත්‍රිවිධ හමුදාවේ හමුදාපතිවරුන් සහ ත්‍රිවිධ හමුදා සෙබළුන් අසීමිත කැපවීම් කරා.නමුත් අපට නොහිටියේ කොන්ද කෙලින් තියාගෙන බටහිර රටවල් වලට සහ ඉන්දියාවට නොබියව තීරණ ගන්න පුළුවන් නායකයෙක් නොමැති වීමය. (ම)
ෆීල්ඩ් මාර්ෂල් තුමාට පෙර ,රටම ආදරය කළ කොබ්බැකඩුව නමැති අබීත සෙන්පතියෙක් අපිට හිටිය.හිටපු ජනාධිපති තුමියගේ මාම සෙන්පති රත්වත්තේ හිටිය. යුද්දය අවසන් කරන අවදියේ සිටිය වගේම එඩිතර රණවිරුවෝ අපිට හිටිය.නමුත් යුද්දය අවසන් වුනේ නැහැ. කවුරුහිටියත් අතට ආයුද නැතිනම් පොල්පිතිවලින් ත්‍රස්තයෝ මර්දනය කරන්නද.ලෝකයේ මෑත ඉතිහාසය දිහා බලල හිටපු නායකයෝ හමුදාවලට ආයුද දෙන්න බියවුණා. නමුත් 'අයියන්ඩිය බිය නොවන්න" මලයගේ වදන හිස්මුදුනින් පිළිගත් අයිය,සහෝදර විස්වාසය මත හමුදාව ඉල්ලු සියලු ආයුද සැපයුවා.එසේ නොවන්න ෆීල්ඩ් මර්ශල්ටත් වෙන්නේ පොල්පිතිවලට මුවාවෙන්න.යුද්දය අවසන්වූ පසු ෆීල්ඩ් මාර්ෂල් ලෝක ඉතිහාසය සත්‍ය කරන්න පිටපොට ගැහුවා.මලයත් ඒ කල්දරමේ බත් කාල තිබුන නිසා අයිය බේරුනා.එයයි සත්‍යය. (බ)
මේකේ අදහස් දාන සමහර මිනිස්සු හරිම කුහකයි . සමහවිට මෙයාලද දන්නේ නැහැ යුද්දේ කාලේ කොටින්ට ඔත්තු සපයල ජිවත් වුන සිංහල මිනිස්සු .නැත්නම් මොකද යුද්දය ඉවර කරපු මෙතුමා එක්ක ඔච්චර තරහ ? (බ)
අපේ ලංකාවේ මෙන් ප්‍රංශයටත් ඉක්මණින් සාමය උදාවේවා! (නි)
කරුණාපාල මහතා කිව්වේ සහතික ඇත්ත (ම)
අපි ඔබට සදා ණයගැතියි (ම)
කොන්දක් තිබුණු මේ රටේ එකම එඩිතර නායකයා මහින්ද. (ර)
තවත් ඔය ගැන කතා කරන්න එපා. (ර)
හොඳ කතාවක්. (ර)
සිල්වි, මිනිස්සු තරහ මොලේ තියෙන මිනිස්සු නිසයි. (ර)
මහින්ද මහතාගේ කතාව විශිෂ්ටයි (නි)
සිල්වි, ඔයාට තිබෙන ප්‍රශ්නෙට හේතුව තමයි, ඔයාගේ ඔය මහා පරිමාණ මොළෙයි අනිත් අයගේ බුද්ධිමත් මොළයෙයි අතර වෙනස. යුද්ධය අවසන්වෙලා එතුමා කළ හරිය ඔබට නොතේරුනාට, බුද්ධිමත් ජනතාවට තේරෙන්න ඇති. (නි)
හොඳ කතාවක් (නි)
ඒගොල්ලන්ගේ රටවල් පාලනය කරගන්න එයාලා හොඳට දන්නවා (නි)
ඔබතුමා වැනි එඩිතර නායකයන් රටට අත්‍යවශ්‍යයි.ඔබතුමාට තෙරුවන් සරණයි!! (නි)
හොඳ ප්‍රකාශයක්. ඔබ වැනි නායකයෙකුගේ සේවය ඉදිරියේදී ශ්‍රී ලංකාව නැවත ඉල්ලා සිටිනවා ඇත. (නි)
ඔව් ඔව් ඕනේ නම් යුද්ධය අවසානයක් කරා මෙහයවමින් ඊළඟ හමුදාපතිට යුද්ධේ ඉතුරු නොකරම වැඩේ ඉවරයක්ම කරලා දාපු යුධ සෙන්පතියකුත් අපි සතුයි. (ර)
මහින්ද මැතිතුමා අප රටේ ජනතාවගේ සදාකාලික වීරයෙක්. (ර)
ඔබ තුමා වැනි කිසිවෙකුට බිය නැති කෙනෙක් දැන් මුලු ලොවටම අවශ්‍ය වී ඇත. (ර)
රටට ආදරය තිබෙන්නේ රටේ මිනිසුන්ට මිස දේශපාලකයන්ට නොවේ (නි)
ඔබගේ කතාව අගය කරනවා (නි)
ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදී ප්‍රශ්නය සහ අද ප්‍රංශය මුහුණ දෙන ත්‍රස්තවාදී ගැටලුව එක සමාන නැහැ. ප්‍රංශය මුහුණ දෙන්නේ ජාත්‍යන්තරව ස්ථාපිත වුන මේ වෙනකොටත් රටවල් කිහිපයක්ම දරුණු විදියට මුහුණ දෙමින් තියෙන අන්තවාදී ත්‍රස්ත සංවිධානයක් මගින් කරපු ඝාතන රැල්ලකට. (ර)
ඔබ තුමාගේ ප්‍රකාශයෙන් නොකියපු ගොඩක් දේ සැගවී ඇතිබව ප්‍රංශයට ඒත්තු ගැන්නුවා. නියමයි... (ර)
මේ ගැන කතා කරන්න ඔබතුමාට සුදුසුකම් තිබේ. (ර)
ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ඇතුළු එකල හිටපු අභීත රණ විරුවන් වැනි පිරිසක් අද ලොවටම අවශ්‍ය වී ඇත. ඔවුන්ගේ විනයත් කැප කිරීමත් හමුවේ ත්‍රස්තයන්ට ගම රට දාලා දුවන්න සිදුවිය. (ර)
ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකව ප්‍රංශයට අරින්න , ගෝඨාබය රාජපක්ෂව ප්‍රංශයට අරින්න , ත්‍රස්තයන්ට බිය නැතුව සටන් කිරීමට උපදෙස් දෙන්නට හෙළ උරුමයෙන් රතන හිමි යවන්න ,(බ)
ඔබතුමා වගේ එඩිතර වීර නායකෙයෙක් ආසියාකරයේ රටක සිටීම ඉවසන්න බැරී කොන්ද පණ නැති බටහිර ඇතැම් පඹ නායකයින්ට ඔබේ වීරත්වය ඉවසාගන්න, කුඨ පිඹුරුපත් තනා අපේ රට අඳ බාල ජනයින් ද, සතුරු බලවේගද එක්ව බොරු චෝදනා නගා අපේ වීරයා අපට නැති කළා. මිනිසුන් කළ අමන කම් තව නොබෝ දිනකින්ම අත් විදින්නට ලැබෙනවා ඇත. (බ)
අනේ මේ කුමාර්, ඔන්න ඕවට අපි නම් නැහැ. (ර)
මිලානෝගේ මිල කල නොහැකි මොලේ. (ර)
මහින්ද මහතා නොසිටින්න අද ලංකාව කොතැනද? (නි)
ඔය පැරිස් කට්ටිය අපට ත්‍රස්තවාදීන් පහරදෙනවිට ත්‍රස්තවාදීන්ට විරුද්ධව වචනයක් කතාකළාද? (නි)
අපේ උතුම් දැයේ යමෙකුට නායකත්වය ගැන ආඩම්බරව කතා කල හැක්කේ ඔබ ගැන පමණි. (ර)
මහින්ද මහතාට ජයවේවා! (නි)
ප්‍රංශ ජනතාව පත්ව ඇති ශෝචනීය තත්ත්වයෙන් ඉක්මණින් මිදිමට හැකිවේවා! (නි)
සමහර අය තවම හරියට ඇත්ත දන්නේ නැහැ. (නි)
පිටබැද්දර ජය මට මේ මතක් වුනා අැයි යුද්දේ ඉවරකරපු ඒ අභීත හමුදාපතිවත් හිරේ දැම්මෙත් මෙතුමම නේද ? (බ)
මහින්ද මහතා නොසිටින්න අද ලංකාවත් තවත් ප්‍රංශයක් තමයි (නි)
ලෝකෙම දැක්කා ඔබතුමාගේ වීරත්වය (නි)
හෙට දින ර ටේ නායකයා ඹබයි. (ස)
ඔබතුමා නැත්නම් අපි අද කොහේද දන්නෙ නැහැ (නි)
හොඳ ප්‍රකාශයක් (රේ)
ලාල් ගම විතරක් දැම්මට මදි ඉන්න වාට්ටුවත් දාන්න. (රේ)
ත්‍රස්තවාදය නැති කිරීමේ ඒ සුවිශේෂී ගෞරවය මෙන්ම. අන්තවාදය හා ගෝත්‍රික කල්ලි වාදය මෙන්ම ඒකාධිපතිවාදය රට තුල බිහිකිරීමේ හා ව්‍යාප්ත කිරීමේ කාර්ය පිළිබඳවත් එතුමා අති දක්ෂයෙක්. මුල් කාරනාව හැරුනුකොට අනිත් කාරනා නොකරන්න එතුමා අදත් අපේ නායකයා මෙන්ම ලෝක පුජිත නායකයෙක්. (රේ)
ලාල් මහතා ජීවත් වන නගරය හා ඔහුගේ අදහස් මනාව ගැලපේ.. (ස)
ඉතින් කරුණාපාල මහත්තයෝ..එහෙම ඇති දක්ෂව ඒකාධිපතිවාදයක් ගෝත්‍රවාදයක් ව්‍යාප්ත කළානම් එතුමාව මේ විධියට ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයකින් පරද්දල ගෙදර අරින්න පුලුවන්ද ලේ හලන විප්ලවයකින් නැතුව..මේ ලෝකේ හිටපු කොයි එ්කාධිපතියද ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණෙකින් එලෙව්වේ..ඔය ලෙඩේට බේත් නැහැ මහත්තයෝ..සමහර විට තව බොහොම කෙටිකාලෙකින් ඔය මැතිවරණ පොරොන්දු ඉටු කරන්න ජාතික ආරක්ෂාව අනතුරේ දාල අන්තවාදී ජාතිවාදී දේශපාලන කල්ලි වලට කප්පන් ගෙවීමේ ප්‍රතිපලයෙන් ඔය ලෙඩේට බේත් ලැබේවි හොදට ඉන්න අපිටත් එක්කම..(බ)
යුද්දය අවසන් කල එඩිතර නායකයාණෙනි, කුමන අඩුපාඩුකම් තිබුණත් ඔබ මේ රටට කළ සේවය අපට සදා අමතක නොවේ...(ම)
ඔබතුමාට වැරදිලා, අපේ රටේ ත්‍රස්තවාදයක් තිබ්බේ නැහැනේ!. එකනේ දේශපාලන හිරකරුවන් කියල ඒ අයව නිදහස් කරන්නේ. මට කවුර්ත් කියල නැහැනේ හිටං යුද්දයක් තිබ්බ කියල. (ම)
තිලක් ඩුබායි ,ඔබ දන්නා ඇත්ත අපිට දැන ගැනීමට සලස්වන්න !!!!!!!!!.(රේ)
ඔබතුමා අප රටට කල සේවය ඉතා අනර්ගයි තිලක් නොදන්නවා උනාට අපේ රටේ අතිතයේ සිදුවූ දෑ අපහට මතකයි (රේ)
හොද කතාවක් මැතිදුනි. ඔබට ජය ශ්‍රී. (ර)
මෙහි අදහස් දක්වල තියෙන ගොඩ අය සරත් ෆොන්සේකා මහතා නිසාම යුද්දේ දින්න බව හගවන්න යනවා. එ්ක වැරදි මතයක්. සරත් ෆොන්සේකා මහතා නියෝජනය කලේ එක් හමුදාවක් පමනයි. යුද්දය දිනුවේ සේනාදී නායක ලෙස ජනාධිපති , ආරක්ෂක ලේකම් , ත්‍රිවිද හමුදාවන්, පොලිසිය , බුද්දි අංශ , සැපයුම් අංශ ආදී සියලු අංශයන් රෝදයක දැතිමෙන් ක්‍රියා කරමින් කටයුතු කල නිසා. එලෙසම දේශපාලනික වශයෙන් සහයෝගය ලබාදුන් රතන හාමුදුරුවෝ, ජනතා විමුක්ති පෙරමුණ ආදී බලවේගයන් විශාල සහයෝගයක් ලබාදුන්නා. එනිසා අපි කුහක නොවී සබැ යථාර්තය පිළිගන්න ඕනේ(රේ).
ආයෙමත් වැළපෙන්න පටන් ගත්ත වගේ. (අ)
පිටබැද්දර ජයා - ඔව් ඔව් , සුදු කොඩි කතා නොකිය පවා නොදී ඉන්න හමුදා පති කෙනෙක් වුණා නම්,(අ)
ඔබතුමා ලාංකික අප හට ලබා දුන් ජය දැන් දැන් එක එක්කෙනා බෙදා ගන්න උත්සාහ කරන බව නම් පෙනේ. (අ)