ඉන්දියාවේ ගෝවේ නුවරදී පැවැත්වෙන 8 වැනි බ්‍රික්ස් සමුළුවට සහභාගීවීම සඳහා ආරාධිතයකු ලෙස ගිය මෛත්‍රිපාල සිරිසේන ශ්‍රී ලංකා ජනාධිපති ගෝවේ දී නරේන්ද්‍ර මෝදි ඉන්දියා අගමැති අද (16) හමුවිය.
බ්‍රික්ස් යනු බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය හා දකුණු අප්‍රිකා රටවල සමුළුවකි.
බෙංගාල බොක්කේ බහුවිධ තාක්ෂණ හා ආර්ථික සහයෝගීතා ශක්තියෙන් (බ්‍රිම්ස්ටෙක්) රටවල් ද මේ සමුළුවට ඇරියුම් ලබා සිටිති. ඒ අනුව ශ්‍රී ලංකාව, බංගලිදේශය, මියන්මාරය, නේපාලය හා තායිලන්තය ද බ්‍රික්ස් සමුළුවට ඇරයුම් ලැබීය.
ජනපති සිය ට්විටර් සටහනේ ලියා ඇත්තේ ඉන්දියා අසල්වැසියා හමුවිම සතුටක් බවයි. ඔහු සමග කලාපයේ සංවර්ධනය ගැන සාකච්ඡා කිරීමට බලාපොරොත්තුවන බව ද ජනාධිපති කියා ඇත.
ඉන්දියා අගමැති ගෝවේ නුවරදී පැවසූයේ ත්‍රස්තවාදීන් සම්බන්ධයෙන් තෝරාගත් පිළිවෙතක් අනුගමනය කිරීම නිෂ්ඵල බවයි.
බ්‍රසීල ජනාධිපති මිචෙල් ටර්නර්, දකුණු අප්‍රිකා ජනපති ජේකොබ් සූමා, රුසියා ජනපති වැලැද්මීර් පූටින්, චීන ජනපති ෂී ජින් පින් හා ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදි යන නායකයන් අද බ්‍රික්ස් සමුළුවේ දී ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කිරීමට නියමිතය. බ්‍රික්ස් ව්‍යාපාර කමිටුව අමතමින් ඉන්දියා අගමැති මෝදි කියා සිටියේ ලොව වඩාත්ම විවෘත ආර්ථිකයක් ඇති රට ඉන්දියාව බවයි.
බ්‍රිම්ස්ටෙක් රටවල නායකයන් අද හමුවන මෝදි ශ්‍රී ලංකා ජනපති මෛත්‍රිපාල සිරිසේන හමුවිය. මෝදි රුසියා ජනපති හා චීන ජනපති පෙර දිනයේ හමුවිය. මුල්දින හමුවීමෙන් පසු මෝදි රාත්‍රී භෝජන සංග්‍රහයක් ද පැවැත්වීය. ඉන්දියාව හා රුසියාව ගිවිසුම් 17ක් ද අත්සන් කළ බව ඉන්දියාව කියයි.
ජගත් නායකයන්ගේ පැමිණීමත් සමග ගෝවේ දෙනොලින් සංචාරක පුරය ආරක්ෂක බළකොටුවක් වී ඇත. බ්‍රිම්ස්ටෙක් 1997 දී ඇරැඹිණි.
හමුදා භටයෝ ද වෙරළාරක්ෂක භටයෝ ද පොලිසිය ද දහස් ගණනක් ආරක්ෂක සාමාජිකයෝ දෙනොලින් වෙරළබඩ සංචාරක පුරයේ ආරක්ෂාවට කැඳවනු ලැබ සිටිති. ඊට අමතරව පුපුරන ද්‍රව්‍ය ඉව ඇල්ලීමට පුහුණු කළ පොලිස් බල්ලෝ ද බිම් බෝම්බ සෙවුම් යන්ත්‍ර ද හමුදා හා පොලිස් සාමාජිකයන් අත ඇත.
ලොව ජනගහණයෙන් භාගයක් පමණ බ්‍රික්ස් රටවල් පහට අයත් වේ. ලොව ආර්ථිකයෙන් කාලක් පමණ මෙම රටවලට අයත්වේ. ඒකාබද්ධ දළ දේශීය නිෂ්පාදනය ඇමරිකා ඩොලර් මිලියන 16.6කි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බටහිර රටවල් නේටෝව සහ ඇමෙරිකාව එක්ව ලෝකය පුරා ගෙනියන එකාධිපති , කිසිම රටකට කන් නොදෙන ක්‍රමයට විරුද්ධව නැගී එන මෙම හඬට අප සුබ පැතිය යුතුය .ඒ සමගම එහි සාමාජිකත්වය ගතහොත් අපේ මානව හිමිකම් ගැන කරන චෝදනා වලට ප්‍රති ප්‍රශ්නයන් ඇසිය හැකිය ".යුගොස්ලෝවියාවට ,ඇෆ්ගනිස්ථානයට ,ඉරාකයට ,ලිබියාවට බෝම්බ දමා ඔබලා එම රටවල ලක්ෂ ගණන් මිනුස්සු මරා දැමීම මානව හිමිකම් කඩ කිරීමක් නොවන්නේද ?" යන්නයි . එහෙත් අපට මෙම ප්‍රශ්නය ඔවුන්ගෙන් ඇසුවාට ඔවුන් කරන්නේ අපට තර්ජන කිරීම පමණි. ඒ අපට සක්තියක් නැති නිසාය.අප "බ්රික් " සංවිධනය සමග එක වුනොත් චීනය ,රුසියාව බ්‍රසීලය , දකුණු අප්‍රිකාව යන රටවල් සමග නිදහස්( රේගු බදු රහිත) ආර්ථික සබදතා ගොඩ නගා ගැනීමේ අවස්ථාවද හිමිවෙයි . ලෝක බැංකුවේ ප්ලග් ගැලව දමා ගැනිමටද අවස්ථාව උදා වෙයි .අපේ යහ පාලනයට කොන්ද කෙලින් තබාගෙන මෙවෙනි තීරණයක් ගැනීමට සුහද සිතක් තිබේද ? නැත්නම් බටහිරට ගැතිකම් කරමින් සුද්දා පිටට තට්ටුවක් දමනතෙක් බලා සිටිමුද ? (අ)
අනේ සරත් ෆොන්සේකා මහත්තයෝ, ඔබතුමාවත් කියන්නකෝ අපේ හමුදාව හෑල්ලු කරන්න එපා කියලා. (නි)
ඇයි අපි ත්‍රස්තයා කොටුකල හැටි වැරදිද. ඔබල කොටුකල කීප වතාවක ත්‍රස්තයා පැනල ගියා නේද මහින්ද මහතා කොටුකල වෙලාවේ පැනල යනවා තියා පිටින් කිට්ටු වෙන්න ලැබුනෙත් නැහැ. ඔය ගොල්ලෝ දන්නේ ත්‍රස්තයාට කිරි පොවන්න කීවොත් නිවැරදී, ත්‍රස්තයාට සලකන විදිහ පුටින් මහතා කියල දෙවි. (අ)
මේ ජැකට් ඉන්දියාවෙන දෙන ඒවා වගේ (අ)
අර එක පින්තූරයක මෝදි ඔහුගේ දෑත් විදහා පෙන්වන්නේ මෙන්න මෙහෙමයි ත්‍රස්තයා කොටු කරන්නේ කියා වෙන්න ඇති. එ්ක ඉන්දියානු ක්‍රමය. අපේ ක්‍රමය වෙනස්. එක පෙන්වුයේ අපේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ (නි)
එහෙම ත්‍රස්තය කොටුකළාම උඩින් පරිප්පු දාලා බේරගන්න හැටි කියලා දීලා නැද්ද? ඒවගේම වෙන රටවල ත්‍රස්තවාදියෝ තමන්ගේ රටට ගෙනල්ලා සියලු පහසුකම් දීලා, හොඳහැටි පුහුණු කරලා අාපහු ඒ රටවලට යවන හැටි එහෙම? එතකොට ත්‍රස්තයෝ ඉවර කරපු රටවල හමුදාවන්ට විරුද්ධව බොරු චෝදනා කිරීම් ගැන? ඒවා ගැනත් හොඳහැටි දන්නා අයනේ ඔය (නි)
වික්ටර්, දන්නා දෙයක් කතාකරන්න (නි)
මේ ජැකට් එකක් අපේ ජනාධිපතිතුමාට දුන්නේ නැද්ද? (නි)
අපරාදේ කලින් පාර එයාගෙන් අහලා නෙමෙයිද යුද්ධය කළේ? (නි)
අසල්වැසි රටත් සමඟ සුහදව අපේ රට දියුණු කිරිමට ගන්නා උත්සාහය අගය කරමු. බිල්ලො මවන කුහකයන් හෙළාදකිමු. (නි)
මහින්ද ජනාධිපතිතුමා අනිත් පැත්තෙන් හිනාවෙනවා ඇති. එයාටත් ඔය මෝඩි ද දන්නේ නැහැ ත්‍රස්තවාදය නැති කරන්න උපදෙස් දුන්නේ. අනේ කාලේ වනේ වාසේ කිවුවලු. (නි)
පුටින් එක්ක අත්වැල් බැදගෙන පොටෝ ගත්තට අපිට පාඩුවෙන්නේ නැහැ ? ඒ වුණාට ලංකාවේ ජනාධිපතිට කියල කිසිවකට අත්සන් හෙම ගන්නවා නොවෙයි ඔන්න? (ම)
රංග ගිහිල්ලා පාකිස්ථානයේ පුරවැසිභාවය ගන්නකෝ ඉතින්
ත්‍රස්ත මර්දනය ගැන අසා දැනමුතුකම් ගතයුත්තේ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගෙනුයි. ඔහු යුද සැළසුම් හදනකොට සමහර යුධ ලේකම්වරුන් පවා ගොඩයට මැජික් ලීලාවෙන් බලා ඉන්න ඡායාරූප මාධ්‍ය වලින් අප දැක තිබෙනවා. (නි)
ත්‍රස්තවාදින් කොටුකරන හැටි මහින්ද ජනාධ්පති තුමාගෙන් අහගන්ඩ (අ)
බික්ස් එක්ක තියන බිම්ස්ටෙක් සමුළුව පාකිස්ථානය තනි කරන්න ඉන්දියාව හදපු දෙවැනි සාර්ක් සමුළුව. යුද්ධය තියනකොට අපිට හැම අතින්ම පාකිස්ථානය උදවු කළා. ලංකාව කළගුණ නොදන්නා දේශපාලකයින්ගෙන් පිරුණු රටක්ද? (නි)
අපේ ජනාධිපතිතුමා හින්දි භාෂාවෙන් වෙන්න ඕනෑ මෝදී එක්ක කතා කළේ. (නි)
ලෝක ජනගහනයෙන් බාගයයි ආර්ථිකයෙන් කාලයි .... කමක් නැහැ ...ඔබතුමා ගියා නම් අපේ මුළු ආර්ථිකය ඔබ තුමා අතේ වගේ ....(බ)
මාර වැඩක් වෙන්න යන්නේ අපේ රට අදින් පස්සේ සුර පුරක් වෙයි නේද ? (බ)
මොඩිට පුළුවන් ලංකාවෙන් ආදර්ශ අරගන්න ත්‍රස්තවාදියා මෙල්ල කරන හැටි. අපිට පුළුවන් ඉන්දියාවෙන් ඉගෙනගන්න මැරුණු ත්‍රස්තවාදියා නැතිවන හැටි.(අ)
දැන් වටකරලාද ඉන්නේ ත්‍රස්තයෝ ටික?