IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨයන් 77 කට සේවා විභූෂණ සම්මාන

(අංජුල මහික වීරරත්න)

යුද්ධයකදී නැතිවන ජීවිත නැවත ලබාදිය නොහැකි වුවත් ආර්ථික යුද්ධයකදී නැතිවන ආදායම නැවත ලබා දිය හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

රටක දේශපාලන හා භෞමික අඛණ්ඩතාව ස්ථාවරව පැවතීම, ආර්ථික යුද්ධය ජය ගැනීමට හොඳම සාධකය බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 77 දෙනෙකුට “විශිෂ්ට සේවා විභූෂණ” සම්මාන ප්‍රදානය වෙනුවෙන් අද (01) මහනුවර ජනාධිපති මන්දිරයේ පැවති උත්සවය අමතමිනි.

75 වන නිදහස් දින සැමරුමට සමගාමීව මෙම සම්මාන ප්‍රදානය සංවිධානය කර තිබිණි. විශිෂ්ට සේවා විභූෂණ පදක්කම සුවිශේෂී ප්‍රදානයක් වන අතර එය යුද හමුදාවේ ලුතිනන් කර්නල් සහ ඊට ඉහළ නිලවල නිලධාරීන් හා නාවික, ගුවන් හමුදාවල ඒ හා සමාන නිල දරන අවම වශයෙන් වසර 25ක අඛණ්ඩ සේවා කාලයක් හා යහපත් සේවා ඉතිහාසයක් හිමි නිලධාරීන් වෙත පමණක් ප්‍රදානය කෙරේ. 2019, 2020, 2021 වර්ෂවලට අදාළව යුධ හමුදා නිලධාරීන් 53 දෙනෙක්, නාවික හමුදා නිලධාරීන් 17 දෙනෙක් හා ගුවන් හමුදා නිලධාරීන් 7 දෙනෙක් වෙනුවෙන් මෙහිදි පදක්කම් ප්‍රදානය සිදු කෙරිණි. ත්‍රිවිධ හමුදා නිලධාරීන් 20 දෙනෙකු සඳහා “75 වන නිදහස් සංවත්සර අනුස්මරණ” පදක්කම් පිළිගැන්වීම ද ජනාධිපතිවරයා අතින් සිදු විය.

 



අදහස් (4)

ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨයන් 77 කට සේවා විභූෂණ සම්මාන

chandima Wednesday, 01 February 2023 11:11 PM

ඔය තරු පටි ගත්තා වගේ නෙමෙයි .හිලව්වට චන්දෙ කාලෙට මොනවා ඉල්ලයිද දන්නේ නැහැ ?

:       0       0

ජිනදාස Thursday, 02 February 2023 07:32 AM

ජනතාවගේ රණවිරු ගාය නම් දැන් සනීපයි.

:       2       0

Lal Thursday, 02 February 2023 09:48 AM

අභ්‍යන්තර හා බාහිර බලවේගවලින් රට ආරක්‍ෂා කිරීම ගැන ස්තුතියි

:       0       1

senaThursday, 02 February 2023 10:32 AM

ජ්‍යෙෂ්ටයින්ට සම්මාන දීලා වැඩක් නැහැ .කනිෂ්ඨයෝ බඩගින්නේ තියලා

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 290 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 192 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site