ත්රීරෝද රථ පාලනයට අදාල නීති හා රෙගුලාසි ක‍්‍රියාත්මක කිරීමට නියෝග කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා සමස්ත ලංකා ත‍්‍රීරෝද රථ රියදුරන්ගේ සංගමය ඇතුළු තවත් සංවිධානයක් ගොනු කළ පෙත්සම සළකා බැලූ අභියාචනාධිකරණය වගඋත්තරකරුවන්ට නොවැම්බර් 18 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් නොතීසි නිකුත් කළේය.
මෙම පෙත්සම අභියාචනාධිකරණ සභාපති විජිත් මලල්ගොඩ සහ එච්.සී.ජේ.මඩවල යන මහත්ම මහත්මීන්ගෙන් යුතු අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිණි.
සමස්ත ලංකා ත‍්‍රීරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතිය සහ බස්නාහිර පළාත් ත‍්‍රීරෝද රථ රියදුරන්ගේ සමූපකාර සමිතිය විසින් ගොනු කර තිබූ මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් හැටියට මෝටර් රථ ප‍්‍රවාහන කොමසාරිස් පොලිස්පති ඇතුළු 10 දෙනෙකු නම් කරනු ලැබ සිටිති.
පෙත්සම්කාර සංවිධානය හා බලධාරීන් ඉදිරිපත් කරන ලද කරුණු සැලකිල්ලට ගැනීමෙන් පසු අංක 1848/29 සහ අංක 1821/37 දරණ ගැසට් නිවේදන මඟින් ත‍්‍රීරෝද රථ පාලනය සඳහා රජය විසින් නීති පැනවූ බවත් මේ රෙගුලාසි අනුව ත‍්‍රීරෝද ගමනාගමනය අධීක්ෂණය කිරීමට බලලත් නිලධාරියකු පත්කිරීම සහ ත‍්‍රීරෝද රථ රියදුරන්ගේ බලපත් පරීක්ෂා කිරීමද ඊට ඇතුළත් බව පෙත්සම්කරුවෝ කියා සිටිති. එහෙත් මෙතෙක් මෙම රෙගුලාසි ක‍්‍රියාත්මක වී නොමැති බවත් එහෙයින් ත‍්‍රීරෝද රථ අනතුරු බෙහෙවින් වැඩිවී ඇතැයිද පෙත්සම්කරුවෝ කියා සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ත්‍රිරෝද රථ එළවන වැඩිදෙනෙක් පාරේ නීතිය දන්නේ නැහැ. කැරපොත්තෝ වගේ එකතැන හරවනවා . වමේ නීතිය නම් දන්නෙම නැහැ. අනවශ්‍ය මාර්ග තදබදයක් ඇති කරවනවා. ඉක්මනින්ම දැඩි නීති සකස්කළොත් හොඳයි. (නි)
රටේ ශ්‍රම බලකාය නිකරුනේ නාස්තිවෙන හා නිකන් හන්දි ගානේ ඉන්නකොට බොහෝවිට අපරාධ හා දුරාචාර වලට යොමුවේ. දැන් කොල්ලෝ ඉගෙනගන්න උනන්දුවක් නැහැ. 18 පැන්න ගමන් වැඩිගානක් නැහැ, ගන්නවා ත්‍රීරෝද.ඉගිලෙනවා උඩින්. පාරේ නීතියක් නැහැ. සත්තු වගේ යන්නේ. මඟීන්ගේ ආරක්ෂාව අන්තිමයි. යන අයටත් කොහොමහරි යනවා නම් ඇති. නීති ගෙන ආයුතුයි, ත්‍රීරෝද පැදවීමට වයස් සීමාවක්. ශ්‍රම බලකායට හොඳ පුහුණුව සහ විවිධ රැකියා යොමුවක් දියයුතුයි. (නි)
ඕවා ලංකාවට ගෙන්වන එකත් පාලනය කළොත් හොඳයි. දැන් රටේ පාරක ඇවිදින්නත් බැරි තරමට ත්‍රීරෝද. (නි)
ඇත්තටම මේක කරදරකාරී වාහනයක් (නි)
අනුරගේ කතාවට මමත් එකඟයි (නි)
පුදුමයි. හැබැයි හොඳ දෙයක්. විනය නීති දැඩි කළොත් තවත් හොඳයි. මොකද ඔය බහුතරයක් ත්‍රීරෝද එලවන අයගෙ කටට බ්‍රේක් නැහැනෙ. කවුද ඉන්නෙ මොනවද කියන්නෙ,විනය කියන එක බින්දුවයි. වැරදි කරලා අනිත් මිනිහට රවනවයි බනිනවයි. දන්නෙ නැහැ අනික් මිනිහා කට වහගෙන ඉන්නෙ නූගත් මෝඩයෙක් එක්ක කතාකරලා වැඩක් නැති නිසා කියන එක. ත්‍රීරෝද අවශ්‍යයි සීමාවක් සහිතව. බොහොමයක් කරදර වෙලාවට ඕනෑවෙන වාහනයක්. හැබැයි ඒ වෙනුවෙන් ලැබිය යුතු ප්‍රශංසාව කවදාවත් ලබා ගන්න බැරි පිරිසක්. මිනිස්සු රැවටීමෙත් සීමාවක් නැහැ. පාර ගැන දන්නෙ නැහැ කියලා දැනගත්තොත් වටේ එක්කගෙන ගිහින් ගාන කපා ගන්නවා. සමහර වෙලාවට හදිසි ලෙඩ්ඩු අරන් යනකොටත් ගාන කපාගන්න බලනවා. කර්මය ගැනත් කියලා දෙන්න වෙයි. (නි)
බලමු මේකෙන් මොකක්ද වෙන්නේ කියලා (නි)
ත්රීරෝද රථ සඳහා අනිවාර්යෙන් නියාමනයක් තිබිය යුතුයි. මාරක අනතුරු වැඩි වශයෙන් සිද්ධවන්නේ ත්‍රීරෝද රථ හා සම්බන්ධවයි. රටේ සමස්තයක් විදියට ත්‍රී රෝද රථ සදහා තිබෙන ඉල්ලුම මෙන් කිහිප ගුණයක රථ මේ රටේ තිබෙනවා. කිසිකෙනෙක් අවධානය යොමු නොකළාට, මේ ත්‍රීරෝද රථ රැකියාවට යොවුන් තරුණයන් ලේසියෙන් යොමුවීම තුළ රටේ විශාල ආර්ථික ඛේදවාචකයක් තිබෙනවා. වයස 18-20 වෙනකොට ත්‍රීරෝද රථයක් මිලදීගෙන හන්දියට වෙලා ජැන්ඩියට ඉන්න එක අද විලාසිතාවක් වෙලා. රටේ ශ්‍රම බලකායෙන් සැළකියයුතු පිරිසක් මෙලෙස අඩු ආදායම්, අවදානම්, පහසු රැකියා වලට යොමු වීමේ ප්‍රවණතාවය රටට අවාසිදායකයි. (නි)
බලමු ත්‍රීරෝද රථ වල ගාස්තුවට කවදාද පාලනයක් එන්නේ කියලා. (නි)
අනේ රටට ගිය කලක්. විත්තිකාරයෝ තමන්ට නීති හදන්න කියල උසාවි යනවා. මොනවා උනත් ත්‍රී වීල් සංගමයට අපේ නමස්කාරය. (ර)
ත්‍රි රෝද ශ්‍රී ලංකාවට දැන් ඇති නේද (බ)
දුමින්ද, වසන්ත, ඔබගේ අදහස් නිවැරදියි. ලංකාවේ ත්‍රී රෝද රථ දැන් හොඳටම වැඩියි. රටේ ප්‍රයෝජනවත් විය හැකි තරුණ ශ්‍රම බලකායක් හන්දි ගානේ කාලේ නාස්ති කරකර ඉන්නවා. එයට අමතරව මට හිතෙන විදියට ලංකාවේ බෝ නොවන ලෙඩ වැඩි වෙන්නත් ත්‍රීරෝද හේතුවක්. ඉස්සර වගේ පයින් යන්නේ නැතුව කිලෝමීටරයට අඩු දුරවල් පවා කම්මැලිකමට හන්දියක තියෙන ත්‍රී වීල් වල යන අවස්ථා පවා මං දැකලා තියෙනවා. පස්සෙ ප්‍රෙෂර් ඩයබිටික් කියලා බෙහෙත් ගන්නවා (නි)
ත්‍රී රෝද රථ කොළඹින් ඉවත්කරන්න වැඩපිළිවෙලක් හැදුවොත් හොඳයි. ට්‍රැෆික් වැඩිවෙන්න ප්‍රධාන හේතුව ත්‍රීරෝද. දුමින්දගේ අදහස් හරි. (නි)
කිසිදු සදාචාරයකට අයත් නැති, අසංවර පිළුණු කතාවෙන් පිරි මේ පිරිස නීතිරීති මඟින් පාලනය කිරීම පහසුවෙන්නේ නැහැ. රටක ශක්තිමත් තරුණ ජවය මහා පාරේ හන්දි ගානේ රස්තියාදු කරවීම දුරාචාරයට අපරාධ වලට පෙළඹවීමක්. අවුරුදු පනහ ඉක්මවූ තැන්පත් මිනිසුන් ඒ වෙනුවට යෙදවීම සුදුසුයි. (නි)
ත්‍රිරෝද රථ පදවන්නන් වැඩිම දෙනෙකුගේ නොමනා පැදවීම පාලනය කිරීමට දැඩි දඬුවම් පැනවීමේ හැකියාව ඇති නීති සකස් කළහොත් නරකද? (නි)
මේක හොන්ඩ ත්‍රී වීල් රියදුරන් ආරක්ෂා කරන්න ගත පියවරක්. සංගමය දැනගන්න ඕන වැරදි කරන එවුන් එලවන්න (අ)
ලොකු පුදුමයක් ත්‍රී රෝද සංගමයෙන්ම මෙම ඉල්ලීම ආපු එක. දැන් පෞද්ගලික කියන බස් රථ සංගම් වලටත් මෙවැනි බලධාරීන් පත් කළොත් නරකද? අඩුම ගණනේ කන් අඩි පැලෙන්න දමා ගෙන යන බෆල් තහනම් කිරීමටවත්! (බ)
ත්‍රිරෝද රථ ලංකාවට ගෙන්වන එකත් පාලනය කළොත් හොඳයි.(ම)