බණ්ඩාරගම වැල්මිල්ලව නරිකන්දේ ත්‍රිරෝද ලොරි අනතුරින් සිවු දෙනෙකු මරණයට පත් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ලොරි රියදුරු බණ්ඩාරගම මොරගහවත්තේ පදිංචි කපිල කුමාර මාර්තු 04 දක්වා රිමාන්ඩ් කරන ලෙස පානදුර අතිරේක මහේස්ත්‍රාත් කල්හාරි ලියනගේ මහත්මිය නියෝග කළාය.
බණ්ඩාරගම වැල්මිල්ලව නරිකන්දේ ත්‍රිරෝද ලොරි අනතුරින් සිවු දෙනෙකු මරණයට පත් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ලොරි රියදුරු බණ්ඩාරගම මොරගහවත්තේ පදිංචි කපිල කුමාර මාර්තු 04 දක්වා රිමාන්ඩ් කරන ලෙස පානදුර අතිරේක මහේස්ත්‍රාත් කල්හාරි ලියනගේ මහත්මිය නියෝග කළාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොටදෙනියාවේ බස් රියදුරාත් රිමාන්ඩ් වුණානේ. පෙනෙන ආකාරයට අනතුර වළක්වාගන්න මහන්සි වූ ලොරි රියදුරු නීතියෙන් නිදහස් වේවා කියලා පතනවා (නි)
මේ අනතුරට මූලික හේතුව රිය පදවද්දී ජංගම දුරකථන භාවිතය නොවුනත්, අද රටේ අහන්න වෙන රිය අනතුරු රාශියකට මූලික හේතුව ජංගම දුරකථන පදවමින් රිය පැදවීම. මෙයට කළ යුතු එක ප්‍රතිකර්මයක් තමා, රුපියල් ලක්ෂයක පමණ දඩයක් දඩ කොළයකින් නියම කිරීම. ඇත්තටම තමුන් නිවැරදිකරුනම් ගරු අධිකරණයෙදී තමුන්ගේ නිර්දෝෂීභාවය ඔප්පු කර නිදහස්විය හැකියි. සිංගප්පූරුව තුල මෙවැනි දඬුවම් ඉතා ජනප්‍රියයි. (බ)
පව් අසරණයා. (ර)
රිය අනතුරු සඳහා දඬුවම් වැඩි කළ යුතුමයි. නැත්නම් මිනිස්සු බල්ලෝ බළල්ලු ගානට දාලා රිය පදවන එක නතර කරන්න බැරිවෙයි. බරපතල වැඩ ඇතුව වසර ගණනකට හිරේ දමා ඔහුගෙන් ගන්නා වැඩ වලට වැටුප් ඔහුගේ පවුලේ නඩත්තුවටත්, හික්මීමක් නැති රියදුරකුට වාහනයක් බාරදීම ගැන ලොරි හිමිකරුගෙන් විශාල වන්දියක් ගෙන අනතුරට පත්වුණ පාර්ශවයට ලැබිය හැකි පරිදි නීතියක් ගෙනා හැකි නම් මාර්ග අනතුරු අඩුකර ගැනීමට පිටුවහලක් වෙයි. (නි)
මේ අනතුරු ප්‍රමාණය අඩුකරන්න පුළුවන් වැඩපිළවෙළක් සකසන්න බැරිද? (නි)
අනතුරක් වළක්වා නොගැනීම යටතේ මේක වරදක් තමයි. නමුත් බොහොම පැහැදිලි ලෙස අනෙක් රියදුරාගේ වරදින් අනතුරක් වූ විට වරද නොකර නීතිගරුකව වාහනය පදවපු කෙනා අත්අඩංගුවට නොගෙන සිටීමට නීතිය සකස් වෙන්න ඕනෑ. පහුගිය කාලේ වාහනයක් පිටුපස හප්පා මැරුණු මෝටර් සයිකල්කරුවන් නිසා අර ඉදිරියේ ගිය රියදුරාට අත්අඩංගුවේ සිටින්නට සිදුවුණා. නීති කඩන මිනිස්සු නිසා නීතිගරුක මිනිස්සු දුක්විඳින්නේ ඇයි? (නි)
ඇසින් දුටු සාක්ෂි අනුව නම් ඒ මනුස්සයාගේ කිසි වරදක් නැහැ නේද? විනයක් නැති ත්‍රීරෝද රියදුරන් අද පුදුම කරදරයක්. (නි)
අනතුරක් වුණාම ගැඹුරින් අධ්‍යයනය කළයුතුය. ත්‍රීරෝද රථ වැඩිහරියක් නීතියට අනුකූල නොවන ලෙස, රියදුරු බලපත් නොමැතිව ධාවනය කරන වාහනයකි. එය නැවතීම පොලිසියේ කාර්යයකි. රක්ෂණ ආයතනත් අනතුරු වැඩිකිරීමට උදවු කරනවා. (නි)