මෑත සමයේ වාර්තාවූ මත්කුඩු ජාවාරම් ආදී නොයෙකුත් සමාජ විෂම ක්‍රියාවන් සඳහා ත්‍රීරෝද රථ හා ඒවායේ රියදුරන් හවුල්කරුවන් වී තිබීම ගැටලුකාරී තත්ත්වයක් බව අන්තරාය ඖෂධ පාලන මණ්ඩලයේ සභාපති වෛද්‍ය තිලංග සමරසිංහ මහතා කියයි.
මේ තත්ත්වයට පිළියමක් ලෙස ත්‍රීරෝද රථ රියදුරන් වෙනුවෙන් ආචාරධර්ම මාලාවක් හඳුන්වාදීම සුදුසු බව ඒ මහතාගේ අදහසයි.
එවන් ආචාරධර්ම මාලාවක් සකස් කර ඇති ඔහු එය මේ වන විටත් ජනපති මෛත්‍රීපාල සිරිසේන ජනපතිවරයාට පිළිගන්වා ඇත.
ත්‍රීරෝද රථ බලපත්‍ර ලබාගැනීම සඳහා වයස අවුරුදු 25 සම්පූර්ණ කළයුතු වීමත්,ත්‍රීරෝද රථ රියදුරන්ගේ මාර්ග විනය සංවර්ධනය කෙරෙන වැඩසටහන් ක්‍රියාවට නැංවීමත්,ඔවුන් අත ගැවසෙන මුදල් නිසි ලෙස කලමණාකරණය කරගත යුතුවීමේ වැදගත්කම ගැන ඔවුන් දැනුම්වත් කිරීමෙන් නොයෙක් දුරාචාර ක්‍රියාවන්ට ඔවුන් යොමුවීමෙන් වළක්වා ගැනීමත්,ත්‍රීරෝද රථ පැදවීමටත් අධ්‍යාපන සුදුසුකම් සැපිරීම අනිවාර්ය සුදුසුකමක් කිරීමත් වැනි යෝජනාවන්ද මෙම ආචාරධර්ම මාලාවේ අන්තර්ගතය.
බාල වයස්කාර විවාහයන් සිදුවීමේ ප්‍රවණතාවයේ ඉහළ යෑමක් දැකගත හැකි බවද කියන වෛද්‍ය තිලංග සමරසිංහට අනුව මෙම තත්ත්වයද ත්‍රීරෝද රථ පැදවීම රැකියාවක් ලෙස තෝරාගැනීමට වර්තමාන තරුණ පරම්පරාව යොමුකර තිබෙන්නකි.
ෙඑනිසා එවන් විවාහයන් සීමා කිරීමටද පියවර ගතයුතුව ඇතැයිද ඒ මහතා පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ත්‍රි රෝද රථ රියදුරන් ගැන විතරක් නෙමේ, ඔය ත්‍රි රෝද රථය ගැනත් අපිට නම් ගැටළු තියනවා. ඕක මහා මාර්ගයකට සුදුසු වහනයක් නෙමේ. දියුණු සංවර්ධිත රටවල් නම් ඔවැනි පාරට නුසුදුසු වාහන ගන්නේ නැහැ. (ර)
මැති ඇමති රියදුරන්ටත් ආචාර ධර්ම කියලා දෙන්න. (ර)
සමාජ විද්‍යාත්මක දෘෂ්ටි කෝණයන් බලනවිට ත්‍රිරෝද සංස්කෘතිය කියා උප සංස්කෘතියක් ශ්‍රී ලංකා සමාජ ආර්ථික සන්දර්භය තුළ පැහැදිලිව හඳුනාගන්න පුළුවන්. ඇති නැති පරතරය පුළුල් වූ වේගයට සමානුගාමිකව දුප්පතාගේ එකම වාහනය බවට පත්වූ මෙම මගී ප්‍රවාහන රථය හොඳින් හෝ නරකින් ජන ජීවිතයට ඇතුළු වී අවසානයි. කිසියම් සේවයක් සළසන එමෙන්ම තරුණ පරපුරේ රැකියා වියුක්තියට එක් තාවකාලික විසඳුමක් ලෙස මෙය සමාජගත වුවත් අපරාධ උප සංස්කෘතියේ වෙන්කළ නොහැකි උපාංගයක් බවට ත්‍රීවීලරය පත්වීම වැළැක්වීමට කිසිම බලධාරියෙක් අපොහොසත් වුයේ එය ඒ තරම් ජන ජීවිතයට සමීප වූ නිසයි. ත්‍රීවීර් රියදුරන්ට පමණක් ආචාර ධර්ම පද්ධතියක් හඳුන්වා දෙනවා කියන්නේ අතීසාරයට අමුඩ ගැසීමක්. වැරදි දේශපාලන හා වැරදි ආර්ථික කළමනාකාරිත්වයේ අවජාතක දරුවන් ලෙස හැඳින්විය හැකි නීති උල්ලංගනය, විනය විරෝධී වීම, ආචාර ධර්ම වලින් ඈත්වීම වැනි සමාජ විරෝධී ක්‍රියා හටගත්තේ ත්‍රිරෝද සංස්කෘතිය හරහා නොව සමස්ත සමාජයම වෙළාගත් සාරධර්ම පරිහානිය නිසා බව අවබෝධ කරගනිමින් රටටම පොදු ආචාර ධර්ම පද්ධතියක් හඳුන්වාදීමට රජය නොපමාව ක්‍රියා කළයුතුව ඇත. (නි)
මමත් කියන්නේ ත්‍රී රෝද රථ ලංකාවට ගෙන්වීම පාලනය කල යුතුයි .(අ)
ත්‍රීරෝද රියදුරන්ටත් ආචාරධර්ම කියා දෙනවනම් හොදයි. (ර)
ත්‍රීරෝද රථ වලින් තම වැඩිම ගානක් මරණයට පත් වන්නේ. (ර)
ත්‍රිරෝද රියදුරන්ටද ,යතුරුපැදිකරුවන්ටද, ඇතැම් ප්‍රභූ රියදුරන්ටද සහ පුද්ගලික බස් රියදුරන්ටද ආචාර ධර්ම මාලාවක් සැදිය යුතුයි. (නි)
රටේ මාර්ග තදබදය අවම කිරීමට සහ විනයානුකුල වාහන ධාවනය ඇතිකිරීමට නම් අනිවාර්යෙන්ම ත්‍රිරෝද රථ සඳහා විශේෂ නීති හඳුන්වාදීම ,පවතින මාර්ගනීති ගැන රියදුරු පුහුණු කඳවුරු පවත්වා ඉගැන්වීම මාර්ග නීති කඩකරන ත්‍රිවිල් රියදුරන්ට දඩ ගැසීම හා රටේ පවතින ත්‍රිවිල් සංඛ්‍යාව අඩුකිරීමට පියවර ගැනීම අනිවාර්යෙන්ම කළයුතුයි. ත්‍රිරෝද රියදුරන් කිසිම මාර්ග නීතියක් ගැන සදාචාරයක් ගැන තැකීමක් නැතුව තම රථ ධාවනය කරනවා පමණක් නොවේ, විනයානුකූලව යන රියදුරන්ට තර්ජනය කිරීම් පවා කරනවා. මෙය නැවත්වීම යහපාලනයට කටයුතු කරන රජයට ජනතාව වෙනුවෙන් කරන්න හැකි ලොකුම සේවයක්.මෙතුවක් කල් මේ ගැන කිසිවෙක් අවධානය යොමු කළේ නැහැ. නමුත් තවදුරටත් මෙම තත්වය වර්ධනය වුවහොත් මේ රටේ මහාමාර්ග තනිකරම ත්‍රීරෝද රියදුරන් තමුන්ගේ අණසකට ගනීවි.ඉන්දියාවේ මෙය මාෆියාවක් වී අවසානයි. වහාම මේ ගැන කටයුතු කරන්න (නි)
ත්‍රීරෝද කුලී රථ සමඟ අපතේ යන්නේ රටේ සංවර්ධනයට කාර්යක්ෂමව ඵලදායීව යොදාගත හැකි ශ්‍රම බලකායයි. නිකරුනේ රථ ගාල්වල ඉන්නකොට නිකම්ම මෙම තරුණයන් හොර මැරකම් දුෂණ අපචාර වලට යොමුවෙනවා. ත්‍රීරෝද කුලී රථ ධාවනය කිරීම අඩුම ගානේ 40 වඩා වැඩි වියයුතු බවට නීති ගෙන ආ යුතුය. එවිට තරුණයන් වෘත්තීය ශිල්ප සඳහා යොමුවේ. නමුත් දැන් කොල්ලෝ බහුතරයක් ඉගෙන ගන්නවත්, වෘත්තීය අධ්‍යාපනයටවත් උනන්දු නොවේ. සා. පෙ. ඕනෑවට එපාවට කර (දෙමාපිය බලයට) 18 සම්පූර්ණ වූ විට රියදුරු බලපත ගෙන ලීසිං දමා හෝ රථයක් ගෙන, නීතියක් සදාචාරයක් නැතුව "තරුණ මදයට" හැසිරෙනවා. (නි)
හොද වැඩක්. (ර)
ත්‍රීරෝද රථ විතරක් නෙමෙයි,සියළුම රියදුරන්ට ආචාර ධර්ම හඳුන්වලා දෙන්න ඕනෑ. (නි)
සියල්ලටම කලින් පාරේ රිය පදවන ආචාර ධර්ම කියලා දෙන්න (නි)
අංක 1ට හැදියයුත්තේ දේශපාලඥයින්. ඉන්පසු පුළුවන් ඉතිරිය (නි)
තව දේවල් තිබෙනවා හැදෙන්න. සාධාරණ අයකිරීම් එහෙම (නි)
මෙයාල තමයි හන්දියක් ගානේ බුදු පිළිම හදාගෙන උදේ හවස බණ පිරිත් දමාගෙන ඉන්නේ. ඒ වුණාට අනිත් මිනිසුන්ගේ අයිතියට ගරු කරන්නේ නැත්තෙත් මෙයලමයි (නි)