යුද හමුදා කඳවුරුවලට හා සෙබළුනට පහර එල්ල කිරීමේ චෝදනා යටතේ දෙවසරක් තිස්සේ ත්‍රිකුණාමල මහාධිකරණයේ නඩුවකට මුහුණදුන් ත්‍රිකුණාමල හා පළම් පටාර් හිටපු සන්නද්ධ කොටි නායක සුබ්‍රමනියම් වරදනාදන් (පදුමන්) මහාධිකරණ විනිසුරු ආර් අමල් රණරාජා විසින් අද නිදොස් කොට නිදහස් කරනු ලැබීය.
2001 ජූලි 01 වැනිදා සිට 2001 දෙසැම්බර 31 දක්වා කාලයේ පාලම් පාටර් කොටි නායක වශයෙන් සිටි විත්තිකරු සිදු කළ ප්‍රහාර හා ඝාතන සම්බන්ධයෙන් නීතිපති උපදෙස් මත ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ චෝදනා ගොනු කර තිබිණි.
ඔහුගේ පාපොච්චාරණය පමණක් ඔහුට එරෙහි සාක්කි වශයෙන් ඉදිරිපත් කළ අතර එහි ඇති දුර්වලතා සැලකිල්ලට ගෙන මාහාධිකරණ විනිසුරු විත්තිකරු නිදොස්කොට නිදහස් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කේ පී ද නිදහස් කරගත්තේ? (නදී)
අපි තමයි දැන් වැරදි.(නදී)
කට්ටිය කට හොල්ලනවා නෙවෙයි , මේක එක රටක්. මට හැමොම එකයි. ඔන්න කීවා. (ස)
කේ පි ගේ වැඩ ගැන හොඳට කැපිලා පේනවා දැන්! (ස)
මදුරුවෙක්වත් මැරුවේ නැති අපි ද දැන් මිනීමරුවෝ ?.(නදී)
මෙය කොටි නායකයෙක් වෙලා හිටියා නම් ,ඒක පිළිගන්නවා නම් තව සාක්ෂි මොකටද? හමුදා කදවුරු වලට පහර දුන්නේ කොටි මිසක් අගහරු ලෝකෙන් ආව ජීවින් නෙමෙයිනේ (නි)
අන්තිමේදී කාට සාක්කි දෙන්න යන්න වේවිද දන්නෙ නැහැ (නි)
ජනපති ! ඔබ කොහෙද ?(නදී)
හමුදාවට ගහපු කෙනා නිදහස්. නමුත් කොටින්ට ගහපු ජෙනරාල් ෆොන්සේකා හිරේගියා. (නි)
අනේ අපිත් එල්.ටී.ටී.ඊ. හිටියා නම්. (නි)
ඔහු වැරදී තේරුම් ගෙන නිවැරදිව සමාජගත වුණොත් ඉතා වැදගත්.මොකද අපිට ඕනෑ සාමකාමී එක්සත් රටක්.සිංහල බෞද්ධ සංස්කෘතියයි වරදට සමාව දිමයි සාමාන්‍ය දෙයක් (නි)
වරදට සමාවදීම දේව ගතියක් (නි)
හෙට දෑත ශක්තිමත් කරන්න එකතු වේවිද දන්නේ නැහැ (නි)
සාක්කි දුර්වලකම නිසයි කොටි නිදහස් වෙන්නේ. (නි)
මෙයාටත් නොමිනේෂන් දෙයි. (ස)
නවනීදන් පිල්ලෙගෙන් ලංකාවට තව ලකුණු ටිකක් ලැබේවි .මෙතන මානව හිමිකම් ප්‍රශ්නයක් නැද්ද .පැත්තට ඇදල වගේ ...... (ස)
වරදක් කළත් සිතකින් නොවේ.(නදී)
කොටි ත්‍රස්තවාදීන් හරිම නිර්දෝෂී තොත්ත බබලා. බලාගෙන යනකොට ඔක්කොම වැරදි කරලා තිබෙන්නේ සරත් ෆොන්සේකා මහතායි. එම නිසා එතුමාට තමයි දඩුවම් කළේ.(නදී)
පුල්ලි මැකිලද? (ස)
නීතිපති සාක්කි දුර්වලයි? ඒක ඉහලින් ආපු නියෝගයක්! (ස)
විත්තිකරු වරද පිළිගත්තට පස්සෙක් නිදොස් කරන්න පුළුවන්ද? අපි ට්‍රැෆික් නඩු වලදි වරද පිළිගත්ත ගමන්ම දඩය ගහනවනේ.අපිට එක නීතියක් කොටින්ට එක නීතියක්. (ස)
දඩුවම් දීලා ඇතුලට දාලා නඩත්තු කරනවාට වඩා එළියට දාන එක හොඳයි. හැබැයි පිල්ලේ නෝනා වගේ අයට පිළිතුරු දෙන්න ඉදිරිපත් කරන්න ඕනෑ. (ස)
එතකොට අර හමුදා ලොක්කා වැරදිකරුවා වුනේ කොහොමද? (ස)
වරුණ කෝ කෝ උරුලෑවත් අරගෙන එන්න! හැබයි කොල්ලෝ තොප්පිය අමතක කරන්න එපා මේ දවස්වල. (ස)
කේ.පි ට හොදට සල්ලි තියෙනවා නේද? (නදී)
දැන් බලාගෙන යනකොට ලංකාවේ යුද්ධයක් තිබිලත් නැහැ. මේ පොඩි පොඩි සෙල්ලම් ගෝරි විතරයි තිබිලා තියෙන්නේ. අහෝ අපේ සුන්දර මව් බිමට ගිය කල්.(නදී)