ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ කණ්ඩායම අතර ශාන්ත කිට්ස්හි වෝනර් උද්‍යානයේදී පැවැත්වෙන සිව්දින ටෙස්ට් තරගාවලියේ තෙවැනි දිනය වූ ඊයේ (7 වැනිදා) අවසන් වන විට බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 5 ක් දැවී ලකුණු 494 ක් ලබා සිටියේය.
පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් සියලූ දෙනා දැවී ලකුණු 472 ක් රැස්කළේය.
ශී‍්‍ර ලංකා ‘ඒ’ පිල වෙනුවෙන් වෙහෙසකර පන්දු යැවීමක යෙදුනු තරිඳු කෞෂාල් ඕවර 46 ක් යවමින් කඩුලූ 3 ක් දවාගත් නමුත් ඔහුගෙන් ලකුණු 186 ක් ලබාගැනීමට කොදෙව් පිතිකරුවෝ සමත් වූහ. ශී‍්‍ර ලංකා නායකයා, තමන්ද ඇතුළුව පන්දු යවන්නන් 8 දෙනකු සේවයේ යොදවාගත් නමුත් ඔහුට දවාගත හැකිවූයේ කඩුලූ 5 ක් පමණි.
බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ කණ්ඩායමේ කර්ක් එඞ්වර්ඞ්ස් හතරේ පහර 26 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 190 ක්ද, අසාද් ෆුදදින් හතරේ පහර 16 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 145 ක්ද ලබාගත්හ.
ශ්‍රී ලංකා ‘ඒ’ මුල් ඉනිමේදී නායක දිමුත් කරුණාරත්න (101) සහ චතුරංග ද සිල්වා ශතක ලබාගත්හ. උදාර ජයසුන්දර ශතකයක් ලබාගත් බව මීට පෙර වාර්තා වූයේ ප‍්‍රමාද දෝශයකිනි.
ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සියලූ දෙනා දැවී ලකුණු 472
(දිමුත් කරුණාරත්න 101, උදාර ජයසුන්දර 57, කිත්රුවන් විතානගේ 62, චතුරංග සිල්වා 109, නිකිතා මිලර් 141/6)
බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ කණ්ඩායම කඩුලූ 5 ක් දැවී ලකුණු 494
(කර්ක් එඞ්වර්ඞ්ස් 190, අසාද් ෆදුදින් 145, ලියොන් ජොන්සන් නොදැවී 80, තරිඳු කෞෂාල් 186/3)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තරිදු ඉතාමත් හොද අනාගතයක් තියන කෙනෙක්.(නදී)
උදාර ජයසුන්දර 101 ඒක වැරදි නැහැ.(නදී)