පාසල් රග්බි පාපන්දු සංගමය මෙහෙයවන වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ (2013) පළමු කොටසේ පස්වැනි සතියේ තරග අවසන් වන විටත් මහනුවර ත‍්‍රිත්ව විදුහල අපරාජිතව ‘ඒ’ කාණ්ඩයේ ප‍්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානය රැකගැනීමට සමත්ව සිටියේය.
ත‍්‍රිත්ව විදුහල් ක‍්‍රීඩකයෝ පස්වැනි සතියේ තරගයේදී වෙස්ලි විදුහලට එරෙහිව ලකුණු 22-19 ක තියුණු ජයක් ලබමින් ප‍්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානය රැකගැනීමට සමත් වූහ. ත‍්‍රිත්ව විදුහල මේ වන විට ප‍්‍රසාද ලකුණු 24.5 ක් ලබා සිටියි.
මහනුවර ධර්මරාජ විදුහල අපරාජිතව ප‍්‍රසාද ලකුණු 23.5 ක් හිමිකර ගනිමින් දෙවැනි ස්ථානයේ පසු වෙයි. අවසන් ස්ථානයේ පසුවූ ඉසිපතන විදුහල පස්වැනි තරගයේ පළමු ජය ලබමින් 9 වැනි ස්ථානයට පැමිණ තිබේ.
ප‍්‍රසාද ලකුණු සටහන - පළමු කොටස - ‘ඒ’ කාණ්ඩය
| පාසල | තරග | ජය | පරාජ | වි/තො | ලැ/ල | දු/ල | අ/ප‍්‍ර | ප‍්‍ර/ල | සාමා. |
| ත‍්‍රිත්ව | 5 | 4 | - | 1 | 147 | 110 | 2.0 | 24.5 | 4.90 |
| ධර්මරාජ | 5 | 4 | - | 1 | 147 | 123 | 1.0 | 23.5 | 4.70 |
| වෙස්ලි | 5 | 3 | 2 | - | 126 | 117 | 2.5 | 19.5 | 3.90 |
| ශා. පීතර | 5 | 3 | 2 | - | 166 | 105 | 2.0 | 19.0 | 3.80 |
| විද්‍යා | 5 | 2 | 2 | 1 | 110 | 92 | 2.0 | 16.5 | 3.30 |
| ශාන්ත අන්තෝනි | 5 | 2 | 2 | 1 | 92 | 133 | 1.5 | 15.0 | 3.00 |
| රාජකීය | 5 | 2 | 3 | - | 104 | 117 | 1.0 | 14.0 | 2.80 |
| ශා. ජෝශප් | 5 | 1 | 3 | 1 | 94 | 138 | 1.0 | 11.5 | 2.30 |
| ඉසිපතන | 5 | 1 | 4 | - | 99 | 137 | 1.0 | 10.0 | 2.00 |
| කිංග්ස්වුඞ් | 5 | - | 4 | 1 | 91 | 129 | 2.0 | 8.5 | 1.70 |
කෙටි යෙදුම් : වි/තො - විසඳුමකින් තොර, ලැ/ල - ලැබු ලකුණු, දු/ල - දුන් ලකුණු, අ/ප‍්‍ර - අතිරේක ප‍්‍රසාද ලකුණු, ප‍්‍ර/ල - ප‍්‍රසාද ලකුණු, සාමා. - සාමාන්‍ය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd