පාසල් රග්බි පාපන්දු සංගමය මෙහෙයවන වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ (2013) පළමු කොටසේ පස්වැනි සතියේ තරග අවසන් වන විටත් මහනුවර ත‍්‍රිත්ව විදුහල අපරාජිතව ‘ඒ’ කාණ්ඩයේ ප‍්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානය රැකගැනීමට සමත්ව සිටියේය.
ත‍්‍රිත්ව විදුහල් ක‍්‍රීඩකයෝ පස්වැනි සතියේ තරගයේදී වෙස්ලි විදුහලට එරෙහිව ලකුණු 22-19 ක තියුණු ජයක් ලබමින් ප‍්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානය රැකගැනීමට සමත් වූහ. ත‍්‍රිත්ව විදුහල මේ වන විට ප‍්‍රසාද ලකුණු 24.5 ක් ලබා සිටියි.
මහනුවර ධර්මරාජ විදුහල අපරාජිතව ප‍්‍රසාද ලකුණු 23.5 ක් හිමිකර ගනිමින් දෙවැනි ස්ථානයේ පසු වෙයි. අවසන් ස්ථානයේ පසුවූ ඉසිපතන විදුහල පස්වැනි තරගයේ පළමු ජය ලබමින් 9 වැනි ස්ථානයට පැමිණ තිබේ.
ප‍්‍රසාද ලකුණු සටහන - පළමු කොටස - ‘ඒ’ කාණ්ඩය
| පාසල | තරග | ජය | පරාජ | වි/තො | ලැ/ල | දු/ල | අ/ප‍්‍ර | ප‍්‍ර/ල | සාමා. |
| ත‍්‍රිත්ව | 5 | 4 | - | 1 | 147 | 110 | 2.0 | 24.5 | 4.90 |
| ධර්මරාජ | 5 | 4 | - | 1 | 147 | 123 | 1.0 | 23.5 | 4.70 |
| වෙස්ලි | 5 | 3 | 2 | - | 126 | 117 | 2.5 | 19.5 | 3.90 |
| ශා. පීතර | 5 | 3 | 2 | - | 166 | 105 | 2.0 | 19.0 | 3.80 |
| විද්‍යා | 5 | 2 | 2 | 1 | 110 | 92 | 2.0 | 16.5 | 3.30 |
| ශාන්ත අන්තෝනි | 5 | 2 | 2 | 1 | 92 | 133 | 1.5 | 15.0 | 3.00 |
| රාජකීය | 5 | 2 | 3 | - | 104 | 117 | 1.0 | 14.0 | 2.80 |
| ශා. ජෝශප් | 5 | 1 | 3 | 1 | 94 | 138 | 1.0 | 11.5 | 2.30 |
| ඉසිපතන | 5 | 1 | 4 | - | 99 | 137 | 1.0 | 10.0 | 2.00 |
| කිංග්ස්වුඞ් | 5 | - | 4 | 1 | 91 | 129 | 2.0 | 8.5 | 1.70 |
කෙටි යෙදුම් : වි/තො - විසඳුමකින් තොර, ලැ/ල - ලැබු ලකුණු, දු/ල - දුන් ලකුණු, අ/ප‍්‍ර - අතිරේක ප‍්‍රසාද ලකුණු, ප‍්‍ර/ල - ප‍්‍රසාද ලකුණු, සාමා. - සාමාන්‍ය
2025 දෙසැම්බර් මස 18
39
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
129
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
928
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ත‍්‍රිත්ව විදුහල පෙරමුණ රැකගනී