IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ත‍්‍රිත්ව අවසන් තරගයට එයි

වයස 20 න් පහළ පිළිම`ඵන් පිටු දැකීමේ රග්බි තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට මහනුවර ත‍්‍රිත්ව විදුහල් ක‍්‍රීඩකයෝ සමත් වූහ.

ජනාධිපති’ කුසලාන වෙනුවෙන්, ශී‍්‍ර ලංකා පාසල් රග්බි සංගමය විසින් ‘මයිලෝ’ අනුග‍්‍රහයන් සංවිධානය කරනු ලබන මෙම තරගාවලියේ  අවසන් මහ තරගය වෙස්ලි විදුහල සහ ත‍්‍රිත්ව විදුහල අතර මේ මස 14 වැනිදා පස්වරු 4.30 ට කොළඹ රාජකීය විදුහල් රග්බි පිටියේදී පැවැත්වේ.  

කොළඹ රාජකීය විදුහල් රග්බි පිටියේදී අද (09) පැවැති අවසන් පූර්ව තරගයේදී ත‍්‍රිත්ව විදුහල් පිල විසින් ලකුණු 40-37 ක් ලෙස බම්බලපිටිය ශාන්ත පීතර විදුහල පරාජය කරන ලදි.

පළමු අර්ධය අවසන් වන විට ශාන්ත පීතර විදුහල ලකුණු 23-20 ක් ලෙස පෙරමුණේ සිටියද ත‍්‍රිත්ව විදුහල් ක‍්‍රීඩකයෝ දෙවැනි අර්ධයේ අවසන් මිනිත්තු 10 තුළදී ඉදිරියට පැමිණීමට සමත් වූහ.

ජයග‍්‍රාහි ත‍්‍රිත්ව විදුහලට ගෝල 4 කින්, ඩ්‍රොප් ගෝලයකින් සහ දඩුවම් පහර 3 කින් ලකුණු එකතු වූ අතර ශාන්ත පීතර විදුහල ගෝල 3 කින්, උත්සාහක දිනුම් 2 කින් සහ දඩුවම් පහර 2 කින් ලකුණු ලැබීය.
 



අදහස් (0)

ත‍්‍රිත්ව අවසන් තරගයට එයි

ඉරින්සාන් Friday, 12 July 2013 04:31 PM

රොමා ඉසිපතනෙන් හොදටම කාපු කොනක් වගේ. හොද විනය තියන කොල්ලෝ අපි පහුගිය දවස් ටිකේම දැක්කා රූපවාහිනියෙන්.(නදී)

:       0       0

චානක. Wednesday, 10 July 2013 12:39 PM

රිස්වාන් මොන අවුරුද්දේද ඔයාලා රගර් පටන් ගත්තේ? (නි)

:       0       0

ඉන්දික Friday, 12 July 2013 11:17 AM

රෝමා, ඉසිපතනය තරගාවලිය වර්ජනය කරලලු තියෙන්නේ (දී)

:       0       0

ෂෙහාන් අමල් Wednesday, 10 July 2013 01:08 PM

අනිවාර්යෙන්ම ට්‍රිනිටි දිනනවා (අ)

:       0       0

රන්මලී Friday, 12 July 2013 05:24 PM

මොනවා වුනත් ඉසිපතන කියන්නේ නියම පිරිමි ඉන්න පාසැලක්. මමත් හැම රගර් තරගයක්ම වගේ බලලා තියෙනවා. මුලින්ම වැරදි කරන්නේ අනිත් අය. ඊට පස්සේ ඉසිපතනෙන් කාලා නරකයි කියනවා. මම දැකපු දේ මම කියන්නේ. ඒ වගේ එකමුතු කමක් තියෙන පාසැලක් මම දැකලා නැහැ තාම ලංකාවේ.(නදී)

:       0       0

හිරන්ත Wednesday, 10 July 2013 08:21 AM

වෙස්ලි අනාවාර්යෙන්ම මැච් එක ගහනවා. (නදී)

:       0       0

හිරන්ත Wednesday, 10 July 2013 08:54 AM

‍වෙස්ලි අනිවාර්යෙන්ම මැච් එක ගහනවා . වෙස්ලි රගර් ගහන්ඩ පටන් ගන්නකොට මේ අය ටීක් බෝල ගැහැවුවේ.(නදී)

:       0       0

නදීකා Thursday, 11 July 2013 08:20 AM

විමුක්ති, වැඩක් නැහැනේ. කින්ස්වූඩ් ලංකාවට රගර් හදුන්වලා දුන්නට දැන් දිගටම මැච් පරදිනවනේ. දැන් ඉන්න ටීම් එක බට්ටෝනේ පනින්නේ (නි)

:       0       0

දිසානායක Wednesday, 10 July 2013 09:23 AM

නුවර ඉස්කෝලම දෙකක් අවසන් තරඟයට එයි කියලයි මම බලාගෙන හිටියේ.ලබන සැරේ බලමු. (නි)

:       0       0

රිස්වාන් ඩුබායි Wednesday, 10 July 2013 09:24 AM

හිරන්ත, ලංකාවේ පළමුවෙන්ම රගර් සෙල්ලම් කලේ කින්ග්ස්වූඩ් සහ ත්‍රිත්ව විදුහල් දෙකයි.ඒ 1906 අවුරුද්දෙ.අපි රගර් සෙල්ලම් කරනකොට ලංකාවේ කවුරුත් රගර් සෙල්ලම් කලේ නැහැ. අද නුවර නැත්නම් රගරුත් නැහැ (නි)

:       0       0

රිස්වාන් ඩුබායි Wednesday, 10 July 2013 02:04 PM

චානක, ඔයාට මොනවද රගර් ගැන දැනගන්න ඕනෑ? (දී)

:       0       0

රෝමා Thursday, 11 July 2013 04:35 PM

රින්සාන්, ගහපු මැච් වලින් සෑහෙන ප්‍රමාණයක් පරාදයි.කොහොමත් විනය නැති කොල්ලෝ කොහේටවත් වැද්ද ගන්නේ නැහැනේ. දැන් කෙදිරි ගන්ඩ එපා හලෝ ,ලබන පාර උත්සාහ කරන්න (නි)

:       0       0

සිංහ Wednesday, 10 July 2013 09:52 AM

හිරන්ත,දෙයක් කතාකරන්න කලින් දැනගෙන කතාකරන්න. (නි)

:       0       0

ශශීමාල් Wednesday, 10 July 2013 10:04 AM

රගර් වලට හොද ක්‍රීඩකයෝ බිහිවුනේ කොළඹ ඉසිපතන විදුහලෙන්. (නි)

:       0       0

අමිත් Wednesday, 10 July 2013 10:07 AM

සැලෙන්න එපා පීටර්ස් පුතුනි. ඉස්සරහට උත්සාහ කරන්න මීට වඩා (නි)

:       0       0

චානක. Wednesday, 10 July 2013 08:18 PM

රිස්වාන්, රගර් බෝලය නිර්මාණය කල පුද්ගලයා කව්ද කියලා කියනවද? (නි)

:       0       0

විමුක්ති Wednesday, 10 July 2013 02:37 PM

හිරන්ත , නුවර කිග්ස්වූඩ් සහ ත්‍රිත්ව තමයි ලංකාවේ පළමු රග්බි තරඟය ක්‍රීඩා කලේ 1893 දී. කින්ග්ස්වූඩ් තමා ලංකාවට රග්බි හදුන්වලා දුන්නේ 1891දී. 2003 කින්ග්ස්වූඩ් සහ ත්‍රිත්ව 100 තරඟය තිබ්බා. (දී)

:       0       0

රින්සාන් Thursday, 11 July 2013 09:20 AM

ඉසිපතන හලපු එකනම් මාර අසාදාරණ වැඩක්...එකෙන් මේකෙන් හැමොටෝම ලේසි උනා..නැත්නම් හොද තරගයක් බලන්න තිබුනා. (ස)

:       0       0

ක්‍රිකට් පිස්සෙක් Tuesday, 09 July 2013 10:10 PM

කමෝන් ට්‍රිනිටි, ජය නියතයි(නි)

:       0       0

ඉන්දික Thursday, 11 July 2013 02:23 PM

අපරාදේ ඉසිපතන නැත්තේ (නි)

:       0       0

වරුණ Wednesday, 10 July 2013 03:09 AM

මම ධර්මරාජයේ. නමුත් ත‍්‍රිත්ව විදුහලට සුබ පතමි. අවසන් මහ තරගයට හොද විනිසුරුවන් ලැබේවා කියා පතමි. හොද විනිසුරුවන් ලැබුනොත් ත‍්‍රිත්ව විදුහලට ජය! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 310 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 201 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site