තොරතුරු දැනගැනීමේ පනත ක්‍රියාත්මක කරමින් ගැසට් නිවේදනය රජය මගින් ප්‍රකාශයට පත් කර ඇත.
ඒ අනුව පෙබරවාරි 3 වැනිදා සිට තොරතුරු පනත බලාත්මක වන පරිදි ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති අතර තොරතුරු දැනගැනීමේ පනත පසුගිය ජූනි 24 වැනිදා පාර්ලිමේන්තුවේ දී සම්මත විය.
රජයේ අමාත්‍යාංශයන් , මණ්ඩලයන්, දෙපාර්තමේන්තු, රාජ්‍ය සංස්ථා, සංස්ථාගත සමාගම්, පළාත් පාලන ආයතන, පළාත් දෙපාර්තමේන්තු හා පළාත් අධිකාරී මෙම පනතට යටත් වන අතර රාජ්‍ය නොවන සංවිධාන, පෞද්ගලික විශ්වවිද්‍යාල සහ වෘත්තීය ආයතන ඇතුළු උසස් අධ්‍යාපන ආයතන, අධිකරණ, ආදී ආයතන ද මෙම පනතට යටත් කෙරේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිවැරදි තොරතුරු ජනතාව දැනගන්නවා කියන්නේ හරි වටිනා දෙයක්. හැබැයි ඕක දැනගත්තට පස්සේ ඒකාබද්දේ ජවිපෙ කුරුටුගාමීන් වගේ අයට දැනගන්න තොරතුරට වඩා වටින්නේ පනතේ කරන්න බැරි අඩුපාඩු ටික විතරයි.හැමදාම ඔන්න මාධ්‍ය සාකච්ඡාවේ මාතෘකාව තොරතුරු පනත (නි)
තොරතුරු වාර්තා කරන පුද්ගලයොත් විධිමත් කරන්න. පනත සම්පුර්ණ වෙන්නේ එතකොට ..(බ)
කන්දක් විළිලා මීයෙක් වැදුවා වාගේ (බ)
එතකොට ටෙන්ඩර් ඇතුව හෝ නැතුව මාටියා ගහන මුදල් ගැනත් හරියටම කියනවද? (නි)
88/89 කාලය වගේ ඒවා බලධාරියා විසින් කපාහරින ලදී වෙයිද? (නි)