ශ්‍රී ලංකාවේ සෑම පවුලකම තරුණ දරුවන්ට ඉතා අඩු මුදලට ස්මාර්ට් ජංගම දුරකථනයක් සහ ටැබ්ලට් පරිගණකයක් ලබාදීමේ විශේෂ ව්‍යාපෘතියක් ඇරැඹීමට නියමිත බව විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.
ලංකාවේ ප්‍රධාන රෝහල් සියල්ලම ඩිජිටල් තාක්ෂණය යටතේ පරිගණක ජාලගත කිරීමටත් ඒ හරහා රෝගීන්ට වඩා පහසු සේවාවක් ලබාගැනීමට හැකිවනු ඇති බවත් ඇමැතිවරයා සඳහන් කළේය.
‘ඉ-හෙල්ත් ඒෂියා 2015‘ සමුළුවට එක්වෙමින් ඇමැතිවරයා මේ බව කීවේය.
රජයේ රෝහල්වලින් ප්‍රතිකාර ලබන සියලු රෝගීන්ගේ තොරතුරු ඉලෙක්ට්‍රොනික දත්ත ගබඩාවක තැන්පත් කිරීමටත් රෝගීන් හඳුනා ගැනීම සඳහා ඔවුන්ට තීරු කේතයක් (බාර්කෝඩ්) ලබාදීමටත් කටයුතු කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතාද එම අවස්ථාවට එක්වෙමින් පැවසීය.
ඡායාරූප හා වීඩියෝ - රොමේෂ් ධනුෂ්ක සිල්වා





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අර රැකියාවක් නැතිව දුක් විදින තරුණයන්ට රක්ෂා ටිකක් දෙන්න ඔය අර ෆෝන් මේ ෆෝන් වලට වඩා වටිනවා. (ර)
අදහස නම් හොඳයි. මීට වඩා අන්තර්ජාල පහසුකම් ප්‍රචලිත කරන්න ඕන. ගමේ අපට මොකුත් නෑ. (ස)
ඔය ටැබ් එකෙනුයි ස්මාර්ට් දුරකතනයෙනුයි මොනවද කරන්නේ ? දවසේ වැඩිවෙලාවක් මුහුණු පොතේ සැරිසරීමයි නිල් චිත්‍රපටි බැලීමනේ වැඩි දෙනා කරන්නේ. (බ)
හොඳ ගාණක් ලැබෙයි වාගේ (ම)
ඕවට වඩා තරුණයන් වෙනුවෙන් කරන්න ගොඩක් දේවල් තියෙනවා.(ම)
අනේ ඇමතිතුමෝ දැන් ලංකාවේ තරුණ දරුවන්ට අඩු ඔච්චරම තමා.(ම)
හොද වැඩකට අපේ අත හිත. (ර)
ගරු ඇමති තුමනි. මේ ඔබෙන් කරන කාරුණික ඉල්ලීමක්! මෙරට සිටින ජනමාධය වේදීන් බහුතරයක් තාමත් කොමිණිකේෂනවලට ගිහින් තමයි තමන්ගෙ රාජකාරි කටයුතු කරගන්නෙ. ඒ ඔවුන්ට පරිගණකයක්වත් ගන්න වත්කමක් නැති නිසා. කරුනාකරල මාධ්‍යෙව්දීන්ට ලැප්ටෝප් එක බැගින්වත් ලබාදීමට පියවර ගන්න. (ර)
හරි ෂෝක් ළමා අපචාර වලට පාර කියලා දෙන අත්වැලක් (බ)
තරුණයින්ට අඩුවට ගන්න තිබුණේ ස්මාට් ෆෝන් විතරනේ (නි)
මොනවද මේ මිනිස්සු ලියන්නේ ළිඳේ ඉන්න ගෙම්බෝ වගේ. පිටරට ඉන්න පොඩි ළමයින්ට පවා ඇපල් දුරකථන දෙනවා.මොකද අතරමං වුණොත් ඉක්මනට කතා කරන්න. ඒ ළමයි නිතරම ඉන්ටෙර්නෙට් බලනවා. ඒ ළමයි නරක්වෙලා නම් නැහැ. (නි)
රටේ සැබෑ දේශපාලන මතයක් ගොඩනඟන්නේ තරුණයන්. (නි)
අනේ අර තාම දෙන්න බැරිවුණු බ්‍රේස්ලට්ලුත් දෙනවද ඒ එක්කලම? (බ)
ඇමතිතුමනි, නිදහස් අන්තර්ජාල පහසුකම් හෝ සුළු මුදලක් අයකොට අන්තර්ජාලයට පිවිසීමට සියලුම රජයේ අරෝග්‍ය ශාලා වලට පහසුකම් ලබාදෙන්න. මෙය බදුල්ලෙන් හෝ කොළඹින් පටන්ගනිමු. (නි)
සමහරු හිතන්නේ අන්තර්ජාලය නිසා ළමා අපචාර වෙනවා කියලා. ළමා අපචාර සහ අනෙකුත් වැරදි කරන්නේ නොහික්මුණකම නිසා. නවීන තාක්ෂණය රටක දියුණුවට අවශ්‍යයි. (නි)
ඔබ තුමා නම් යම් වැඩ කොටසක් කරයි කියල හිතනවා. මගේ සුබ පැතුම් (අ)
හරින් මහත්තයා ඔබ හොද තරුණ නායකයෙක් රටේ අනාගතය බාරගන්න ඉන්න. තරුණ සංවිධාන සමග එකතුවී ඔවුන්ගේ අදහස් විමසන්න. ඒ අනුව කටයුතු කරන්න. අද තරුණ පරපුරට අවශ්‍ය ටැබ් ලැප්ටොප් වයිෆයි වගේම වෙනත් බොහෝ දේ එමටයි. ඒවා සොයා බලන්න ප්‍රථමයෙන්. අපිට පහුගිය කාලවල දේශපාලකයෝ වේදිකාවල කල ප්‍රකාශ තවමත් මතකයි. (ර)
ගමගේ, මම පිටරට ඉන්න ගමන් පොඩි ළමයින් දෙන්නෙක් හැදුවා. ළමයින්ට නවීන තාක්ෂණික උපකරණත් අරගෙන දුන්නා. හැබැයි ඇහැ ගහගෙන හිටියා. ඒ මොකද අවුරුදු 12 වෙනකොට ගැහැණු ළමයින් කඩුළු 7 ම පනින රටවල් මේවා. පිටරට සිද්ධවෙන හැම දෙයක්ම අපේ ළමයින්ට හරියන්නේ නැහැ. (නි)
වඩා හොඳයි මේ මුදල් පාසල්යාම නිමාකරන දරුවන්ට වෘත්තිය පුහුණුව දෙන්න ක්‍රමවත් වැඩපිළිවෙළක් සඳහා වියදම් කළා නම්.අද පාසල් වලින් එළියට එන ළමයින් ඉතා විශාල ප්‍රමාණයක් ත්‍රිරෝද රැකියාව වගේ කිසිම නිෂ්පාදනයක් නොකරන රැකියාවන්ට ඇතුළත් වෙනවා. ඒකෙන් සමාජ උවදුරක් පවා ඇතිවෙනවා.රටට අවශ්‍ය විදුලි කාර්මිකයන් ,වෙල්ඩින් කාර්මිකයන් ,ජලසැපයුම් කාර්මිකයන් ,වඩු කාර්මිකයන් ,පෙදරේරුවන් ,කම්බි නවන්නන් ආදී තාක්ෂණ සම්බන්ධ රැකියා පුහුණුව ලද අය නැහැ.ඉන්න අයත් රට ගිහින්. මේක රටට ලොකු ප්‍රශ්නයක්.ත්‍රිරෝද රැකියා සඳහා හිරිමල් වයසේ තරුණයන් යාම ඉතා විශාල ප්‍රශ්නයක්.කරුණාකර මෙන්න මේ සඳහා ඔබේ මුදල් ශ්‍රමය වියදම් කරන්න. රටට ඉතාම හොඳ සේවයක් වේවි (නි)
අද කාලේ ගොඩක් තරුණයෝ ළඟ මේවා තිබෙනවා (නි)
ඊටපස්සේ ෆෝන් එකේ අරක තිබ්බා මේක තිබ්බ කියලා බොරුවට අපිව රිමාන්ඩ් කරනවා එහෙම නෙමෙයි හොඳේ (නි)
අසභ්‍ය වෙබ් අඩවි ලෝකයේ සාමාන්‍ය දේවල්. අවශ්‍ය කෙනෙක් බලපුවාවේ, අනවශ්‍ය අය නොබලපුවාවේ! (නි)
රටේ ජිවත්වන මිනිසුන්ගේ සැබෑ අවශ්‍යතාවයන් තේරුම් ගැනීමට නොහැකි මිනිසුන් පාලකයන් වීම තමා රටකට ඇති විපත්තිය. (බ)
ගමගේ, ඔය මොන රටේද? ලංකාවේ තත්වය වෙනස් බව තේරෙන්නෙම නැද්ද? ලංකාවේ අය පිටින් එන හැමදෙයක්ම හොඳක් නරකක් නැතුව පිළිගන්න අය. මේ රටේ දැනට අවශ්‍යම දේ, දළජාතික නිෂ්පාදනය ඉහළ දමා, ඒකපුද්ගල ආදායම වැඩි කර, රට ණයබරින් මුදවා, ජීවන වියදම් පහතහෙළීමයි. (නි)
මම නම් කියන්නේ මුලින්ම අර මහින්දෝදය පරිගණක විද්‍යාගාර ටික හරියට කළමනාකරණය කරලා ඉන්න කියලයි (නි)
අපි හිතාගෙන හිටියේ ජෝකර්ලා ඉන්නේ කාඩ් කුට්ටමේ විතරයි කියල. (ස)
අනේ අම්මේ! මේ රටේ ඉන්න මිනිස්සු. තාම ඉන්නේ එක්දහස් නමසිය ගණන් වල. ඒ මදිවට ඉස්සරහට යන මිනිසුන්ටත් අනං මනං කියනවා. තමන්ට එපා නම් සද්ද නැතුව ඉන්න ඕනෑ. තරුණ අයට දෙනවා කිව්වම කොහොමද වයසක අයට තියෙන ඊර්ෂ්‍යාව. (නි)
මේක නම් මන්දපෝෂණය දුරුකරන්න කියාපු මඟක් (නි)
පළමුව ගන්න ගිනි බදු නවත්වන්න. වාහනේට බදු වැඩි කළාම පාසල් යන ළමයාගේ වෑන් ගාස්තු ඉහළ යනවා. කොළඹ තදබදය වැඩියි කියලා වාහන ගාස්තු වැඩිකරලා හරියනවද? ලංකාවේ තියෙන පාරවල් වලින් කොළඹ තියෙන්නේ 2% යි. වාහන මිල කවදාවත් අඩුවෙන්නේ නැහැ කියන විශ්වාසය මේ බදු වැඩිකිරීමෙන් ජනතාව තුළ ඇතිවෙනවා. ඉතින් වැඩි වැඩියෙන් ආයෝජනයක් කියලා හිතාගෙන වාහන වලට වියදම් වෙනවා.වෙනත් කර්මාන්ත වලට මෙහෙම නොවුණා නම් ජනතාව මේ මුදල් ආයෝජනය කරනවා. රජය ජනතාවගේ ජීවන රටාව වෙනස් කිරීමට අත නොතැබිය යුතුයි. ජනතාවට වාහන ඕනෑ නම් ඒක ගෙනෙන්න දෙන්න. අවශ්‍ය පාරවල් හදලා දෙන්න. තදබදය වැඩි නම් ඒ පාරවල් වලට විතරක් ඇතුළුවීමේ ගාස්තු අය කරන්න. එවිට කොළඹට හිර වී තිබෙන ව්‍යාපාර ආසන්න නගරවලට ඉබේම ව්‍යාප්ත වේවි. ටැබ් ඕනෑ අය එය ගනීවි. රජය කරන්න ඕනෑ රටට ආදායම් එන ව්‍යාපෘතීන් වැඩිකරන එක මිස,එක මිනිස් කොට්ඨාශයකගෙන් බදු අරගෙන තව කොටසකට දෙන එක නෙමෙයි. සමාජ සුබසාධනය අවශ්‍යයි. හැබැයි ආණ්ඩුවට අවශ්‍ය ලෙස ජන ජීවිතය හසුරවන්න යන්න එපා. (නි)
මුලින්ම රටේම දුප්පත් දරුවන්ට තුන් වේල කන්න පුළුවන් ක්‍රමයක් ඇති කරන්න.ඒ තුලින් රටේ මන්දපෝෂණයෙන් පෙලෙන දරුවන් සංඛ්‍යාව අඩු කැරැල්ල ලැබේවි. (බ)
ශාන් සෞදි.සෞදියේ කරන දේවල් ලංකාවේ කරන්න කියන්න එපා. (බ)
රටක ආයෝජන වැඩි කිරීමට නම් රජයේ ප්‍රතිපත්ති ගැන ආයෝජකයාට විශ්වාසයක් තිබිය යුතුයි. මේ කාලයේ රුපියල පාකිරීමට ගත් තීරණයට එතරම් කැමැත්තක් නැතිවුණත් දීර්ඝකාලීනව එතරම් වැරැද්දක් දකින්නේ නැහැ. හැබැයි ඩොලර් එක අවපාතනය වෙනකොට ආයෙත් රුපියල ස්ථාවර කරන්න එපා. රජය ප්‍රතිපත්ති වල සුළු වෙනස්කම් කොලෝචිතව කළාට කමක් නැහැ. හැබැයි මාසෙන් මාසෙට දැවැන්ත ප්‍රතිපත්තිමය වෙනස්කම් කරන්න එපා. රටක දියුණුවට ආයෝජකයාගේ විශ්වාසය ඉතාමත් තදින් බලපානවා. (නි)
තරුණයන්ට දැන් අඩු මේක විතරයි (බ)
උදේට කන්න නැතිව තේ කහට කෝප්පය බිල,සෙරෙප්පු දෙකක් නැතිව පාසල් යන දුප්පත් දරුවන් ඉන්න රටක මොනවද මේ කියවන්නේ? (බ)
ළිදේ ඉන්න ගෙම්බන්ට තේරෙන්නේ නෑ සමහර දේවල්.(ම)
අදිවේගී පාරවල් කන්නද ඇහුව. දැන් ස්මාර්ට් පොන්, ටැබ් දෙන්නෙත් කන්නද දන්නේ නෑ. මේවා දීල නඩත්තු කරගන්න බැරි වුණා ම තරුණයන් හොරකම් හරි කරන්න පටන් ගනිවී. මෙයිට වඩා වටිනවා, ඔය මුදලෙන් රැකියා පුහුනුවක් දෙන්න පිස්සු නොකර (අ)
මේක තවත් ඉන්දියාවක් කරන්න එපා. ඕව දෙන්න ඉස්සෙලා ඉස්සර අධ්‍යාපනය, සෞඛ්‍යය හදල හිටපල්ලා. ඉන්දියාවෙන් චීනෙන් ජරාව ගෙන්නලා උඹල කොමිස් ගහන්න එපා. දන්නවද? ඉන්දියාවේ එවුන් සැටලයිටේ ඇරියට ඉන්දියාවෙන් බාගෙකට වැසිකිළියක්වත් නැති බව? ඒ තත්ත්වෙට වැටෙන්න එපා. (බ)
සමීර උඹ හරි සහෝදරයා. (ර)
හැම දේම නොමිලේ දෙන මානසිකත්වයෙන් දැන්වත් මිදුනොත් හොදයි නේද. ගැලරිය සතුටු කරන කතා දැන් වැඩක් නෑ. තරුණයන් වුනාම ස්ව උත්සාහයෙන් නැගිටලා තමන්ට ජීවිතයට අවශ්‍ය දේවල් ගන්න තීරණය කරවී. ඔවුන්ව නැගිටවන්ට වැඩසටහන් පටන් ගත්ත නම් හොදයි නේද. (බ)
මේ වගේ මෝඩ කතා කියන්න ඉස්සර ලංකාවේ දරුවන්ගේ ආර්ථිකය නංවන්න වැඩපිළිවළක් යොදන්න ඊට පස්සේ ළමයි විහින්ම ඕන දෙයක් ගන්න පුළුවන් . සීනිබෝල ටොපි දුන්නු කාලේ ඉවරහි (අ)
ළමයි ඉගෙනගෙන තමන්ම හරිහම්බ කරගෙන ඕො ගත්තා නම් මොකද? හරින්, ඔය ෆෝන් දෙන්න එපා ළමයින්ට. (නි)
ඊට ඉස්සෙල්ල රෝහල්වලට බෙහෙත් ටික දීල ඉන්න. පාසල්වලට අයි. ටි. ගුරුවරු දෙන්න. ළමයින්ට දවල් අහාර වේල දෙන්න. (ර)
රුවන්, පාසල් දරු දැරියෝ කියන්නේ තරුණයෝ තරුණියෝ නෙමෙයි. ඒ අය ළමයි. (ර)
අඩුම ගානේ 5 ශිෂ්‍යත්වය සමතුන්ට හොඳ පරිගණකයක් ලබා දෙන්න. බදුල්ලට කලුතු වැඩ ගොඩයි. රජය සේවකයින්ට නය ක්‍රමයක් යටතේ පරිගණකයක් ලබාදෙන්න. (ර)
ස්මාර්ට් ෆෝන්, ටැබ්ලට් ඕන කරන්නේ ඉන්ටර්නෙට් යන්නයි. ඕක අඩුවට දෙන්න කලින් මුළු රටටම හයි ස්පීඩ් ඉන්ටර්නෙට් දීලා ඉන්න ඕන. අපි මාසෙට රුපියල් 2500 ක් දීල ඉන්ටර්නෙට් අරගෙන ඔන්ලයින් යන්න පැය ගණන් රස්තියාදු වෙනවා. (ර)
අර නිකන් දෙනවා කියපු වයිෆයි කෝ? අඩු මිලට චිනෙන්ද ඉන්දියාවෙන්ද ෆොන් ගෙනත් දෙන්නේ. (ර)
අදහස නම් හොඳයි. ඈත ගම්බද තරුණයින්ට තරුණියන්ට ස්මාට් දුරකතනයට පෙර එක වේලක් හෝ කෑමට බත් පැකට් එකක් දුන්නොත් නම් හොඳයි. (ර)
නියමයි. දැන් හරි වගේ. (ර)
ඕක නිකම් දීල ඉන්ටර්නෙට් සහ පොන් බිල ගෙවන්න දුප්පත් දෙමව්පියෝ කොහෙන්ද සල්ලි හොයන්නේ ? බිල් ගෙවන්න බැරි වුණාම ළමයි හොරකම් කරන්න පටන් ගනී . (අ)
පළමුව අසැබි වෙබ් බ්ලොක් කරලා ඉන්න. (ර)
දුන්නේ නැතත් මගේ ගාවනං තියනවා. (ර)
ලැබෙනවානම් බොහොම වටිනවා. නව පිටුවක් පෙරලන්නට අවස්ථාව ලැබේවා.! (ර)
ජයවේවා! මේවා හොද වැඩ. (ර)
දැන් මේවා පාසල් දරු දැරියන්ගේ අතට ලැබීමේඅතුරු ප්‍රතිපල ඔබතුමන්ලා දන්නවාද ? අපි ඕවා පරිහරණය කරන්න පටන් ගත්තේ රැකියාවටත් ගිහින් යම් දැනුම් තේරුම් ඇති වයසකට ආවාට පසුව. තාක්ෂණය කියන්නේ හැදෙන වයසේ දරුදැරියන් විසින් වලන් කඩේට වැදුන ගොනා වගේ පරිහරණය කළ යුතු දෙයක් නොවේ. (බ)
මිනිස්සුන්ට නිකන් දෙන්න ඕන නැ. කැමති දෙයක් ගන්න හැකියාව ඇති කරන්න ඕන. ආන්ඩුව මිනිස්සුන්ගෙ ජීවිත වලට ඇගිලි ගහන යුගය ඉවර කරන්න කාලය හරි. (බ)
නව තාක්ෂණය සියලුම දෙනාටම ලැබෙනවානම් හොඳයි. නමුත් එහි අයහපත් පැත්ත උඩට එන්නේ නැතිව නියම ප්‍රතිපල ලැබෙන විදිහට දේවල් කරන්න. දැනටමත් ලෝකයේ වැඩිම වශයෙන් අසභ්‍ය වෙබ් සයිට් බලන ඔටුන්න තියෙන්නේ ලංකාවට. ඒ අතරේ ස්ත්‍රී සහ ගැහැණු දරුවන්ට කාම අපරාධ කිරීම ඉහල යනවා. ඒවා ගැනත් හිතන්න. (බ)
අර දීපු ෆ්‍රී වයිෆයි වලිං අපි මේ තාම ඉන්ටනෙට් එනගමං වරෙංකො බං ගෙවල් පැත්තෙ අපේ ගෙදර තියනව ඉස්මාට් මෝල්ගහක් (බ)
හලෝ හරින් මහත්තයෝ තවත් විහිළු කරන්න එපා. (බ)
හරීන් මහත්යෝ පුලුවන්නම් අපේ රටේ අන්තර්ජාලය ඔස්සේ ක්‍රියාත්මක වන සියලුම අසැබි වෙබ් අඩවි තහනම් කරලා ඉන්න අනෙක ශ්‍රීලංකාව තුල අසැබි දසුන් හා වීඩියෝ අන්තර්ජාලයට ඇතුල් කිරීමත් තහනම් කරන්න (බෑන් කරන්න ) එට පසුව ඕනේ දෙයක් දෙන්න අද අපට අපේ දරුවෙකුට අධ්‍යාපන කටයුත්තක් සදහාවත් පරිගණකයට අන්තර්ජාල පහසුකම් ලබාදීමට නොහැකිවෙලා තියෙන්නේ අප මේ වැඩ කරන රටවල ඉතාමත් හොදින් අසැබි දසුන් හා වීඩියෝ අන්තර්ජාලයට ඇතුල් කිරීමත් තහනම් (බෑන් කරන්න ) කරලා තියනවා ඊට කිසිම කෙනෙකුගේ විරෝධයක් පවතින්නේ නැ (බ)
ඉන්ටෙර්නෙට් යන්න අඩු මුදලට බාල වයස් කරුවනට පහසුකම් ලබා දීමෙන් ඔවුන්ගේ අධ්‍යාපනය අඩපන වීම කෙසේ වෙතත් හිතේ සතුට නිසා ලබන සැරේට වැඩි ඡන්ද ටිකක්නම් එකතු කරගන්න පුළුවන් වෙයි. (බ)
ඔය වගේ දේවල් නිකං දීම නෙමේ ආණ්ඩුවක් කළ යුත්තේ, මිලදී ගැනීමට හැකි සමාජ ආර්ථික වටපිටාවක් නිර්මාණය කිරීමයි. යටිතල පහසුකම් දියුණු කිරීමයි. දැනට පිනට බෙදා දීම සමාජය කිසිසේත්ම ඉදිරියට ගෙන යන ක්‍රියාවලියක් නොවේ. (අ)
අපි පුංචි දවස් වල තිබ්බ ගමේ සිරියාව. ලස්සන දැන් නැහැ. ඔක්කොම ඩිජිටල්.(බ)