අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට අයත් ජිප් රථයක් වැලිකඩ දී යතුරු පැදියක ගැටී සිදු වු අනතුර සම්බන්ධයෙන් තරුණයින් පොලිසියට කළ මුල් පැමිණිල්ල දින හතරකට පසු වෙනස් වීම පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා නීතිඥ සාමුහිකයේ සමාජික ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ නාමල් රාජපක්ෂ මහතා ඉරිදා (6) පොලිස්පතිවරයා වෙත ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
සිද්ධියට අදාල සී සී ටී වී කැමරා දර්ශන පරීක්ෂාකර බලන ලෙස ද ඒ මහතා සිය ලිපිය මගින් ඉල්ලා ඇත.
විපක්ෂයේ දේශපාලනඥයින් දෙදෙනකු තරුණයින්ට මුදල් ලබා දෙමින් හා විදේශ රැකියා ලබා දෙන බවට පොරොන්දු වෙමින් ඔහුන් මෙහෙයවන බවට එහි සදහන්වේ.
පැමිණිල්ල බාර දීමෙන් අනතුරු මාධ්‍යවෙත අදහස් දක්වමින් මෙසේ පැවසීය.
‘ඉකුත් 29 දින රාජගිරියේ සිදු වු අනතුර සම්බන්ධයෙන් වැලිකඩ පොලිසියට පැමිණ ගිය තරුණයින් කළ මුල් ප‍්‍රකාශයට පරස්පරව දින හතරකට පසු තවත් ප‍්‍රකාශයක් ලබා දී තිබෙනවා. එය පිළිගන්න බැහැ. ඇන්ජින් ධාරිතාව 1000 කින් යුත් මෙම යතුරුපැදිය ජිප් රථ වම්පස පිටුපස ගැටී තිබෙනවා. ජිප් රථය අධික වේගයෙන් පැමිණි බවට කිසිදු තිරංග සලකුණක් නොමැති බවට පැහැදිලියි. එම අනතුරේ දී යතුරුපැදිකරු වරදකරු බව අපේ මතයයි.‘


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චන්ද කාලේදී මනුෂ නානායක්කාර මන්ත්‍රීගේ වාහනය බයිසිකලයක් එක්ක හැපිලා මේ යහපාලකයින් නටපු නැටුම මතකද? අඩුගානේ ඔහු එතන වාහනය නවත්වලා තුවාලකරු තුන්රියකින් රෝහලට යැවුවා. ඒ කාලේ මේ රණවකලා ඇතුළු යහපාලකයින් කොච්චර මඩ ගැහුවද? මේ පිරිසිදු යහපාලකයා නවතා බලන්නෙත් නැතුව පැනලා ගිහිල්ලා. දැන් දැඩි සත්කාර අංශයේ ජීවිතයත් මරණයත් අතර ඉන්න බයිසිකල්කරුට චෝදනා කරනවා. අනේ ඒ අසරණය නැගිටලා ඇවිල්ලා උත්තර දෙන්නද? (නි)
කරුණාකර ප්‍රථමයෙන් අර අහිංසක ලමයව නිරෝගිමත් කරන්න බලන්න. අන් අයව සින්ගපුරු යවා බේත් කරන්න පුලුවන්නම් මේ ලමයව. පසුව කරුණු කාරන විසදා ගන්න. මෙයයි ප්‍රථමයෙන් විය යුතු. (ර)
කරුණාපාල මහත්තයෝ, පණපිටින් අපාගත වෙන්න එපා. ඔහෙටත් සමහරවිට ඔය වයසේ දරුවෝ ඇති. මේ ජීප් එක ප්‍රධාන පාරේ ගිය එකක් නෙමෙයි. ප්‍රධාන පාර හරහා ගිය එකක්. එහෙම ගිය වාහනේ ප්‍රධාන පාරේ ආ බයිසිකලේ මුහුණට මුහුණ පෙනෙන්න ඕනෑ කියලද ඔහේ කියන්නේ? මේක හොයන්න ඒ තරම් මහන්සි වෙන්න අවශ්‍ය නැහැ. ඇමතිතුමා කොහෙද හිටියේ කාටද කතා කළේ කියලා ඒ කාලසීමාවේදී දුරකථන සංවාද සොයාබැලුවා නම් සොයාගන්න තිබුනා (නි)
ඇන්ජින් ධාරිතාව 1000 කින් යුත් මෙම යතුරුපැදියට පාරේ යන්න බැරි නම් මොකටද නොම්මරයක් දුන්නේ මෝටර් රථ දෙපාර්තමේන්තුවෙන්? එය ඇමති නිසා මේක යට ගහන්නයි හදන්නේ අනිත් අයගේ පිට දාලා.. එක හොදටම පැහැදිලියිනේ..(හේ)
කීයක් ගත්තද දන්නේ නෑ (හේ)
මටත් හිතෙනවා කතාව අත්තක් කියලා, (හේ)
සමහරවිට ඔය අනතුර කරන්න ඇත්තේ ඒ තරුණයන් දෙනෙන වෙන්නත් පුළුවන්. මොකද දැන් ස්වාධින පොලිස් කොමිසමක්නේ තියෙන්නේ!(හේ)
සියලුම පොලිසි වල පැමිණිලි අංශයට සහ ගේට්ටුවට සී සී ටි වී සවිකර ඉදිරි වැඩවල විනිවිද භාවය තහවූරු කරමු. (ර)
කරුණාකර මෙය දේශපාලන ප්‍රශනයක් බවට පත් කරගන්න එපා .අර තරුණයා රෝහලේ ජීවිතයත් මරණයත් අතර සටනක .ඔහුගේ යහළුවන් අනතුර සිදුවූ දිනයේම පොලිසියට කල පැමිණිල්ල ලියාගත් පොත මොකද්ද කියන එක සොයාදෙන්න .මේ සිද්දිය ඔවුන් කිවේ පසුවදාමයි .අනික් කාරණයනම් ඔවුන් ඉතාම තරුණ වීම නිසා කාගේවත් ඉත්තන් වීමේ සම්බාවිතාව අඩු බවයි .මෙසේ මේ සිද්දිය යට ගැසීමට යාමෙන් වන්නේ එදා වැරදි කල ඇතැමුන්ව ආරක්ෂා කිරීමෙන් ඇතිවන ප්‍රතිපලයමයි .අපි තනාගත් රජය වැරදි කරන ඇතැමුන්ගේ ක්‍රියාකලාපය නිසා විනාශ වී යන්නට ඉඩ නොදෙමු. (ර)
ඔබතුමා ගැන අපි නොදන්නවා නොවෙයිනේ මහත්තයෝ. (ර)
මෙහෙම කරමු. එහෙනම් ඔය කියන ධාරිතාවට විරුද්ධව කටයුතු කරමු. ඕකේ ධාරිතාව කලින් දැනගෙන ඉඳලා නැහැ වගේ. ඒකේ තේරුම ධාරිතාව වැඩි එකක් ඉස්සරහට ඕනෑ එකක් දාන්න පුළුවන්. වැරදියට වාහනයක් පාරට දැම්ම එක වැරැද්දක් නොවෙයි එහෙනම්. මොනවද මේ කතා? (නි)
හොර පොල් හරි, පොර පොල් හරි ගහලා පැනපු අයට වැඩේ දෙනවා වගෙයි. කන්න දුන් අත හපාකාපුවම නම් දෙයියෝ බලනවාමයි. දෙවියන්ගෙන් මොනවා හෝ සාධාරණව ඉල්ලුවොත් දෙවියෝ ඒ ගැන සළකා බලනවා. මම ඒක හොඳට දන්නවා. කොහොමටත් දේව කන්නලවුවක් පටන් අරන් මොනවා හෝ කරන්න වෙයි. මුල ඉඳලා තමයි පටන් ගන්නේ. කවුරුත් පරිස්සම් වියයුතු කාලයක් (නි)
යතුරුපැදි කරු විතරක් නොවෙයි මෝටර් රථ දෙපාර්තමේන්තුවත් වගකියනන ඕන .මොකද ඔයවගේ ධාරිතාවක් ඇති යතුරුපැදි ලංකාවේ ලියාපදිංචි කල නොහැක. (ර)
පහුගිය කාලේ නම් කාගේ ද පුතෙක් හප්පපු එකකුත් ඔය හරියේ දීම ලස්සන ට යට ගැහුවා. දැන් නම් ඇමති කෙනෙක් ට වත් එහෙම යට ගහන්න අමාරු පාටයි. එ්කයි යහ පාලනය කියන්නේ.(බ)
යතුරු පැදි කරු වැරදයි කියමු, මේ වගේ අනතුරක් වෙලත් පලාගිය ඇමති හරිද..? (ර)
මම කලින් පුවත් පතකින් කියෙව්වා ජීප් රථය පසුපස හඹාගොස් එය නතරකරගත් තරුණයන් දෙදෙනාට රිය පදවාගෙන ගිය රණවක ඇමැති කිව් දේ ගැන (බ)
අනතුරක් සිදුවීම සාමාන්‍ය දෙයක් ,එය ඇමති හෝ මැති කියලා නැහැ ,එතුමා නිතිය අනුව කටයුතු කර තියනවා ,දැන් පොලිසිය ඒ සදහා නීතිමය කටයුතු කරාවී, හැබැවටම මේක තුල දේශපාලන වාසිගන්න දැගලීම නම් අනුමත කරන්න බැහැ. රජයේ වාහනයක් නම් එය භාර රියදුරෙක් ඉන්නවා ,රියදුරා හැර වෙනත් අයට පදවන්න අවසර නැහැ ,එසේ පදවා අනතුරක් සිදුවීනම් නිල රියැදුරා එය භාර ගත යුතු වෙනවා. ඇමති කියාලා රජයේ වාහන පදවන්න බලයක් නැහැ මොකද මෙතුමාට නිල රියදුරන් සිටින නිසා. (ර)
මට පෙනෙන විදියට ඔය කියන වාහනේ රිවෙර්ස් කරලා හප්පලා තියෙන්නේ යතුරු පැදියේ පින්තුරෙන් පෙනෙන්නේ එලෙසයි , රතාචාරිය පිස්සෙක් වගේ එහෙම නැත්නම් යතුරු පැදියේ මරාගෙන මැරෙන බෝම්බ කාරෙයෙක් ඇවිත් ජීප් රථයේ හප්පලා අනතුරෙන් පසු පලා යාම දඬුවම් ලැබිය හැකි වරදකි (බ)
මේ ගැටළු සහගත ප්‍රශ්නයක්.(හේ)
මොකටද නොම්මරයක් දුන්නේ මෝටර් රථ දෙපාර්තමේන්තුවෙන්? එය ඇමති නිසා මේක යට ගහන්නයි හදන්නේ . තරුණයා අසාධ්‍ය තත්වයෙන් රෝහලේ ප්‍රතිකාර ලබනවා. එසේනම් ජීප් රියේ රියෙදුරු ඇපපිට නිදහස් කළේ ????(හේ)
දැන් කොහොම හරි අනික් පැත්ත ගහවි ඇමති කෙනෙක් නිසා... (ර)
දුරකථන ජාල පරීක්ෂාවක් කර මේ මොහොතේ ඇමතිවරයාගේ ජංගම දුරකථනය තිබුන තැන සහ රියදුරුගේ දුරකථනය තිබුන තැන සොයාගත හැකිය. එසේම අනතුරින් පසු ඇමති රියදුරුට කතාකලාද රියදුරු ඇමතිට කතා කලාද ? ඇමතිවරයා කතාකලේ මොන ඉහල උදවියටද ? යන කරුණු සොයාගත හැකිය. (හේ)
මම කලින් පුවත් පතකින් කියෙව්වේ අනතුර සිදුකල රථය හඹාගිය තරුණයන් දෙදෙනා පැවසුවේ රථය පදවමින් සිටියේ රණවක ඇමතිවරයා බවත් ඇමතිවරය බොරැල්ල පොලිසියට යාමට තරුණයන් දෙදෙනාට යෝජනා කලත් ඔවුන් දෙදෙනා එම යෝජනාව ප්‍රතික්ෂේපකල බවත් පසුව ඔවුන් දෙදෙනා පමණක් වැලිකඩ පොලිසියට ගොස් පැමිණිලි කල බවයි.ප්‍රශ්නය ඇතිවුනේ මේ දෙන්න ඇමතිවරයා සමග පොලිසියට නොගිය නිසයි.ඇමැතිවරයාටත් අනික් යටත් ඕනදෙයක් කියන්න අවස්ථාව සැලසුවා මිසක් අවශ්‍යම දෙය ඉටුකළේ නැත (හේ)
මහමග අම්මගේ අප්පාගේ බුදලය යැයි සිතා වාහන පදවන සහ පදින රියදුරන් තම වාහනයට වඩා කුඩා වාහනයක් ඉස්සර කල සැනෙකින් වමට කපන අවස්ථා ඉතාමත් සුලබය. මෙහිදීද එසේ සිදුවුව නම් වේගයෙන් ධාවනය වෙමින් තිබු යතුරු පැදිය වේගයෙන් ඉස්සර කර වමට බරවූ ජීප් රථයේ ගැටෙනවා විනා වෙනත් දෙයක් සිදුවන්නේ නැත. මෙයත් එවැනි අවස්තාවක් නම් මේ නීති වේදියා සොයාන තිරිංග සලකුණු කොහෙද? (ර)
මෙය ඇමතිවරයෙකුගේ රථයක් වීමෙන් දේශපාලන වාසි ගන්න දරන අසාර්ථක ප්‍රයත්නයක්. තරුණකම ගැන ඉතාම සංවේදීව කතා කරන මේ අය, මෙම අනතුරින් මගියෙකුට අනතුරක් උනානම් කුමක් සිදුවේදැයි කල්පනා කරනවද? මෙම ජීප් රථයේ ගැටුමින් සිදුව ඇති හානියෙන්ම ඕනෑම කෙනෙකුට මෙහි වරදකරු පිළිබඳව නිගමනය කල හැකියි. වාර්තා වූ ලෙස අනතුරින් පසු පලායාමට තැත්කර ඇත්නම් මානුෂික මට්ටමින් මෙම ඇමතිවරයා වරදක් කර ඇත. කෙසේවෙතත් දැන් කලයුතු අත්‍යාවශ්‍යම පියවර වන්නේ තරුණයාගේ ජීවිතය බේරා ගැනීමට කටයුතු කිරීමයි. එසේම අධිධාරිතාවකින් හෙබි මෙවන් යතුරු පැදි ප්‍රදර්ශනය හා විකිණීමට අවසර දුන් සියල්ලන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමද සිදුවිය යුතුම කාරණයකි. (ර)
නිමල්ට අත්තන ඇට කැවිලද කොහේදෝ ? (ර)
ඒ ළමයි දෙන්න ඔයින් බේරුනා ඇති නොගිය නිසා. (හේ)
මෙතුමාගේ නම දැක්කම වෙන්න බැරිදෙයක් කියලා හිතුනේ. පස්සේ මුණ දැක්කම තමා වැඩේ තේරුනේ. (ර)
ඔය තරුණයන් දෙදෙනා හිරේ නොගියොත් තමයි පුදුම වෙන්න වෙන්නේ!(හේ)
ඇමති තුමා දැන් විදුලි බල ඇමති නෙවෙයිනේ? (හේ)
තරුණයන්ගේ ප්‍රකාශ වල පරස්පරය සොයන එකද නැත්නම් වැරදි කාරයන්ට දඩුවම් කරන එකද කරන්න ඕන?(හේ)
මේ රටේ ඉන්නේ රථවාහන පනත ගැන නොදන්නා අය. හරියට සියල්ලදන්න අය වගේ කතා කරනවා. රටේ නීතිය රථවාහන සම්බන්දයෙන් ක්‍රියාත්මක වෙන්නේ රථවාහන පනතින්. ඒක කියවලා මේකේ වරද කරු කව්ද කියලා බලන්න. පිටිපසෙන් ගිහින් හප්පුවම වරද ඉස්සරහ වාහනේ යන කෙනාගේද ? (ර)
චම්පික ගේ කොච්චර තියෙනවද පරස්පර විරෝධී කතා. මේ තරුණයෝ කියන කතාව ඇත්ත. දන්න නිසා කියන්නේ. (ර)
මෙම අනතුරට භාජනයවූ තරුණයා අසාධ්‍ය තත්වයෙන් රෝහලේ ප්‍රතිකාර ලබනවා. එසේනම් ජීප් රියේ රියෙදුරු ඇපපිට නිදහස් කෙළේ කොහොමද.? (ර)
රොෂාන් කුරේ, ඔබේ විග්‍රහය හොඳම මධ්‍යස්ත විග්‍රහයයි. මමත් ඔබ සමග එකඟයි. (ර)
මෙය අනතුරක් බව පිළිගනිමු , මෙය ඇමතිවරයෙකුගේ රථයක් බව පිළිගනිමු. නමුත් රටේ නීතිය අනුව 1000 CC යතුරු පැදියක් ලියාපදිංචි කලේ කොහොමද .එය අපේ පාරවල් වල ධාවනය කල හැකිද . වරද කාගේද ? (ර)
ජොබ් දෙනවා වගේ කාගේවත් කීමට මේ තරුණයෝ දෙන්න නැමෙයි කියලා හිතන්න බැහැ. ඔවුන්ගේ ප්‍රකාශවල කිසිම පරස්පරයක් පෙනුනේ මේකේ දේශපාලන වාසිය ගන්න කට්ටියක් ඇති. එත් මේක හෙළි කරගන්න ඕනේ. (ර)
අනේ නාමල් මහත්තයෝ දැන්නම් ඔයාට හොඳටම පිස්සු වගේ නේද ඕක නවත්වල අර තජුදීන්ගේ මරණේ කොහොමද වුනේ කියලා හොයන්නකෝ (හේ)
මොන දේ වුනත් හැප්පුනාට පස්සේ පැනලා යන එක යහපාලනයට හරියන්නේ නැහැ නේද?(හේ)
මේ කොහෙවත් යන අයනේ තීන්දු තීරණ ගන්නේ. ඕක පොලිසියට හා උසාවියට තීරණය කරගන්න දීලා ඇස දුටු සාක්කියක් තියෙනවනම් එය ලබා දෙන්න ඔය දෙසපලකයන්ගේ ඉත්තෝ වෙන්නේ නැතුව (හේ)
මේ ගැන විදිමත් පරික්ෂණයක් සිදු කරන්න.(හේ)
නොදකින් විතරක්, ඇස්දෙකට වැරැද්ද පෙනී පෙනීත් මනුෂයෙකුට මඩ ගහන්න මේ අනතුරක් අතකොළුවක් කරගන්න අය ඉන්න රටක්නේ මේක? බොරු ගොතන උන්ගේ දිව හතරටම පැලෙන්න ඕනා මහා පාරේදීම (බ)
ආයේ කතා දෙකක් නැහැ. අනතුරට පත්වෙලා තියන වාහනය නිරීක්ෂණය කිරීමේදී, යතුරු පැදි කරු මේ අනතුරේ වැරදිකරු හා එහි වගකීම භාර යුතු බව පැහැදිලියි. දේශපාලන පක්ෂ පාට වර්ණ තොප්පි පැළඳීම නිසා මොළේ කචල් වී සිටින අයට නොතේරුනාට හෝ වැරැද්ද නිවැරැද්ද කිරීමට උත්සහ කලාට, පහේ පන්තියට ඉගෙන ගත්තු ළදරුවෙකුට උනත් වැරදිකරු කවුද කියන එක පැහැදිලියි. හැබැයි කට්ටිය එකක් මතක තබා ගන්න ඕනා, වැරැද්ද නිවැරැද්ද කිරීමට උත්සහ කිරීමේ ප්‍රතිපල ඔය කාටත් මහ පාරේදීම අත් විඳීමට හැකි බව. (ර)
ඕනෑම ගොනෙකුට පුළුවන් වාහන එලවන්න. ඉස්සෙල්ලා පනත කියවලා එන්නකෝ... (ර)
අද මේකේ කොමෙන්ට්ස් අඩු ඇයි දන්නවද, රජයේ කාර්යාල නිවාඩු නිසා. (ර)
මේකනේ බද්‍රානි, පොඩි උන් කොලුකමට පොඩි බොරුවක් ගොතලා කීවට ඔච්චර තරහා ගන්න ඕන නැහැනේ. පව්නේ.. ඒ තරුණයන්ට මේකෙන් වත් ගොඩ යන මාර්ගයක් පාදා ගන්න පුළුවන්නේ .. එකෙක් මැරුණත් මොකද, මේ වගේ ඉල්ලමක් පාදා ගන්න ඒ තරුණයින්ටත් ආයේ කවදා අවස්ථාවක් ලැබෙයිද කියලා කියන්න බැහැනේ...නැත්නම් ඉතින් මේ විදිහටම අතේ පැලවෙන බොරු කියයිද නේද? (බ)
මාගේ දැනුමේ හැටියට අධිබල පාපැදි ලියාපදිංචි කිරීමට නීතියෙන් අවසර ඇත. නීතිය වෙනස්කරේ පහුගිය රජය සන්දියේ. (ර)
තරුණයෝ ගොත ගගහා කියද්දී හිතාගන්න පුළුවන් බොරුවේ තරම.කොහොමත් අපේ අය වැරදිත් කරලා ගානකුත් කඩා ගන්න තමයි බලන්නේ? (බ)
ලංකාවේ පාලක පක්ෂයක ප්‍රබල දේශපාලකයකු කවදද පොලිසියක, උසාවියක වැරදිකරු වුනේ? කවදද පිඩාවට පත් සාමාන්‍ය ජනයාට සාධාරනයක් පොලිසියෙන්, උසාවියකින් ලබාදුන්නේ - වැරැද්දට පාලක පක්ෂයේ ප්‍රබල දේශපාලකයකු හෝ ඔවුන්ගේ ළඟින්වත් ගිය කෙනෙකු සම්බන්ධනම්? (බ)
එන්ජිමේ ධාරිතාවය කීය වුවත් ඒක නීත්‍යනුකුලව ගෙන්වා ලියාපදිංචි කළ රථයක් නම් ඒකට කොහොමද තරුණයෝ වැරදිකරුවන් වෙන්නේ? එහෙමනම් ඒවා ගෙන්වද්දී හෝ ලියාපදිංචි කරද්දී ප්‍රතික්ෂේප කරන්න තිබුන. බොරු හේතු දාලා තමන්ගේ වැරැද්දෙන් ඇඟ බේරගන්න සිල්රේදී පොරවගත්තු ඇල්වතුරත් නිවලබොන, ආණ්ඩු මාරු වෙද්දී පැති මාරු කරලා තනතුරු ගන්න දේශපාලකයෝ හරි දක්ෂයෝ. (බ)