තරුණයකු තරුණියකට අමානුෂික ලෙස පහර දෙන සිද්ධිය දැක්වෙන වීඩියෝව මාස 11කට පමණ පෙර සිද්ධියක වීඩියෝවක් බව එම සිද්ධියට මුහුණ දුන් තරුණිය සහ පහරදුන් තරුණයා කටුනායක පොලිසියට පැමිණිල්ලක් කර ඇත.
එම සිද්ධිය දැන් සමථයකට පත්ව ඇති බවත් තමන් විවාහ වීමට සූදානමින් සිටින බවත් එම දෙදෙනා පොලිසියට පවසා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියයි. එම පහරදීම වීඩියෝ ගත කළ පුද්ගලයා තම ඡංගම දුරකතනය අලුත්වැඩියා කිරීමට දුන් අවස්ථාවේ ඔවුන් අන්තර්ජාලයට මුදා හැර ඇති බව පෙනේ යැයි එම දෙදෙනා පොලිසියට කියා ඇත. තරුණිය උතුරු මැද ද තරුණයා මැද රට ද පදිංචිකරුවෝ වෙති.
මෙම සිද්ධියට පරීක්ෂණයක් අවශ්‍ය නැති පොලිසියට කියා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෙරේරාත් කොල්ලෝ කුරුට්ටෝ කාලේ මෙහෙම කෙල්ලන්ට තඩිබෑවාද?මේ ගැහැණු ළමයා දෙපාරක් නොවෙයි තුන්පාරක් හිතලා තීරණයක් ගත්තොත් හොඳයි.මේ වීඩියෝව අන්තර්ජාලයට මුදාහැරලා තියෙන්නේ දුරකථනය හදන්නට දීපු තැනක කෙනෙක් කියලා තමයි ආරංචිය.... (නි)
එයාලටත් අතීතය මතක්වෙන්න ඇති (නි)
සමථයකට පත්වුණ එක වෙනම කාරණාවක්.ඒත් පහරදීම පිළිබඳ කටයුතු කළයුතුයි. (නි)
එතකොට පහර දීම නීතියට එකගද. (ර)
ලජ්ජා නැහැනේ! කෙල්ලෙකුට ගහනවා. විලිලැජ්ජයි. මෙහෙම අය එක්ක දීගකන්නේ ඇයි කියලයි හිතාගන්න අමාරු. ගුටිකකා ඉන්න හැටි දැක්කහම ඒ ගැහැණු ළමයා මීටවඩා දෙයක් කියයි කියලා හිතන්නත් අමාරුයි කොහොමටත්. ලංකාවේ බොහෝ කාන්තාවන්ගේ ඉරණම තමයි මේ. පාසල් අධ්‍යාපනය තුළ ගැහැණු ළමුන්ගේ ආත්ම ශක්තිය වර්ධනය කිරීමේ සමත් නෛතික කාරණා පිළිබඳ අවබෝධයක් ලබා දියයුතුයි. දුවේ, පස්සේ පසුතැවෙන්න එපා (නි)
ඔහොම පහරදුන් කෙනාද විවාහ කරගන්න යන්නේ? (නි)
මදැයි අපි කටත් ඇරගෙන බලාහිටියා (නි)
සිද්ධියට සම්බන්ධ දෙන්නාට ප්‍රශ්නයක් නැත්තම් චාන්දි ඔයාට තියෙන ප්‍රශ්නය මොකක්ද? අතීතයේ වූ වැරදි හදාගෙන ඒ දෙන්නා ගමනක් යන්න පටන් අරන් තියෙන්නේ. ඔයාලා වගේ අය ඉන්නේ අනිත් පවුල් කඩා වැටෙනකන් පුදුම ආශාවකින්. (නි)
අනේ මේ වගේ පිරිමි! අනේ මෝඩියේ, ඔච්චර බැගෑපත් වෙන්නේ මොකටද? (නි)
දැන් ඉතින් මේක අහලා අපිට තමයි තරහා ඉවසගන්න බැරිවෙන්නේ (නි)
චාන්දි, ඔයාගේ මොළේ තරම! (නි)
දැන් ඒක සමථයකට පත්වෙලා නම්, ඔවුන් විවාහවීමට බලාපොරොත්තුවෙන් සිටි නම් යටගිය දේවල් අමතක කර දැමීම හොඳයැයි මට සිතේ. මෙම තරුණිය ගුටිකාලා හරි තම ජීවිතය ජයගෙන ඇති බව පෙනීයයි (නි)
එහෙම සමථයකට පත්වුණාට අර තරුණයාට දඬුවම් දෙනතුරු මට නින්ද යන්නෙ නැහැ. (නි)
සිංහල බෞද්ධ සංස්කෘතිය තුළ පිරිමියා නිතරම හරි. පිරිමි හැමදාම ගැහැණුන්ට ගැහුවා. ගැහැණු ගුටි කෑවා මිසක් පොලිසි ගියේ නැහැ. ලංකාවෙ ගැහැණුන්ගෙන් 90% පිරිමින්ගෙන් ගුටි කාලා තියෙනවා. බටහිර සංස්කෘතියට අනුව මේක හිංසනයක්. නමුත් සිංහල බෞද්ධ සංස්කෘතිය අනුව සාමාන්‍ය දෙයක්.මේ සිදුවිම මේ විදියට හිතලා හිත හදාගන්න. පිරිමි තමන්ගේ බිරිඳට පෙම්වතියට ගහන්නේ හදාගන්න. මම නම් විවාහවෙලා අවුරුදු 20 විතර වෙනවා. කවදාවත් බිරිඳට ගහලා නැහැ. (නි)
විවාහ වෙන්න කලින් එහෙමනම් පස්සේ?? අනේ මන්දා! (නි)
ගැහනු අයට ගහන එක මහම මහම කැත වැඩක් හැබයි, බැන්දහමත් මෙහෙම ගහයිද? (අ)
පුදුම කතානේ මේවා. පිරිමි අසීමාන්තිකව කෝපවුණාම ගැහැණියකට පහරදීම සාධාරණීකරණය කරලා තිබෙන්නේ. හරි එතකොට ගැහැණු උදවියට අසීමාන්තිකව තරහ ආවාම ඒ බවලතුන් මොකද්ද කරන ඕනෑ? ඒ මොකද තරහා කියන එක පිරිමින්ට විතරක් පහළවෙන ආවේගයක් නෙමෙයිනේ. ඔය පිරිමිකම කියන්නේ ගැහැනුන්ට තමන්ගේ ඇඟේ හයිය හත්තිය පෙන්නන්න තියන ආයුධයක් නෙමෙයි. (නි)
මේ දෙන්නගේ පවුල් කෑම ගැන නම් හිතාගන්න පුළුවන්. අපි නම් බඳින්න කලින් ගැහැණු ළමයට හිත රිදෙන වචනයක්වත් කියන්නේ නැහැ. බැදලත් එහෙමයි. (නි)
මම මටම ගහගත්තා. අනේ රටට ගිය කලක්! (නි)
චමල්, ඔයා බොහොම හොඳ කෙනෙක් (නි)
විවාහ ගිවිසගෙන? නංගී, පරිස්සමින්. බැන්දට පස්සේ කන්න වෙන්නේ ඕක සීයෙන් වැඩිකරලා වෙන්නත් පුළුවන් හොඳේ (නි)
අනේ... ඇත්තට. (ර)
නංගියේ කල්පනා කරලා වැඩ කරන්න. ගිනිපෙල්ලෙන් බැට කාපු එකා කලාමැදිරි එළියටත් බයයි නේද. දැන් ඔහොමනම් පස්සට කොහොම හිටීද.? (ර)
මොනතරම් මෝඩ ගැහැණු ළමයෙක්ද බදීන කලින් මෙහෙම නම් බැන්දට පසුව ? තරුණයා සතුටු වෙන්න ඕනේ මේ තරම් කාලයක් තමන්ව අත් නොහැරිම ගැන. (ර)
හැමදේම දුටු පමණින් තීරණ ගන්න එපා කියන්නේ මේවට තමයි. තමන්ගේ පෞද්ගලික දේවල් ගැන පරිස්සමින් ඉන්න ඕන කාලය ඇවිත්. නැත්නම් ලොකු විනාශයක් වෙන්නේ මේ වගේ දේවලින්. (ර)
කමලා, රොහාන් ඔබ දෙදෙනාගේත් කරුණු හරි. ඒ වගේම තරුණයාගේ බලපෑමක් නිසා මෙසේ පොලිසියට කියන්න තරුණියට සිදු උනාද කියලත් සොයා බැලිය යුතුයි මට හැගෙනවා. මේ කාලයේ බොහෝ කල්පනාවෙන් කටයුතු කරන්න සිදු වී තිබෙනවා අපේ සමාජයේ. (ර)
අතීත දැහැමි සමාජය පිරිහීමක්. (ර)
මේ දෙන්න සමතයකට පත් වුනානම් ඒක පිට අයට ප්‍රශ්නයක් වෙන්න ඕන නෑ. (ර)
කාන්තාවකට පහරදීම නම් මම කොහොමටවත් අනුමත කරන්නේ නැහැ, නමුත් අපේ හුගාක්ම කාන්තාවෝ ගුටි කන්නේ කාන්තාව විසින් පිරිමියාව අසීමාන්තිකව ප්‍රකෝපයට පත් කිරීම නිසා කියන එකයි මගේ අත් දැකීම. (ර)
මේ අතිශය පුද්ගලික වීඩියෝව, අන්තර්ජාලයේ දාපු කෙනාට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වෙන්නෙ නැද්ද.....? (ර)
මේ කාන්තාවට එතන සිටි පිරිමි දෙදෙනාම පහර දුන්නා. එය සාධාරණද.? (ර)
සැබවින්ම මෙය කාන්තා හිංසනයක්. පොලිසියට කරන ලද ප්‍රකාශය බලපෑමක් මත සිදු වූවානම් එයද හිංසනයේ ම වෙනත් පැතිකඩක්. (ර)
මේක අපි දෙන්නාගේ පුද්ගලික ප්‍රශ්නයක්. එ්ක දැන් ඉවරයි. ඇයි අනුන්ගේ කුණු හොයන්නේ ඔයගොල්ලන්ට වෙන වැඩ නැත්ද? (බ)
ලක්ෂ්මන් අබේකෝන් මහතා ඉදිරිපත් කරලා තියෙන අදහස් නිවැරදියි . මෙය තවදුරටත් පුද්ගලික ප්‍රශ්නයක් වෙන්නේ නැහැ දැන් මේක කාන්ත හිංසනය හා බැඳුන සමාජගත වුන වීඩියෝ එකක් , ඒ නිසා මේ පිළිබඳ විමර්ශනයක් කරලා රටේ පවතින නීතිය අනුව දඬුවමක් දිය යුතු වෙනවා . මෙය පුද්ගලිකයි, අවුරුද්දකට කලින් වුන දෙයක්, අපි දැන් සමතයකට පත්වෙලා ඉවරයි ආදී දේ කියල ඉවත දැමිය යුතු නැහැ . මෙය සමාජ විරෝධී ක්‍රියාවක්, අපේ රටේ ප්‍රතිරූපයට හානිකරයි , මුලික මානව හිමිකම් කඩවීම පිළිබඳ ප්‍රශ්නයක් . බලධාරීන් මේ ගැන නිසි අවධානය යොමු කරලා නැවත මෙවැනි දේ සිදු නොවීම සඳහා ක්‍රියා කළ යුතු වෙනවා (බ)
සමතයකට පත්වුණා එක වෙනම කාරණයක්....කාන්තා හිංසනය ගැන මේ තියෙන සාක්ෂි හොඳටම ඇති ...ඔය කොල්ලෝ දෙන්නාවම වහාම අත්අඩංගුවට අරගෙන බාල්කයේ එල්ලලා කටු කඩලා ඇට කුඩුකරලා හතර හැඳි කඩලා...පසුව ...සාක්ෂි නැහැ කියලා නිදොස්කර නිදහස් කරන්න. (අ)
පරණද අ ලුත්ද....කසාද බදිනවද.. බැන්දද .. නැත් ද ? .. ඒ ක මෙතැනට අදාල නැහැ .. පහර දුන් දෙදෙනාටම නීතියේ ප්‍රකාර දඬුවම් කල යුතුමයි .... වරද.... වරද මයි ... බිරිදට වුණත් මෙහෙම තමන් විතරක් නොවේ තව මිනිහකුත් එක්ක ගහන පිම්පිය කව්ද මට හිතෙන විදිහටනම් මේ පිම්පියෝ දෙන්නගේ අදුනන කවුරු හරි පොලිසියේ ඇති .... කෙල්ලට තර්ජනය කරන්න ඇති ගොඩින් බේරගන්න ... නැත්තං !!...... කියල ..එහෙම වුණාම ගැහැණු ළමයෙක් තවත් අසරණ වෙනවා ..... ඒ නිසා කාන්ත කාර්යාංශය හෝ වෙන රාජ්‍ය නොවන සංවිධානයක් එකක් හරි මෙයාගේ මුලිකව අන් යටත් ආදර්ශයක් වීමට නීතියෙන් දඬුවම් කිරීමට පියවර ගත යුතුය නැත්නම් මේ දෙදෙනා පසුව සමාජ පිළිල බවට පත්ව අනිත් ගැහැණු අයටවත් පාරේ යන්න බැරි වෙයි (අ)
පතිරණ ගොඩක් වෙලාවට ඔයාගේ කතාව හරි.
බඳින්න ඉස්සර ඔහොම පහර දුන්න නම් .. ටිකක් කල් යද්දී ගහන හැටි හිත ගන්න පුළුවන් .. අර වැටෙන වෙලාවේ උලක් උඩට එහෙම වැටුනානම් මේ කතාව ලියන්න වෙන්නේ වෙනත් විදියකට. විවාහ වෙන්න පෙර තව ටිකක් හිතන්න දුවේ (අ)
පොලිසියට එක එක්කෙනාට ඕනේ විදිහට නීතිය ක්‍රියාත්මක කරන්න බැහැ. මොවුන් සමථයකට පත් වුණත් හිංසනයට විරුද්දව නීතිමය පියවර පොලිසිය මගින් ගත යුතුයි.(අ)
පොලිසියට ගිහින් සමථයකට පත් කර නොගත්තොත් තවත් නෙලනවා කියලා ඇදගෙන එන්න ඇති. ඔය වගේ නපුංසකයෝ එහෙම තමයි වැඩ කරන්නේ. එතකොට කෙල්ලට ගහපු අනිත් එකාවත් බඳිනවද දන්නෙ නෑ. මේකෙන් වෙන්නෙ වෙන පිරිමිත් ලෝකෙටම පේන්න ගෑනිට ගහලා වීඩියෝ කළත් කමක් නෑ කියලා හිංසනයට උල්පන්දම් දීමක්. (බ)
අද කලේ ආදරය කරන පිරිමි ළමයි තමන්ගේ ආශාවන් සන්සිදුවගන්නකම් විතරයි අනේ බබා, මගේ මැණික, මගේ පන, කියා අමතන්නේ ඊට පස්සේ අතින් පයින් තමා කතා කරන්නේ. ගැහැණු ළමුන් තමන්ගේ ආත්ම ගරුත්වය ආරක්ෂා කරන් වැරදි දේවල් වලට යොමු නොවී ආදරය කළ යුතුයි. (බ)
පෙම්වතා විතරක් නෙවෙයිනේ .මිතුරත් ගහනවා විවාහයෙන් පස්සේ ගෙදරට එන ඔක්කොටම බයිට් හදල දීල ඔක්කොගෙන්ම ගුටි කන්නත් වෙයි (බ)
ආ ඕක පරණ එකක්ද? එහෙනම් බැන්ඳට පස්සේ අලුතෙන් ඒවා බලාගන්න පුළුවන් වෙයි. දෙමාපියෝ කැමති වෙයිද මෙහෙම කෙනෙකුට දෙන්න මේ දරුවාව (නි)
ස්වයං පිඩිත කාමය කියල මානසික රෝගයක් තියෙනවා (බ)
තමන්ට එපා නම් අයින් කරන්න ඕනෑ. බැඳලත් නැති එකේ මොකට ගුටි කනවද? ගැහැණුන්ගේ කට නිසයි ගුටි කන්නේ කියන එක මා නම් පිළිගන්නේ නැහැ. කතා නොකළාම තවත් තරහ යනවා. ඇයි කට නැද්ද කියලා.ඒක බුද්ධාගමේ හැටියට නම් කර්මය. හිරේ ඉන්නේ පෙර වැරදි කරපු අය.පෙර වැරදි කරපු අයට ඉන්නට තැනක් තියෙනවනේ.ගැහැණියට ගැහුවහම හිරේ දැම්මොත් ඔය කලිසම් කමිස ඇඳලා උජාරුවට යන පිරිමි වැඩි හරියකට ඉන්න වෙන්නේ හිරේ තමයි. (නි)
හැමදේටම සිංහල බෞද්ධ සංස්කෘතිය ගාගන්නේ ඇයි. මුදියන්සේ බුදුහාමුදුරුවෝ එහෙම කියලා තියෙනවාද තමන්ට වඩා දුර්වල තැනැත්තන්ව තලා පෙළන්න (බ)
මේක අතිශය පුද්ගලික නැහැනේ. මොකද තවත් කී දෙනෙක් බලාගෙන ඉන්නවද? (නි)
පොලිසියේ කාර්යය දුර්වල නිසා මිනිස්සු වැරදි කාරයන්ට දඬුවම් දෙන්න යනවා මේ කොල්ලාට ගුටි කන්න වුණේ ඒකයි (බ)
චාන්දි, ඔයා හරියට හරි (නි)
දැන් ඉල්ලන් කන්න වුනත් තහනම්. නීති තියෙනවා. ඊළඟ දවසේ ගුටිකද්දී මේ ළමයා මළොත් පොලිසියට තම බැනුන් අහන්න වෙන්නේ. (බ)
මේ තරුණියට විවාහයෙන් පසුවත් පහරදීම් වලට ලක්වන්නට සිදුවිය හැකියි.ගැහැණුන්ට ගහන පිරිමි ඒ පුරුද්ද අත්හරින්නේ නැහැ.අකමැත්තෙන් කැමති වෙන්න මේ තරුණියට සිදුවුණා නම් එය මහා ඛේදවාචකයක්. (නි)
මේ ගැහැණු ළමයා ඇත්තටම ඔය කෙනා එක්ක විවාහ වෙනවා නම් තවපාරක් හිතන්න කියලයි මම නම් කියන්නේ (නි)
එයාල මොනවා කිව්වත් මෙතන කාන්තා හිංසනයක් වෙනවා .පිරිමි දෙන්නෙක් ගැහැනියකට ගහනවා . ඕවට නිකන් හිටියොත් අනිත් අයත් පටන් ගනී . හරියට වනචාරී වගේ .නිතිය ක්‍රියාත්මක කරන්න (බ)
එහෙනම් ඒකත් එහෙමයි? (නි)
මෙතන හරි හරියට කාන්තා නිදහස ගැන කතාකරන මහත්වරුන්ගේ නෝනලා කීදෙනෙක් ඇත්තටම සැබෑ නිදහසක් භුක්තු විඳිනවා ඇද්ද? අතින් පයින් ගුටි නොකෑවට මානසිකව කොච්චර ගුටි කනවා ඇද්ද? අනේ මිනිසුනේ, අනිත් මිනිස්සු හදන්න කලින්, අනිත් පවුල් ජීවිත හදන්න කලින්, තම තමන්ගෙ ජීවිත හදා ගත්තොත් නරකද? (නි)
කොච්චර ගුටි දුන්නත් මේ ගැහැණු ළමයා කුමන හෝ හේතුවක් නිසා ඒ කොල්ලා එක්කම යන්න හිත හදාගන්න ඇති.හැබැයි බැන්දට පස්සේ මේ වගේ දෙගුණයක් බලාපොරොත්තු වුණත් වරදක් නැහැ (නි)
මේ කොල්ලෝ කුරුට්ටෝ කරන දේවල් කවුද ගණන් ගන්නේ? අපේ ලංකාවේ අයටත් මේවා නිකන් මහා ලොකු වැඩ (නි)
එදා පහරදුන් පුද්ගලයාමද විවාහයට තෝරාගත්තේ? හිතාගන්නත් බැහැ.තරුණිය, ඔබට දෙවියන්ගේම පිහිටයි. (නි)
මතක තියාගන්න. ඔහු බැන්දොත් අනිවාර්යයෙන්ම ඔයාට විඳවන්න වෙනවා.ජීවිතයේ හැමදාම ගුටිකන්න වෙනවාමයි. මම අත්දැකීමෙන් කියන්නේ. නොබැඳ ඉන්න එක වැඩිය හොඳයි. ඔය වගේ අය පහරදීමෙන් පමණක් නතර වෙන්නේ නැහැ (නි)
අනේ නංගියේ, ඔයාට දෙවියන්ගෙම සරණයි! (නි)
විවාහයට දෙවි පිහිටයි! (නි)
පහරදීම නම් අනුමත කළ නොහැක. (නි)
දැන්වත් හොඳින් ඉන්නවා නම් ඉතින් කමක් නැහැ (නි)
අර ගස් බැන්ඳ සිද්ධිය මතක්වුණා!! (නි)