ෆේස්බුක් ඔස්සේ පසුගිය දිනවල ප්‍රචාරය වුණු තරුණයක් දෙදෙනකු තරුණියකට පහර දෙන වීඩියෝවේ එම පහරදුන් තරුණයාට මීගමුවේදී පිරිසක් පහරදී ඇතැයි කියති.
ඔහුව වටකරගත් තරුණයන් පිරිසක් මෙසේ ඔහුට පහරදී ඇති අතර ඔහුගේ එක් ඇසක් ඉදිමී දැඩිලෙස තුවාල වී තිබිණි.
අදාළ තරුණිය මාධ්‍යයට ප්‍රකාශ කළේ මෙම සිදුවීම ගිය වසරේ සිදුවූ එකක් බවත් ඇය දැන් පහරදුන් පුද්ගලයා සමග විවාහ ගිවිස ගැනීමට බලාපොරොත්තුවෙන්ද සිටින බවයි.
මෙම වීඩියෝව මාධ්‍ය හරහා ප්‍රචාරය කිරීමෙන් තමන් අපහසුතාවයට පත්වූ බවත් ඇය කීවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චතු තමයි හරකා. කෙල්ලන්ට ගහන්න නීතියෙන් තහනම් (බ)
වැරදි ආදර්ශයක්. කාන්තා හිංසනය සාධාරණද? (නි)
ගුටි කාලා මැරෙන්න හදන කෙල්ලෙක් (බ)
ලසන්ත ,එතකොට මීටපස්සේ තරුණියකට තරුණයෙක් අමානුෂික විදියට පහරදෙනවා දැක්කහම අනික් මිනිස්සු අහක බලාගෙන යන්න ඕනෑද? (නි)
කතා දෙකක් නැහැ මේ පහර දීම ඉතාම අමානුෂිකයි , හැබැයි සමහර මිනිස්සු රණ්ඩු කරලා ගහල බැනල උත්සාහ කරන්නේ ආදරේට නේද කියල වෙලාවකට හිතෙනවා . මොනවා වුනත් පොලොසියත් මේ වෙනුවෙන් ක්‍රියාමාර්ගයක් නොගත්ත එකේ මේ කොල්ලා පහර දීපු මීගමු නගරන් කාරයන්ටනම් අධිකරණයට යන්න වෙනවා (බ)
ගස් බැඳලා ගහපු සිද්ධිය මතක්වුණා (නි)
නීතියෙන් දඩුවම් දෙන්නේ නැත්නම් මේ කොල්ලට දීපු දඬුවම හොඳයි. (නි)
අමිල මට හිතෙන්නේ වලිගය පාගාගෙන වගේ. මොකක්ද වෙලා තියෙන්නේ කියලා මුලින්ම තේරුම් ගන්න. (නි)
රටේ ප්‍රධාන ප්‍රශ්නයක් (නි)
කලින් වුණ සිදුවීමත් අමානුෂිකයි. දැන් වෙලා තියෙන අලුත් සිදුවීමත් අමානුෂිකයි. අනික මේ ගහපු මිනිස්සුත් හොඳ මිනිස්සුද කියලා මට ප්‍රශ්නයක් තියෙනවා.වැරදි දෙකක් හරි එකක් වෙන්නේ නැහැ කියනවනේ නේද? (නි)
මම නම් කියන්නේ,යහළුවා එක්ක ගහපු එකත් මෝඩයි.ගුටිකාපු ඇයත් මෝඩයි. අදහස් දාන නුඹලා අපි සේරමත් මෝඩයි.......! (නි)
මිනිසුන්ගේ කෝපය සාධාරනයි. හැබැයි මේ ගැහැණු ළමයා ගැන නම් හිතාගන්න අමාරුයි. තමන්ගේ ජීවිතේ ගැන තීරණ ගන්නකොට මීටවඩා හිතලා ගන්න ඕනෑ (නි)
මිනිස්සුන් මිනිස්සුන්ට දඬුවම් කරන්න එක සාදරණද ? රටේ නීතියෙන් කරන්න තියන දෙවල් මිනිස්සු කරනවට ඉඩදෙන්න බැහැ. (ර)
දිගටම ගැහැණු ළමයාට ගුටිකන්න වෙයිද? (නි)
මිනිසුන්ගේ කෝපය සාධාරණයි (නි)
දැන් මේකටත් තරුණියට ගහයිද දන්නෙ නැහැ මේ තරුණයා? (නි)
අම්මා තාත්තාට හදන්න බැරි අය රටේ ලෝකේ මිනිසුන්ගෙන් හරි හැදෙන්න ඕනෑ (නි) .
දුව , ඔය තරුණයාව බඳින්න කලින් හොඳට හිතලා බලන්න. ඔහොම චරිත කවදාවත් වෙනස් වෙන්නෙ නැහැ. ඔයා මොන වැරැද්දක් කරලා තිබ්බත් ඔහුට බැහැ ඔයාට එහෙම ගහන්න. බැන්දොත් වෙන්නෙ මුලු ජීවිත කාලයම දුක්වන්නයි. (නි)
ලසන්ත ඔයත් ඔයාගේ නෝනට පහර දෙනවා නේද? (බ)
බඳින්නත් පෙර ඔය විදියට ගියා නම් පසුවට කොහොම වේවිද? (නි)
කාන්තාවකට පහරදීම අමානුෂික ක්‍රියාවක්. එවැනි සිදුවීම් හෙළාදැකිය යුතුයි. (නි)
ලසන්ත, ඔයා කිව්වේ ගොන් කතාවක් කියල අනිත් අයට තේරුනාට ඔයාට තේරෙන්නේ නෑ නේද? අනිත් අයට මම මේ කියන්නේ, ලසන්තට පහදලා දෙන්න යන එක තේරුමක් නැති වැඩක්. එයා හැදිලා ඉවරයි, මේ වගේ ඒවා තේරුම් ගන්න පුළුවන් වයසක නෙමෙයි එයා ඉන්නේ. (අ)
ඇති ඔයින් බේරුනා (නි)
මම අද උදේ මගේ බිරිඳත් එක්ක රණ්ඩුවක් දාගත්තා. හැබැයි පැයක් යන්න කලින් අපි දෙන්නගෙන් කවුරුහරි කතාකරනවා (නි)
හිතාගන්න බැහැ, මේ විදියේ පිරිමින්ට කැමතිවෙන ගැහැණුත් ඉන්නවද? (නි)
අමිල මහත්තයෝ අනික් අයගේ නෝනලා ගැන හෙවිල්ල නවත්වල ඔයාගේ නෝනා ගැන හෙව්වනම් වටිනවා. මොකද අන්තිමට ඔයාට ඔයාගේ නෝනව අමතක වෙයි (අ)
හරියටම හරි, ගෑහැනුන්ට ගහන චණ්ඩින්ට. (ර)
මේක පෙම්වතුන් අතර තිබෙන ප්‍රශ්නයක්. පෙම්වතුන් අතර ඔයවගේ දේවල් වෙනවා. සමහරවිට මෙසේ ගුටි කෑම, මේ ගැහැණු ළමයට ප්‍රශ්නයක් නොවෙන්න ඇති. ඉන් පස්සේ ඇය විවාහ ගිවිසහන්න යන්නෙත් මොහුත් එක්ක. එහෙනම් අනිත් අය මේ සම්බන්ධයෙන් ගැටළුවක් ඇති කරගැනීම අවශ්‍ය නැහැ. තමන්ගේ දේ ගැන පමණක් සොයන්න අනුන්ගේ දේ ගැන නොසොයන්න. තමන් කළ නොකළ දේ ගැන පමණක් සොයන්න. අනුන් කළ නොකළ දේ ගැන නොසොයන්න. මේ බුදු වදනයි! (නි)
රටේ නීතිය තදට තිබුනා නම් ඔහොම වෙන්නේ නැහැ. (නි)
අපේ සමාජයේ ගොඩක් දේවල් වෙනස් වියයුතුයි. (නි)
ඔය ගැහැණු ළමයා වැටෙන විදිහට එතන ගලක් හරි අර පුවක් ගහේ ඔලුව හරි වැදුනා නම් අද අපි බලන්නේ ඔය ප්‍රවෘත්තිය නෙමෙයි (නි)
ගහපු එකට මම නම් සතුටුයි (නි)
මේකේ ප‍්‍රතිචාර ලියන උදවිය තේරුම් අරගෙන නැහැ ආදරය කියන්නේ මොකක්ද කියල ආදරය බොහොම සුන්දර අත්දැකීමක් මෙහෙම ගහමරාගන්නේ නැහැ අාරේ කරන අය. (බ)
ලඳුන් ලොවට දායාද කර තිබෙන්නේ පිරිමින්ගේ ආදරය සෙනෙහස නොඅඩුව විඳිමින් ආරක්ෂා බලාපොරොත්තුව මිසක් ඔවුන්ගෙන් ගුටිකන්න නොවේ. ගෘහස්ත ප්‍රචණ්ඩත්වයට මෙම රටවල් දැඩි නීති සම්පාදනය කර තිබෙනවා.එමනිසා එම තරුණියන් මෙම ප්‍රචණ්ඩත්වයෙන් තොරව ඉතාම සතුටින් ඉන්නවා.මෙම දර්ශනය දුටුගමන් මට එය කෙළින් බලා ඉන්න තරම් ශක්තියක් තිබුනේ නැහැ. අහිංසක මල් වලට තලන්නේ නැතුව සෙනෙහසින් වැළඳගෙන ආදරය සෙනෙහස දක්වන්න (නි)
චතු, ඒක වෙන්න ඇති අපේ රට තාමත් තුන් වැන්නෙම ඉන්නේ. වටිනා කාලය රටට වැඩක් වෙන දෙයක් කරන්න බැරිද මේ මිනිසුන්ට..? (ර)
මේ විදිහට නීතිය අතට ගැනීමට ඉඩ නොදිය යුතුයි.(ම)
උත්තරීතර යැයි කියා ගන්නා පාර්ලිමේන්තුව ඇතුළත් ගුටි ඇණගන්න රටේ මේවා මොනවද.(ම)
අයියෝ! මේ ගුටිකෙළිය කොහෙන් නතරවෙයිද මන්දා? (නි)
මම කියන්නේ හිංසනයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළයුතුයි.කිසියම් කෙනෙකුට ශාරීරිකව පහරදීම නීතියෙන් දඬුවම් ලැබියයුතු වරදක්. (නි)
බිම වැටෙන්න ගහන්න තරම් ඒවා පෙම්වතුන් අතර වෙන සාමාන්‍ය දේවල් ද ? ඔය මිනිහ ආදරේ කරන කාලේ ඔහොම ගැහුවා නම් බැඳලා මස 2 - 3 කින් මැරෙන්න ගහයි. එදා උනත් පොල් ගහේ ඔලුව වැදුන නම් මිනිහ මිනි මරුවෙක් වෙනවා. (ස)
ළමයෝ දෙපාරක් සිතන්න ..!ආදරය කියන්නේ අදුරේදී පෙනෙන ..ආලෝකෙට හදුනා ගන්න අපහසු වස්තුවක් හා සමානයි..? විවාහ වෙලා දෙමාපියෙකුගේ ආදරය අහිමි දරුවෙකු මේ ලොවට බිහි නොකර ඉදිරිය ගැන සිතන්න..? (ම)
මේ ප්‍රශ්නය ඔවුන්ට නීති මාර්ගයෙන් බේරාගන්න තිබුණා (නි)
චින්තක.ඔබ හරි.මම ද කියන කෙනෙකුත් ඔවැනි කෙනෙක් කසාද බැදලා අද විදවනවා.වැඩි හරියක් ඉන්නේ ඉස්පිරිතාලයේ. (බ)
එ්ක හරි නීතිය අතට ගත්ත එවුන්ට ඔය විදියට නීතියෙන් පිට දඬුවම් දෙන්න ඕන අත පය කැඩුවනම් හරි (බ)
මේක වීඩියෝ කරපු හරකා මොකාද දන්නේ නැ.තමන්ගේ පවුලේ පෞද්ගලික දේවලුත් වීඩියෝ කරන හරක් ඉන්න රටක් මේක. ඒ කෙල්ලත් කැමැත්තෙන්ම එතන්ටවෙලා ඉන්නවා ගුටි කාකා.පැනල දුවන් නැතුව. මහා පිස්සෝ ඉන්න රටක් මේක . ගෙවල්වල රන්ඩු වෙන්න නැද්ද ගැණු මිනිස්සු එහනම් ඒ රන්ඩුවෙන ඒවත් වීඩියෝ කරලා දැම්මනම් එහම කොහොම තියේද රට. (බ)