(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

 දින කිහිපයකට පෙර හිතවත් වු තරුණිය  හමුවීම සඳහා පැමිණෙන ලෙස දන්වා අලෙවි ප්‍රවර්ධන නිලධාරියෙක්  සූක්ෂම ලෙස මිල්ලනිය ප්‍රදේශයට ගෙන්වාගත් තිදෙනෙකුගෙන් යුත් කල්ලියක් ඔහු පාළු  නිවසකට රැගෙන ගොස් ගෙල බැඳි රන් මාලය ඇතුළු දේපල රැසක් කොල්ල කා ඇතැයි මිල්ලනිය පොලිසිය කියයි.

කොල්ල කෑ දේපල අතර පවුම් දෙකක් පමණ බර ගෙල බැඳි රන් මාලය ,  ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකථනය යතුරුපැදිය හා මුදල් පසුම්බිය වන බව පොලිසිය කියයි.

සිද්ධියට මුහුණ පෑ පුද්ගලයා කුරුණෑගල දඹුල්ල පාර අලකොලදෙනිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර මීට මාසයකට පමණ ඉහතදී හොරණ ප්‍රදේශයේ ආයතනයක අළෙවි ප්‍රවර්ධන නිලධාරියෙකු ලෙස  සේවය සඳහා පැමිණ ඇතැයි පොලිසිය කියයි

ඉකුත් 21  හොරණ නගර සභා ක්‍රීඩාංගණයේ පැවැති  සංගීත සංදර්ශනට සමගාමීව වෙළෙඳ කුටියක් අරඹා එම වෙළඳ කුටියේ ප්‍රදර්ශනය කටයුතු වල නිරත වන අවස්ථාවේදී අසළ වෙළඳ කුටියේ සිටි තරුණියක් සමග  හිතවත්කමක් ඇතිකරගෙන ඇය හමුවට ගිය අවස්ථාවේදී මෙය සිදුව තිබේ.