වසර 2018දී පැවැත්වෙන 21වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය ක‍්‍රීඩා උළෙලේ සත්කාරක රාජ්‍යය වන්නේ ශ්‍රී ලංකාවද නැතහොත් ඕස්ටේ‍්‍රලියාවද යන්න තීරණය කෙරෙන ඡන්ද විමසුම අද (11) කැරිබියානු කලාපයේ රාජ්‍යයක් වන ”ශාන්ත කිට්” දුපතේදී පැවැත්වේ.ඒ සඳහා පොදුරාජ්‍ය මණ්ඩලීය ක‍්‍රීඩා සම්මේලනයේ සාමාජිකත්වය දරන රටවල් 71ක නියෝජිතයන් සහභාගි වන අතර ඡන්දය ජයගන්නා රාජ්‍යය වසර 2018 ක‍්‍රීඩා උළෙලේ නිල සත්කාරය දැරීමට වරම් ලබයි.ඒ අනුව අද ශාන්ත කිට් වේලාවෙන් පස්වරු 5.30ට ඡුන්ද විමසුම පැවැත්වේ. එය ශ්‍රී ලංකා වේලාවෙන් හෙට (12 වැනිදා) අලූයම 4.00 වේ.ක‍්‍රීඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ, පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ යන මහත්වරුන් ද මේ විට ශාන්ත කිට් දුපතට ගොස් ශ්‍රී ලංකා දුත පිරිසට එක්ව සිටින බවද වාර්තාවේ.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd