කාලයක සිට අක්‍රියව තිබු මහවිලච්චිය ග්‍රාමීය රෝහලේ ජල පෙරනය රුපියල් 20,000 ක පමණ වියදමක් දරා අලුත්වැඩියා කරදීමට "එකමුතු වෙමු උදවු කරමු" සංවිධානයේ තරුණ පිරිසක් එක්වූහ.
මේ සම්බන්ධයෙන් ලංකාදීප එසැණට තොරතුරු දැන්වූ කුලරත්න රාජපක්ෂ පැවසුවේ බොහෝ කාලයක් මෙම ජල පෙරනය අලුත්වැඩියා කර ගැනීමට නොහැකිවීම නිසා රෝහලේ වැඩට මෙන්ම රෝගීනට පිරිසිදු ජලය ලබාදීම පවා ගැටළුවක්ව පැවැති බවයි. මෙම සත්ක්‍රියාව සඳහා සහභාගිවූ සියලුම දෙනාට ස්තුතිවන්ත වන බව රෝහල් කාර්ය මණ්ඩලය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යහපත් විද්‍යුත් සන්නිවේදන මාධ්‍යයක් නිසා ජනතාවට හයපතක් මෙන්ම සේවයක් වූ වගයි. මහත්වරුනේ ඔබ සැමට අනෙක වාරයක් ස්තුතියි. (කෞ)
ඔක්කොම අනුන් කරනකම් බලන් ඉන්නේ නැතුව රෝහලේ කාර්යමණ්ඩලයටත් එකතුවෙලා පොඩි සම්මාදමක් දාල ඔය වැඩේ කරගන්න තිබ්බා නේද ඔයිට කලින්. මෙවැනි සත්ක්‍රියාවකට දායකත්වය සැපයු ඒ තරුණ පරපුරට මගේ ප්‍රණාමය. (ර)
කුලරත්න මහතාගේ සත් ක්‍රියාව අගය කරනවා (කෞ)