මෙවර සමාජවාදී තරුණ සංගමයේ ජාතික සමුළුවේදී ශ්‍රී ලංකාවට නව ජාතික තරුණ ප්‍රඥප්තියක් ඇති කිරීමට බලාපොරොත්තුවන බව සමාජවාදී තරුණ සංගමයේ කැඳවුම්කරු ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික බිමල් රත්නායක මහතා පැවසීය.
අද බත්තරමුල්ල පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී එසේ කී රත්නායක මහතා තරුණ තරුණියන්ගේ විරැකියා ගැටළුවට විසඳුමක් ලබාගැනීමටත්, ආරක්ෂාව තහවුරු කරගැනීමටත්, ජීවිත හැඩගස්වා ගැනීමටත් අවශ්‍ය ප්‍රතිපත්තීන් ක්‍රියාත්මක කිරීමට තරුණ ප්‍රඥප්තිය යොදාගන්නා බව කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ පවතින වර්තමාන දේශපාලන තත්ත්වය ගැන නිදහස් මනසකින් බලන්නෙකුට පෙනී යන්නේ, නිවැරදි දේශපාලන දැක්මක් ජ.වී.පෙරමුණ සතුව පවතින බවය. උද්ඝෝෂණ සහ කඩාකප්පල්කාරී ක්‍රියාවන්ට කාලය කැපකරනවාට වඩා මෙවැන්නක් මඟින් ජනතාව අතරට පැමිණීම ඇත්තෙන්ම සුබදායකය. දැනට පක්ෂයේ දේශපාලන ක්‍රියාකාරිත්වය අපි ඉතා ඉහළින් පිළිගනිමු. තරුණ පරපුර අතරට වගේම සියලුම ශ්‍රී ලාංකිකයන් අතරටද ඔබේ පැමිණීමට අපි ආරාධනය කරමු. (නි)
මහින්ද ආර් කිතුල්ගොඩ මහත්තය ඒකාබද්ධ විපක්ෂේ හිතවතෙක් වගේ පෙන්නේ. හරි දේට හරි කියන්නත්,වැරදි දේට වැරදි කියන්නත් ඔබ තුමාට ශක්තිය ධෛර්ය ලැබේවා.(බ)
අනේ මහත්තයෝ, මොන ප්‍රතිපත්ති ගෙනාවත් කමක් නැහැ. 88/89 වගේ දරුවෝ, නොදරුවෝ අම්මලා තාත්තලාගෙන් වෙන්කරන්නේ නැතුව. එදා රට බාරගන්න හිටපු රත්තරන් දරුවෝ ටිකක් රටට නැතිවුණා. පසුව රට බේරගන්න ගිහින් බොහෝ දෙනෙක් යුධ බිමේදී නැතිවුණා. රට බේරාගත් දරුවෝ දංගෙඩිය ඉදිරියේ අසරණවෙලා. ඔයාලා මොන දේ ගෙනාවත් මෝඩ දරුවෝ ඒවා දෝතින්ම ගන්නවා (නි)