ලෝක බැංකුව, ආසියා සංවර්ධන බැංකුව හා යුරෝපා සංගමයේ රටවල් එක්වී ශ්‍රීලංකාවේ වෘත්තීය පුහුණු අධ්‍යාපනය වෙනුවෙන් රුපියල් කෝටි 470ක ආධාර ලබාදී ඇති බව වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසුවේය.
තරුණ පරපුර වෙනුවෙන් ක‍්‍රමවත් වෘත්තීය පුහුණු වැඩසටහන් ආරම්භ කරන අතර පාසල් හැරයන දරුවන් අතරින් සියයට 53ක් කිසියම් වෘත්තීය පුහුණුවක් නොලබාම රැකියා වෙත යොමු වන බවත් අමාත්‍යවරයා එම දරුවන්ද ක‍්‍රමවත් වෘත්තීය පුහුණු සඳහා යොමු කරවීමේ වැඩසටහනක් ආරම්භ කරන බවත් ඔහු සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා හොද වැඩක් අද වනතුරු ගොඩක් තරුණයන් නිකරුනේ කාලය කා දමනවා 16-18,18-22 මේ තරුණ පිරිස නිසි ආකාරයෙන් කළමනා කරන්නේනම් එය රටටත් සමාජයටත් ලොකු පිටුවහලක් වෙනවා මේ ලොකු සම්පත් වෙනුවෙන් නිසි අවදානයක් යොමු කරවියයි අපි සිතනවා. (ර)