ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ 2016 වසර සඳහා නව නිලධාරී මණ්ඩලය අද (23) තෝරා පත් කර ගැනිණි.
සභාපති - තරිඳු උඩුවරගෙදර
උප සභාපති - ආදිල් අලි සබ්රි
සම ලේකම්වරු - තරිඳු ජයවර්ධන, උදය කාර්තික්
භාණ්ඩාගාරික - නිරෝෂ් මෛත්‍රී
උප භාණ්ඩාගාරික - හර්ෂණ තුෂාර සිල්වා
කාරක සභිකයෝ - බිඟුන් මේනක ගමගේ, ශාලික විමලසේන, රජිත ජාගොඩආරච්චි, රෂිනි මෙන්ඩිස්, තුසිත පතිරණ, සුල්ෆර් මොහොමඩ්, ඉඳුනිල් උස්ගොඩආරච්චි, සඳරුවන් අමරසේකර
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සතුටුයි! මේ බිහිවූ 188 වැනි ජනමාධ්‍යවේදීන්ගේ සංගමය නේද? තව ජනමාධ්‍යවේදීන්ගේ සංගම් 70 ක් වත් හැදුවොත් අඩුව පිරිමැහේවි. (ස)
පළමුව ආචාර ධර්ම පද්ධතියක් හදාගන්න. හොයන්නේ බලන්නේ නැතුව තොරතුරු මහජනතාවට ලබානොදෙන්න. හැම තොරතුරක්ම අමුඅමුවේ දෙන්න එපා. අපරාධ තොරතුරු රසවත් කතන්දර කරන්න එපා. තොරතුරු යහපත් දෙයට පමණක් රුකුලක් වියයුතයි. රටේ මුලික නීතියට අභියෝග වෙන තොරතුරු වලට ප්‍රමුඛතාවය දෙන්න එපා. අතීත වැරදි ආදර්ශයට ගන්න. වරප්‍රසාද, වරදාන වලට වෘත්තිය පාවා නොදෙන්න. ඔබට ජය! (නි)
පාඨකයා ඉල්ලන දේ වෙනුවට පාඨකයා නිවැරදි මඟට යොමුකළ හැකි දේ ඔබ කළයුතුයි (නි)
විද්‍යා සහ තාක්ෂණික දැනුම සහ පර්යේෂණ පිළිබඳ තොරතුරු වාර්තාකරණය ඉතාමත් පහත මට්ටමකයි දැන් ලංකාවේ පවතින්නේ. ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමය, රාජකීය ආසියාතික සමිතියේ ශ්‍රී ලංකා ශාඛාව, වාස්තු විද්‍යා, ඉංජිනේරු සහ නගර නිර්මාණ වෘත්තිකයින්ගේ ආයතන සහ විශ්ව විද්‍යාල සමඟ සම්බන්ධීකරණ යාන්ත්‍රණයක් ගොඩනඟා ගතහොත් ශ්‍රී ලාංකීය ජනමාධ්‍යය දේශපාලනීකරණයෙන් මුදාගෙන රටේ ඉදිරිගමනට දායක වෙමින් හොඳ ගමනක් යන්න පුලුවන්වේවි. (නි)