පානදුර ජයා මාවතේ තීන්ත කම්හළේ කාන්දුවෙන් කම්හල අවට නිවෙස් අවට පවුල් 30ක් පමණ ඉවත් කිරීමට පියවර ගන්නා බව කෙසෙල්වත්ත පොලිසිය කියයි.
ගෑස් සිලින්ඩරයක් හා නළයක් කාන්දුවෙන් තිනර් වාතයට කාන්දුවී ඇති බවත්, එම වාතය අග්‍රාණය වීමෙන් හුස්ම ගැනීමේ අපහසුව හට ගෙන ඇති බවත් පොලිසිය පවසයි.
මෙම කම්හලේ කාන්දුවෙන් සිය ගණනකට ඇතිවූ හුස්ම ගැනීමේ අපහසුව සොයා ගිය අපේ මාධ්‍යවේදී සිරි මහබෙල්ලනට කම්හලේ සිටි පිරිසක් තර්ජන ගර්ජන කළහ. පහර දෙන්නට උත්සාහ කළහ. ඔහුගේ කැමරාවට හානි කරන්නට තැත් කළහ. ඒ සියලු තාඩන පීඩන මැද්දේ ඔහු සිය රාජකාරිය උපරිම ලෙස ඉෂ්ට කරගැනීමට සමත් විය. මහජනයාට තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කරගැනීමට ඔහුට හැකිවිය.
(වීඩියෝ සිරි මහබෙල්ලන)
වීඩියෝ - බිමල් ශ්‍යාමන්




![IMG_4309[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/12/IMG_43091.jpg)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොකු හස්තයක් ඔය කර්මාන්තෙටත් සම්බන්දයක් ඇති. ඔය වගේ ජනාකීර්ණ තැන් වල මනුස්ස්‍ය ශරීරයට අහිතකර දේවල් පටන් ගන්න ඉඩ සලස්සපු අය ගැන පළමුව විමර්සනයක් කල යුතුයි. පව් අසරණ මිනිස්සු. (කෞ)
එසැන පුවත් සේවයට අපේ ප්‍රණාමය (කෞ)
මුදලට නැත්නම් රැකියාවට මෙලෙස හැසිරුණු අයට විරුද්ධව උපරිම නීතිමය ක්‍රියාමාර්ග ගතයුතුයි. (නි)
රෝගීන්ට ඉකමන් සුවය ලැබේවා. ගෝඩ් බ්ලෙසස් (කෞ)
සුමිත්‍රා, ලොකු හස්තයක් නෙමෙයි. මේක අපේ "වරයෙකු" ට අයත් ආයතනයක්. වටේම ඉන්නේ "වරු". එහෙ තියෙන්නේ වෙනම නීතියක්. මම ඒ ගමේ නිසා දන්නේ. පුරන් වෙච්ච වේලක් ගොඩ කරලා දාපු ෆැක්ටරියක් ඕක. (බ)
ලස්සන නමක් තියෙන තීන්ත ගබඩාව (බ)
ඔය කර්මාන්ත ශාලාවේ නම මොකක්ද? (කෞ)
එහෙනම් ඔය කර්මාන්තශාලාව වසාදැමිය යුතුයි. (කෞ)
ලංකාවේ අනුන්ට ජාති වාදීන් කියා කියා බේගල් ඇද බාල කරන තරමක් ජරා වැඩ කරන කොට්ටාශයක් ඉන්නවා කියල කව්ව්රුත් දැන ගත්තොත් හොඳා! (ස)
කර්මාන්ත පුර තියෙනකොට ගෙවල් අස්සේ මේවා කරන්ඩ කව්ද ඉඩ දෙන්නේ? චීනෙන් ඉගෙන ගත්තම ඕක තම වෙන්නේ. යුරෝපේ පිළිවෙලකට මේවා හදාගත්ත නිසානේ එහෙන් ඕව වාර්තා වෙන්නේ නැත්තේ. (ර)
මම නම් කියන්නේ පවුල් නෙමෙයි ඉවත් කරන්න ඕනෑ, කම්හලයි. (නි)
ඔබ සැබෑ නිර්භීත මාධ්‍යවේදියෙක් (නි)
ඉපදුනේ ආසියාවේ උනත් යුරෝප ඉන්න අය ඉන්න එකම රට අපේ රට සපත්තු පොලිෂ් ගේන්නේ නම් චීනයෙන්. (ර)
මාධ්‍යවේදියාට අපේ ප්‍රණාමය! (නි)
සමහරවිට වන්දිය කියල සොච්චමක් ගෙවාවී. වන්දි ගෙවන්නේ දුප්පත් අහිසක මිනිස්සු. හෝටල් වලට, සල්ලි ගෙවා ඉවත්කරන දින කිහිපය ගෙවන්න මුදල් ඔවුන්ට නැහැනේ. හරි නම් විය යුත්තේ නැවත මෙම ස්ථානයේ කම්හල පටන් ගැනීමට ඉඩ නොතැබිම. (ර)
මේ සියල්ල වසාදැම්මොත් මොනවා වෙයිද? (නි)
පොලිසියට පැමිණිලි කරන්න. සි සි ටි වී කැමරාවල සේරම ඇති. (ර)
ඕනෙම හොඳ දෙයකට හොඳයි කියන්නයි නරක දෙයකට නරකයි කියන්න මොකටද බය වෙන්නේ. (ර)
රසායනික ද්‍රව්‍ය පාවිච්චිවෙන කර්මාන්තශාලා සාමාන්‍ය ගෙවල් අතර තිබීමත් ගෙවල් අස්සේ කර්මාන්තශාලා තිබීමත් දෙකම වැරදියි. අනතුරක් වුනාට පස්සේ විමර්ශනය කිරීම තමයි හැමදාම මේ රටේ සිද්ධවෙන්නේ . ඇමතිවරු නම් කප්පරක් ඉන්නවා , හැබැයි කිසි වැඩක් නැහැ . අවශ්‍ය දේ කරන්න වගකීමක් ගන්න කව්රුත් නැහැ . (ර)
බෙල්ලන බෙල්ල ගියත් වැඩේ අකුරට කරනවා ....ඔබට ජයසිරිමා බෝසමිදු රැකවරණය ලැබේවා...!!! (කෞ)