දේශීය තිරිඟු පිටි සමාගම් දෙකක් ජනවාරි 1 වැනිදා සිට තිරිඟු පිටි කිලෝවක් රුපියල් දෙකකින් වැඩි කර ඇතැයි වාර්තාවේ.
ජාතිය ගොඩනැගීමේ බද්ද වශයෙන් 2%ක් පිටි අලෙවි නියෝජිතයන්ගෙන් පිටි සමාගම් අය කරන අතර එම නියෝජිතයන් පාරිභෝගිකයන්ගෙන්ද එම රුපියල් දෙකක මුදල අයකරන බව කියති.
වෙළඳපොළේ තිරිඟු පිටි කිලෝවක උපරිම සිල්ලර මිල රුපිල් අනූවක් ලෙස රජය යෝජනා කර ඇති මිල පාලනයට අනුව මෙතෙක් රුපියල් 87 ක්වූ තිරිඟු පිටි කිලෝව මිල වැඩිවීමත් සමග රුපියල් 89 ක් බවට පත්ව ඇත.
මෙම මිල වැඩිවීම තමන්ගේ බේකරි නිෂ්පාදනවලට දැඩි බලපෑමක් එල්ල කරතියි බේකරි හිමියෝ කියති.
![vlcsnap-2016-01-05-15h38m39s20[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/01/vlcsnap-2016-01-05-15h38m39s201.jpg)
![vlcsnap-2016-01-05-15h39m18s158[2]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/01/vlcsnap-2016-01-05-15h39m18s1582.jpg)
![vlcsnap-2016-01-05-15h39m28s254[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/01/vlcsnap-2016-01-05-15h39m28s2541.jpg)
![vlcsnap-2016-01-05-15h39m39s110[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/01/vlcsnap-2016-01-05-15h39m39s1101.jpg)
![vlcsnap-2016-01-05-15h39m48s197[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/01/vlcsnap-2016-01-05-15h39m48s1971.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිටි මිල තව වැඩි කළයුතුය. රටේ මෙපමණ ලෙඩ්ඩු සිටීමට එක හේතුවකි පිටි. බත්, කොස්, බතල හා ආදේශක වැඩි කළයුතුය (නි)
කොස් ගස් කපා ගෙවල් සහ භාණ්ඩ හැදුවා මිසක් කොස් පිටි කර ජනතාවට ලබානොදුන් එත අපේ දේශපාලනයේ වැරැද්දද? පර්යේෂකයන්ගේ වරදද? (නි)
මොනවා වෙන්නද? යහපාලනය හැම පැත්තෙන්ම බේරෙනවා (නි)
සුමිත්‍රා, ඇත්තටම වෙන්න යන දේ දැනටම පටන් අරගෙන තියෙන්නේ. රුපියලේ අගය හොඳටම බැහැලා. පසුගිය කාලේ කිවුවේ වර්ෂාව නිසා එළවළු මිල ඉහළගියා කියලා. නමුත් එම ඉහළගිය මිල පරණ මිලට බැස්සාද? නැහැනේ. සීනි බෝල වගේ දේවල් පෙන්වලා ජනතාව රවටනවා. දැන් ඔය ඡන්ද දුන්න අයට හරි සනීප ඇති (නි)
අපි නම් යහපාලනයේ පිහිටෙන් දැන් තුන් වේලම බත් කනවා. හාල් අඩුවෙලා. එළවලු පරිප්පු අඩුමවෙලා (නි)
පාන්වලට "අපමණ අගයක්" ලබාදීමේ මුල් පියවර (බ)
වෙනසේ සැපත දැන් හොදටම තේරෙනවා. (කෞ)
මම වැඩ කරන්නේ අන්තර්ජාතික තිරිගු පිටි සමාගමක. අපේ සමාගමෙන් ගන්නවානම් කිලෝ එක 84 ගානේ දෙන්න පුළුවන්. එතකොට පාන් මිල තියෙනවාට වඩා අඩු කරන්නත් පුළුවන් නේද? (ම)
තිරිඟු පිටි මිල අඩුවෙද්දින් බේකරි හිමියන්ට දැඩි බලපෑමක් එල්ලවුනේ නෑ නේද....? (ම)
මේ මොකක්ද වෙන්න යන්නේ.(හේ)