IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


තරගයක් නැති කි‍්‍රකට් තරග

ශ‍්‍රී ලංකා පාසල් ක‍්‍රිකට් සංගමය මෙහෙයවන වයස 13 න් පහළ ක‍්‍රිකට් තරගාවලිය තරගකාරිත්වයෙන් තොරව එම සංගමයේ පූර්ණ අධීක්‍ෂණයෙන් පවත්වන බව පාසල් ක‍්‍රිකට් සංගමයේ ලේකම් ඩිල්ෂාන් ද සිල්වා මහතා පවසයි.
තරගකාරිවය වැඩිවීම නිසා කුඩා දරුවන් විවිධ ශාරීරික ආබාධවලට ගොදුරුවීම ඇතුළු කරුණු කීපයක් හේතුවෙන් වයස 13 න් පහළ සියලූම ක‍්‍රීඩාවල තරග පැවැත්වීම අත්හිටුවීමට අධ්‍යාපන අමාත්‍යංශය මේ වන විට පියවර ගෙන තිබේ.

”ක‍්‍රීඩකයන් ලියාපදිංචි කර, පාසල් අතර තරග පැවැත්වෙන ආකාරය පෙර පරිදිම සංගමයෙන් නිර්දේශ කරනවා. නමුත් පැවැත්වෙන්නේ තරගකාරිත්වයෙන් තොර නිදහස් තරගාවලියක්”

”මෙම තරගාවලියේ මූලික අරමුණ දිස්ත‍්‍රික් සහ පළාත් සංචිත තෝරා ගැනීමයි” යැයි පාසල් කි‍්‍රකට් ලේකම්වරයා වැඩි දුරටත් පැවසීය.

කෙසේ වෙතත් පෙර වසර වල පරිදි සමස්ත ලංකා ජය සංකේත ප‍්‍රදානෝත්සවයක් නොපවත්වා පළාත් මට්ටමින් ජය සංකේත ප‍්‍රදානය කිරීමට ද තීරණය කර තිබේ.

මෙම කරුණුම පදනම් කරගනිමින් වයස 15 න් පහළ ක‍්‍රිකට් තරගාවලිය සඳහා 13 න් පහළ ක‍්‍රීඩකයන්ට ක‍්‍රීඩා කළ නොහැකි බවට කොන්දේසියක් පනවා ඇතැයිද පාසල් ක‍්‍රිකට් සංගමය පවසයි. ඒ අනුව වසර 2013 දී  15 න් පහළ ක‍්‍රිකට් තරගාවලියට සහභාගි විය හැක්කේ 1998 සහ 1999 වසරවල උපත ලැබූ ක‍්‍රීඩකයන්ට පමණි.
වයස 15 න් සහ 17 න් පහළ , වැනි සහ II වැනි කොටසේ තරගාවලි මේ මස 25 වැනිදා ආරම්භ වන අතර III වැනි කොටසේ තරගාවලිය ජූනි මස 5 වැනිදා ආරම්භ වීමට නියමිතය.



අදහස් (0)

තරගයක් නැති කි‍්‍රකට් තරග

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 145 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site