IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


තරගය පටන්ගත්තෙත් ඉවර කළෙත් මම

  SAN_1069

 

මෙවර සිරස කුමරිය ලෙස කිරුළ පැළැඳියේ නෙතලි දිසානායක නමැති මේ සුරූපියයි. වඩාත් සොඳුරු රුවැත්තියන් සිය ගණනක් අතරින් පළමු තැනට පැමිණි මේ සොඳුරු රුවැත්තිය කවුද? සුරූපි නෙතලි ගැන කෙරෙන විස්තරයකි මේ. 

 

g

නෙතලිගේ ගම වන්නේ මාතරය. මාතර ශාන්ත මරියා කන්‍යාරාමයේ ආදි සිසුවියකි. වයස අවුරුදු 20කි. උසස් පෙළට කලා අංශයෙන් ඉගෙනුම ලබා ඇති නෙතලිගේ අරමුණ වන්නේ කලා අංශයෙන් උසස් අධ්‍යාපනය ලැබීමය. තාත්තා ව්‍යාපාරිකයකු වන අතර මව ගෘහණියකි. නැගණිය සහ මල්ලි යනු නෙතලිගේ පවුලේ අනෙක් උදවියයි. පාසලේ පැවැති කටයුතුවලට අමතරව මෙවැනි සුරූපිනියන් තේරූ තරගයකට ඇය සහභාගි වී ඇත්තේ පළමු වතාවටය. මාතර සිට කොළඹ ඇවිත් මේ තරගයට ඉදිරිපත් වුණේ තම නැන්දනිය නිසා යැයි ඇය සිහිපත් කරන්නීය.


”මගේ නැන්දා රූපලාවන්‍ය ශිල්පිණියක්. නැන්දාගේ වුවමනාවට තමයි මම මේ තරගයට අයදුම් කළේ. මේ වෙනුවෙන් මාව උනන්දු කළ නැන්දා, මා එක්ක කීප වතාවක්ම කොළඹත් ආවා. ඉන්පස්සෙ අම්මයි තාත්තයි එක්ක තමයි පසුගිය වසර පුරාම කොළඹ ආවේ.”

 

 

  •  ඒ අවුරුද්ද පුරා වෙච්ච සිදුවීම් ගැන සිහිපත් කළොත්?

”ඇත්තම කිව්වොත් ජීවිතයේ කවදාවත් මුහුණ නොදුන් දේ වලට මුහුණ දුන්නා.”

 

 

  •  ඒ මොන වගේ දේ වෙනුවෙන්ද?

”මේ තරග අවස්ථාවට දායක වීමට ලැබීමම හරියට සරසවියකට ඇතුළත් වුණා වගේ දෙයක්. බොහෝ දේ ගැන ඉගෙන් ගන්න, අත්දැකීම් ලබන්න, පර්යේෂණ කරන්න, නිරීක්ෂණය කරන්න, ඒ වගේම ප‍්‍රායෝගික වෙන්න අවස්ථා ලැබුණා. ඒක ඇත්තටම මට මගේ ජීවිතයේ ලැබූ ලොකුම අවස්ථාවක්.”

 

 

  •  කෙසේ වෙතත් මේ සියලූ දේ අවසන ඔබට මුදල් ත්‍යාග ඇතුළු තවත් බොහෝ ත්‍යාග හිමි වුණා. එහෙම නේද?

”ඇත්තමට මුදල් ත්‍යාග ලැබුණා තමයි. නමුත් මුදලට ගත නොහැකි වූ අත්දැකීම් සහ දැනුම් සම්භාරයක් ලැබුණා.”

 

 

  •  මොනවද දැන් මේ ලැබුණු මුදලට කරන්නෙ?

තවම ඒ ගැන හිතලා නැහැ. නමුත් මගේ ඉදිරි අධ්‍යාපන කටයුතුවලට ඒ සියල්ල වැය කරාවී.

 

 

  •  මේ තරගයට එද්දි, ඔබට මේ වගේ තැනැක් ලැබේවි කියලා හිතුවද?

ඇත්තටම මේ තරගයට පැමිණි මුල් අවස්ථාවේදීම හරිම පුදුම වැඩක් වුණා. 

 

 SAN_0989 

 

 

 

  •  ඒ මොකක්ද?

මෙවර මේ සිරස කුමරිය තරගවටය මුලින්ම ආරම්භ වුණාම පළවැනි වටයේ පළවැනි තරගකාරිය වුණේ මමයි. ඒ කියන්නෙ තරගය පටන් ගත්තෙ මගේ අවස්ථාවෙන්. එදා මම ලස්සනට හැඩවෙලා හිටියා කියලා ඔක්කෝමලා කිව්වා. එදා ඒ විදියට විනිශ්චය මඩුල්ලේ ප‍්‍රතිචාර ලැබූ මම අන්තිම මොහොත දක්වා පෙනී සිටියා. ඒ කියන්නෙ සිරස කුමරිය කිරුළ ලබමින් තරගය අවසන් වුණෙත් මගෙන්. ඒක ඇත්තටම හරි පුදුම අවස්ථාවක් වුණා.

 

 

  •  දැන් මේ එක්කම මොනවගේ අවස්ථාවද ඔබට ලැබී තිබෙන්නෙ?

දැන්වීම් සහ ප‍්‍රාසාංගික නිර්මාණ නිෂ්පාදන ආයතන බොහොමයකින් වගේම ටෙලි නාට්‍ය අංශයෙන් හොඳ මාවතක් විවර වුණා.

 

 

  •  ඔබ ඒ මාවතේ මොන විදියට යන්නද අදහස් කරන්නෙ?

මට මගේ ගැන හොඳ ආත්ම විශ්වාසයක් තිබෙන්නෙ. ඒ වගේම තව කෙනෙකුගේ අදහස්වලට සවන් දීමට තරම් මම ඉතා නිහතමානියි. අනෙක් අය වටහා ගැනීමටත්, ගරු කිරීමටත් මම සූදානම්. ඒ සියලූ දේ නිසා නිර්මාණාත්මක වූ බොහෝ දේ කරන්න අවකාශය ලැබේවි කියා හිතනවා.

 

SAN_0992

 

 

 

  •  වැඩියෙන්ම ආසා මොන අංශයටද?

රූපවාහිනී නිවේදිකාවක වීම මට එදා ඉඳලා තිබුණු සිහිනයක්. ඒ අතරේ අනෙක් අංශ හදාරන්නත් කැපවෙනවා.

 

 

  •  දැන් මාතර අත්හැර කොළඹට එන්න සූදානම්ද? 

ඇත්තටම දැන් ලැබී තිබෙන අවකාශය එක්ක කොළඹට පැමිණීම වඩා පහසුවක් වේවි.

 

 

  •  ”පොත් කියවීම” ඔබගේ ප‍්‍රියතම විනෝදාංශය නේද?

ඇත්තෙන්ම ඔව්. පොත් කියවීමට මම හරි ආසයි.

 

 

  •  සිරස කුමරිය (2015) වීම නිසා අද ඔබට වැඩි දෙනෙක් ආදරය කරනවා ඇති. ඔබ ඔබගෙ ”ආදරය” ගැන කියන්නෙ කොහොමද?

හැමෝටම අත්‍යාවශ්‍ය හැඟීමක්. මටම වූ ආදරයක් ගැන තවම හිතලා නැහැ. ඊට වඩා මගේ ජීවිතයේ දුර ගමනක් මට පෙනෙනවා. ඒ අනාගතය වෙනුවෙන් දැනට කටයුතු කරන්න කැමතියි.

 

 

  •  ඔබ මොනවගේ කෙනෙක්ද?

සාමාන්‍ය, හරි සරල කෙනෙක්.  ඕනෑම කෙනෙක් එක්ක මිත‍්‍රශීලිව සිටින, පොළෙවෙ පය ගහලා ඉන්න තරුණියක්.

SAN_1045

sadun-gamage

 



අදහස් (0)

තරගය පටන්ගත්තෙත් ඉවර කළෙත් මම

චන්දිම Wednesday, 30 December 2015 07:36 AM

ඇත්තද? බොහොම හොඳයි (නි)

:       0       0

රාජසිංහ Saturday, 26 December 2015 03:03 PM

ලස්සනයි! (නි)

:       0       0

රාමන් Saturday, 26 December 2015 03:00 PM

දුවේ,ප්‍රවේශමෙන්! සමාජය බොහොම දරුණුයි (නි)

:       0       0

සුපුන් Saturday, 26 December 2015 12:37 AM

සැබෑම රුවැත්තියක්. සුබ පැතුම්! (නි)

:       0       0

ජයලත් Saturday, 26 December 2015 12:41 AM

ඇත්තෙන්ම සුන්දරයි (නි)

:       0       0

ශාන සෞදි Sunday, 27 December 2015 04:15 AM

ඇත්තෙන්ම සුන්දරයි දුවේ, ප්‍රවේශමෙන්! සමාජය බොහොම දරුණුයි. (ර)

:       0       0

නජීව Sunday, 27 December 2015 08:47 AM

රූ රැජිනක් තේරීමේදී අත් පා වල පෙනුම ගැන මීට වඩා සැලකිලිමත් වෙන්න ඕනි. (බ)

:       0       0

ධනුෂ්ක Thursday, 07 January 2016 03:41 AM

සිටියොත් හොඳට හැදී දෙවියොත් නමට වඳී (නි)

:       0       0

චරිත් Sunday, 27 December 2015 09:01 AM

නජීව ඇත්තටම අත් පා වලට මොකද වෙලා තියෙන්නේ. හොදට තියෙනවනේ. අනික ඉතින් මේක මිස් වල්ඩ් නෙමේනේ. (ර)

:       0       0

ඉන්දු මෙල්බෙර්න් Saturday, 26 December 2015 05:43 AM

හරිම පියකරුයි. (ස)

:       0       0

ප්‍රසාද්-දංකොටුව Sunday, 27 December 2015 09:22 AM

කකුල් දෙක නම් අවලස්සනයි. මූණ මේකප් නැතිව කොහොමද මන්දා? (ර)

:       0       0

යසිරු Saturday, 26 December 2015 08:24 AM

පෙනුම නම් අවුරුදු 20 ට වැඩියි වගේ. කොහොම වුනත් යන ගමන පරිස්සමින් නොගියොත් ඉතින් කොළඹ කියන්නේ මාතර නෙවෙයි කියලා බොහොම ඉක්මනින් තේරේවි. සුභ අනාගතයක් ! (ස)

:       0       0

චරිත් Saturday, 26 December 2015 08:37 AM

නෙතලි නංගි ගොඩක් සුන්දර සිත් ඇදගන්න පෙනුමක් තියෙනවා. දිගටම මොලේ පාවිච්චි කරලා වැඩ කරන්න. මේ ක්ෂේත්‍රයට අාපු අනික් අය වගේ නිකන් සව්ත්තු වෙන්න එපා. නම තියාගෙන ඉන්න එක ලේසි වැඩකුත් නෙමේ. ගොඩක් උඩ යන්න එපා. ලංකාවේ විදිහට ඉන්න, හිතන්න. (ස)

:       0       0

තුෂි Sunday, 27 December 2015 10:47 AM

මගේ වයස 45 පුංචි අම්මගෙත් අතපය මීට වැඩිය තරුණ පෙනුමයි. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 548 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 275 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1075 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site