IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


තරග අවස්ථා පාවාදීමට එරෙහිව ඉන්දියාව නව නීති ගෙනෙයි?

අයි. පී. එල්. තරගාවලියේදී තරග අවස්ථා පාවාදීම සම්බන්ධයෙන් මහත් වික්ෂිප්ත භාවයට පත්ව සිටින ඉන්දීය රජය ඒ සම්බන්ධයෙන් නව නීති රීති හඳුන්වාදීමට සැරසෙයි.

ඉන්දීය අධිකරණ අමාත්‍ය කපිල් සිබාල් මහතා මේ සම්බන්ධයෙන් ඉන්දීය කී‍්‍රඩා ඇමතිවරයා වන ජිතෙන්ද්‍ර සිං මහතා හමුවී සාකච්ඡ කර තිබේ. අදාළ පනත ඉන්දීය පාර්ලිමේන්තුවේ මීලග සැසිවාරයේදී ඉදිරිපත් කෙරෙනු ඇතැයි ඉන්දීය රජයේ ආරංචිමාර්ග වලින් දැනගන්නට ඇත.

”මේ නීති විරෝධී ඔට්ටු දැමීම් පාලනය කරන්න හැකි සෑම ආකාරයකින්ම අප උත්සාහ කළා”

”ඒ විතරක් නොවේ,  ඕස්ටේ‍්‍රලියාවේ සහ එංගලන්තයේ මේ තත්ත්වය පවතින ආකාරයත් අප හැදෑරුවා. අප මෙතෙක් ලබාගත් තොරතුරු අධිකරණ අමාත්‍යංශය සමග බෙදා ගන්නවා”යයි කී‍්‍රඩා ලේකම් පී. කේ. ඩෙබ් මහතා රොයිටර් පුවත් සේවයට පැවසීය.

ඉන්දියාවේ නීතිය අනුව කී‍්‍රඩා පිටියේ ඔට්ටු දැමිය හැකි වන්නේ තුරග තරග වලදී පමණි. එහෙත් නීති විරෝධී ඔට්ටුකරුවෝ සහ ඔවුන්ගේ නියෝජිතයෝ නීතියේ ඇති හිදැස් වලින් රිංගා යමින් දූෂණ සහ වංචාවලට මග පාදමින් සිටිති. මාධ්‍ය වාර්තා මගින් කියැවෙන්නේ වසර 2009 දී අයි. පී. එල්. තරගාවලිය සඳහා ඔට්ටු දැමූ මුදල් ප‍්‍රමාණය ඩොලර් මිලියන 427 ක් බවයි.

”මේ සම්බන්ධයෙන් අපට වෙනමම නීතියක්  ඕනෑ කරනවා” යයි අධිකරණ අමාත්‍ය කපිල් සිබාල් මහතා පවසයි.
”‘තරග පාවාදීම’ හෝ ‘තරග අවස්ථා පාවාදීම’ වරදක් ලෙසින් ඉන්දීය දණ්ඩ නීති සංග‍්‍රහයට ඇතුළත් වේ යයි මා හිතන්නේ නෑ. එහෙත් තරග පාවාදීම’ හෝ ‘තරග අවස්ථා පාවාදීම’ වංචාවක්” යයිද අධිකරණ ඇමතිවරයා පැවසීය.

වසර 2011 දී එංගලන්තයේදී පැවැති ටෙස්ට් තරගයක තරග අවස්ථා පාවාදීම හේතුවෙන් වරදකරුවන් වූ මොහොමඞ් අසිෆ්, සල්මන් බට් සහ මොහොමඞ් අමීර් සිරගෙට යවනු ලැබිණ. පසුව මෙම කී‍්‍රඩකයන් තිදෙනාටම අන්තර්ජාතික කි‍්‍රකට් සභාව විසින් වසර 5 ක කාලයක් සඳහා කි‍්‍රකට් තහනමක් පනවනු ලැබිණ.



අදහස් (0)

තරග අවස්ථා පාවාදීමට එරෙහිව ඉන්දියාව නව නීති ගෙනෙයි?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 145 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site