මන්නාරම තිරුකීතීස්වරන් පළාතෙන් මීට වසර හතරකට පෙර හමුවුණු සමූහ මිනීවලට ආසන්නයේ පිහිටි පාලු ළිදක් තුළ තවත් මිනිස් ඇටසැකිළි තිබිය හැකි බවට මන්නාරමේ ප්‍රදේශවාසීන් විසින් අධිකරණයේ ගොණු කළ පැමිණිල්ලක් අනුව එම ළිඳේ කැනිම් ආරම්භ කිරීමට මන්නාරම් මහෙස්ත්‍රාත් ඒ.ඇලෙක්ස්රාජා මහතා නියෝග කළේය.
මේ අනුව අධිකරණ නිලධාරීන් සහ පොලීසිය එම ළිඳේ කැණීම් කටයුතු ආරම්භ කළත් ළිඳේ ජලය පිරීමට පටන් ගැනීම හේතුවෙන් ළිදේ පතුල දක්වා කැණීම් කටයුතු කිරීමට නොහැකි වූ බව මන්නාරම අධිකරණයේ ජේයෂ්ඨ නීතිඥ වී.රාජකුලේන්ද්‍රන් පැවසීය.
මෙම තත්ත්වය අධිකරණය වෙත දැණුම්දීමෙන් පසුව අදාල ස්ථානයට පැමිණි මන්නාරම් මහෙස්ත්‍රාත් වරයා එම ස්ථානය පරික්ෂා කොට ළිද අවට වෙනත් තැනක වළක් හාරා ළිදේ ජලය එම වළට යාමට සලස්වා ලබන අප්‍රේල් මස හතර වෙනිදා සිට යළිත් කැණීම් කටයුතු ආරම්භ කරණ මෙන් නියෝග කළේය.
මන්නාරම තිරුකේතීස්වරන් සමූහ මිනීවළෙන් මිනිස් ඇට සැකිළි අනූ හයක් හමු වී ඇති අතර එම ඇටසැකිලි තවමත් අනුරාධපුර ශීක්ෂණ රෝහලේ තැන්පත් කොට ඇත්තේ එම ඇටසැකිළි සම්බන්ධයෙන් ඩී.එන්.ඒ.පරීක්ෂණයක් සිදු කරන තුරුය.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd