IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


තිරුකිතීස්වරන් ළිඳේ වතුර පිරිලා : ඇටසැකිලි සෙවීම නවතී

මන්නාරම තිරුකීතීස්වරන් පළාතෙන් මීට වසර හතරකට පෙර හමුවුණු සමූහ මිනීවලට ආසන්නයේ පිහිටි පාලු ළිදක් තුළ තවත් මිනිස් ඇටසැකිළි තිබිය හැකි බවට මන්නාරමේ ප්‍රදේශවාසීන් විසින් අධිකරණයේ ගොණු කළ පැමිණිල්ලක් අනුව එම ළිඳේ කැනිම් ආරම්භ කිරීමට මන්නාරම් මහෙස්ත්‍රාත් ඒ.ඇලෙක්ස්රාජා මහතා නියෝග කළේය.

මේ අනුව අධිකරණ නිලධාරීන් සහ පොලීසිය එම ළිඳේ කැණීම් කටයුතු ආරම්භ කළත් ළිඳේ ජලය පිරීමට පටන් ගැනීම හේතුවෙන් ළිදේ පතුල දක්වා කැණීම් කටයුතු කිරීමට නොහැකි වූ බව මන්නාරම අධිකරණයේ ජේ‍යෂ්ඨ නීතිඥ වී.රාජකුලේන්ද්‍රන් පැවසීය.

මෙම තත්ත්වය අධිකරණය වෙත දැණුම්දීමෙන් පසුව අදාල ස්ථානයට පැමිණි මන්නාරම් මහෙස්ත්‍රාත් වරයා එම ස්ථානය පරික්ෂා කොට ළිද අවට වෙනත් තැනක වළක් හාරා ළිදේ ජලය එම වළට යාමට සලස්වා ලබන අප්‍රේල්  මස හතර වෙනිදා සිට යළිත් කැණීම් කටයුතු ආරම්භ කරණ මෙන් නියෝග කළේය.

මන්නාරම තිරුකේතීස්වරන් සමූහ මිනීවළෙන් මිනිස් ඇට සැකිළි අනූ හයක් හමු වී ඇති අතර එම ඇටසැකිලි තවමත් අනුරාධපුර ශීක්ෂණ රෝහලේ තැන්පත් කොට ඇත්තේ එම ඇටසැකිළි සම්බන්ධයෙන් ඩී.එන්.ඒ.පරීක්ෂණයක් සිදු කරන තුරුය.

01 (5) (Copy) 02 (4) (Copy) 03 (2) (Copy) 04 (2) (Copy) 06 (1) (Copy) 07 (1) (Copy)



අදහස් (0)

තිරුකිතීස්වරන් ළිඳේ වතුර පිරිලා : ඇටසැකිලි සෙවීම නවතී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 617 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 297 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1099 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site