සිංහල ,පාලි සංස්කෘත භාෂා පිළිබඳ පඬ්වරයකු හා පුරෝගාමී සංඝ පීතෘවරයාණන් වහන්සේ නමක වන තිරිකුණාමලේ ආනන්ද (56) අමරපුර ශ්‍රී ධර්ම රක්ෂිත මහා නිකායේ මහා නා හිමියන ට අභිනව මහා නායක ධුරය පිළිබඳ අක්තපත්‍රය පිළිගැන්වීම ගිහි පැවිදි අති විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් මහරගම සිරි වජිරඥාණ ධර්මායතනයේදී අද (04) සිදු කෙරිණි.
අග්ගමහා පණ්ඩිත දවුල්දෙන ඤාණිස්සර ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක හිමියන් විසින් අක්තපත්‍රය පිළිගන්වනු ලැබු අතර විජිනි පත පිළිගන්වනු ලැබුවේ ආනන්ද මහ නාහිමියන්ගේ මෑණියන් වන වන එන්. එච්. ඩබ්ලිව් ඇලන්සිනා මහත්මිය විසිනි.
අමරපුර ශ්‍රී ධර්ම රක්ෂිත මහා නිකායේ මහා නායක වැලිගම ඥානරතන හිමියන්ගේ අපවත්වීමෙන් හිස් වු පුරප්පාඩුව සඳහා තිරිකුණාමලේ ආනන්ද මහ නාහිමියන්ට මෙම ධුරය හිමි විය.
ජනපති මහින්ද රාජපක්ෂ මහතා ද පක්ෂ විපක්ෂයන්හි මැති ඇමැතිවරු රැසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිල්වත්කම දියුණු කරගැනීමෙන් උගත්කම ලබා ගැනීම පහසුයි. (ස)
චිරං ජයතු හිමියනි.මේ සසරින් එතෙර වන්න ඔබ කරන කුසල් හේතු වාසනා වේවා. (දී)
අපෙන් සුභ පැතුම් හිමියනි! (නි)
ආනන්ද මහානායක හිමියන් කොපමණ උසස් තානාන්තරලැබුවත් ඉතා නිහතමානියි. ඒවායින් හිස උදුම්මවා නොගත් තෙරුන් වහන්සේ කෙනෙක්. උන්වහන්සේට මඩිහේ මහනායක හිමිට සේම රටට , ජාතියට සේවයක් කිරීමට ශක්තිය ධෛර්ය චිර ජීවනය ලැබේවා. (ස)
මම ඇමරිකාවෙ ඉඳල උත්සවයට ආවේ. උන්වහන්සේ ශ්‍රේෂ්ට මහා පඩිරුවනක්. අපේ පවුලේ හිමිනමක්. දෙවෙනි වෙන්නේ මඩිහේ නායක හිමිට පමණි. මේ හිමියන්ගේ මව සහ සහෝදර පිරිස සමග අවුරුදු 32 කට පසු එදා ගත කරන්න ලැබීම සතුටක්. රටට ජාතියට සාසනයට සේවය කිරීමට උන්වහන්සේට සේවය කිරීමට ශක්තිය ලැබේවා. උත්සවයේදී හමුවුණ අපට පහසුකම් ලබාදුන් උන්වහන්සේගේ මල්ලි පොලිස් අධිකාරී කීර්ති ගීගනගෙට සහ ජනාධිපති මාධ්‍ය අංශයට ස්තූතියි. (ස)
මම නිව්යෝක් සිට උත්සවයට ආවා. ත්‍රිකුණාමලේ උපන් මට මෙය ජීවිතයේ වැදගත්ම අවස්ථාවක්. ඇමෙරිකාව ඇතුළු මුළු ලොව පුරාම බුදුදහම ප්‍රචාරය කරන්න ඔබ වහන්සේට ශක්තිය ලැබේවා. (ස)
ඕස්ට්‍රේලියාවේ සිටින අපට ලොකුම සතුටක්. බුදුදහම ප්‍රචාරය කරන්න ශක්තිය වැඩි දියුනුවෙවා. අපෙන් සුබ පැතුම් ! (නදී)
අභිනව මහානායක හිමිපානන්ට චිරං ජයතු. මාගේ මතකයේ හැටියට පූජ්‍ය ගංගොඩවිල සෝම ස්වාමීන් වහන්සේ අභිනව මහානායක හිමිපානන්ගේ පැවිදි සහෝදර හිමියන්. උන් වහන්සේද ජීවතුන් අතර සිටියානම් අද මෙවන් උසස් තත්වයකට පත්වීමට අවකාශ තිබුණා.(නදී)
අපෙන් සුභ පැතුම්. තව තවත් හුදී ජනයා අන්ධාකාරයෙන් ආලෝකය වෙත රැගෙන යාමටත් බුදු දහම ප්‍රචාරය කිරීමට ශක්තිය ලැබේවා. දීඝායු වේවා අපේ හාමුදුරුවනේ. (නදී)
බුද්ධ සාසනය තව චිරාත් කාලයක් රැක ගැනීමට ඔබ වහන්සේන්ට ශක්තිය දහිරිය ලැබෙිවා. (ස)
අනේ හොඳයි, මහනායක ස්වාමීන් වහන්සේ නමක් (දී)
අපේ උපහාරය ! බොහෝ කලක් සසුන් වැඩ පිණිස නීරොගී බවද චිරජීවනය ද පතමු. ජිනීවා බෞද්ධ විහාරය (දී)