IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


තිරිකුණාමලේ ආනන්ද මා හිමියෝ මහා නායක පදවිය ලබති

සිංහල ,පාලි සංස්කෘත භාෂා පිළිබඳ පඬ්වරයකු  හා පුරෝගාමී සංඝ පීතෘවරයාණන් වහන්සේ  නමක වන තිරිකුණාමලේ ආනන්ද (56) අමරපුර  ශ්‍රී ධර්ම රක්ෂිත මහා නිකායේ  මහා නා හිමියන ට අභිනව මහා නායක ධුරය පිළිබඳ අක්තපත්‍රය පිළිගැන්වීම ගිහි පැවිදි අති විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් මහරගම සිරි වජිරඥාණ ධර්මායතනයේදී  අද (04) සිදු කෙරිණි.

අග්ගමහා පණ්ඩිත දවුල්දෙන ඤාණිස්සර ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක හිමියන් විසින් අක්තපත්‍රය පිළිගන්වනු ලැබු අතර විජිනි පත පිළිගන්වනු ලැබුවේ ආනන්ද මහ නාහිමියන්ගේ මෑණියන් වන වන එන්. එච්. ඩබ්ලිව් ඇලන්සිනා මහත්මිය විසිනි.

අමරපුර  ශ්‍රී ධර්ම රක්ෂිත මහා නිකායේ  මහා නායක වැලිගම ඥානරතන හිමියන්ගේ අපවත්වීමෙන් හිස් වු පුරප්පාඩුව සඳහා  තිරිකුණාමලේ ආනන්ද මහ නාහිමියන්ට මෙම ධුරය හිමි විය.

ජනපති මහින්ද රාජපක්ෂ මහතා ද පක්ෂ විපක්ෂයන්හි  මැති ඇමැතිවරු රැසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

 

 



අදහස් (0)

තිරිකුණාමලේ ආනන්ද මා හිමියෝ මහා නායක පදවිය ලබති

සෝබන Monday, 05 May 2014 12:40 PM

සිල්වත්කම දියුණු කරගැනීමෙන් උගත්කම ලබා ගැනීම පහසුයි. (ස)

:       0       0

කසුනි Monday, 05 May 2014 12:44 PM

චිරං ජයතු හිමියනි.මේ සසරින් එතෙර වන්න ඔබ කරන කුසල් හේතු වාසනා වේවා. (දී)

:       0       0

අනිල් Monday, 05 May 2014 03:36 AM

අපෙන් සුභ පැතුම් හිමියනි! (නි)

:       0       0

රවී ගමගේ Monday, 05 May 2014 12:55 PM

ආනන්ද මහානායක හිමියන් කොපමණ උසස් තානාන්තරලැබුවත් ඉතා නිහතමානියි. ඒවායින් හිස උදුම්මවා නොගත් තෙරුන් වහන්සේ කෙනෙක්. උන්වහන්සේට මඩිහේ මහනායක හිමිට සේම රටට , ජාතියට සේවයක් කිරීමට ශක්තිය ධෛර්ය චිර ජීවනය ලැබේවා. (ස)

:       0       0

හීන්පැල්ල Monday, 05 May 2014 08:36 AM

මම ඇමරිකාවෙ ඉඳල උත්සවයට ආවේ‍. උන්වහන්සේ ‍‍ශ්‍රේෂ්ට මහා පඩිරුවනක්. අපේ පවුලේ හිමිනමක්. දෙවෙනි වෙන්නේ මඩිහේ නායක හිමිට පමණි. මේ හිමියන්ගේ මව සහ සහෝදර පිරිස සමග අවුරුදු 32 කට පසු එදා ගත කරන්න ලැබීම සතුටක්‍. රටට ජාතියට සාසනයට සේවය කිරීමට උන්වහන්සේට සේවය කිරීමට ශක්තිය ලැබේවා. උත්සවයේදී හමුවුණ අපට පහසුකම් ලබාදුන් උන්වහන්සේගේ මල්ලි පොලිස් අධිකාරී කීර්ති ගීගනගෙට සහ ජනාධිපති මාධ්‍ය අංශයට ස්තූතියි. (ස)

:       0       0

හේමා - නිව්යෝක් Monday, 05 May 2014 09:42 AM

මම නිව්යෝක් සිට උත්සවයට ආවා. ත්‍රිකුණාමලේ උපන් මට මෙය ජීවිතයේ වැදගත්ම අවස්ථාවක්. ඇමෙරිකාව ඇතුළු මුළු ලොව පුරාම බුදුදහම ප්‍රචාරය කරන්න ඔබ වහන්සේට ශක්තිය ලැබේවා. (ස)

:       0       0

බෙර්විච්ක් ඕම්ට්‍රේලියාව Tuesday, 06 May 2014 04:45 AM

ඕස්ට්‍රේලියාවේ සිටින අපට ලොකුම සතුටක්. බුදුදහම ප්‍රචාරය කරන්න ශක්තිය වැඩි දියුනුවෙවා. අපෙන් සුබ පැතුම් ! (නදී)

:       0       0

ආචාර්ය වසන්ත ලියනගේ Monday, 05 May 2014 11:31 AM

අභිනව මහානායක හිමිපානන්ට චිරං ජයතු. මාගේ මතකයේ හැටියට පූජ්‍ය ගංගොඩවිල සෝම ස්වාමීන් වහන්සේ අභිනව මහානායක හිමිපානන්ගේ පැවිදි සහෝදර හිමියන්. උන් වහන්සේද ජීවතුන් අතර සිටියානම් අද මෙවන් උසස් තත්වයකට පත්වීමට අවකාශ තිබුණා.(නදී)

:       0       0

ජයවර්ධන Monday, 05 May 2014 11:43 AM

අපෙන් සුභ පැතුම්. තව තවත් හුදී ජනයා අන්ධාකාරයෙන් ආලෝකය වෙත රැගෙන යාමටත් බුදු දහම ප්‍රචාරය කිරීමට ශක්තිය ලැබේවා. දීඝායු වේවා අපේ හාමුදුරුවනේ. (නදී)

:       0       0

ප්‍රියන්ත Sunday, 04 May 2014 10:35 PM

බුද්ධ සාසනය තව චිරාත් කාලයක් රැක ගැනීමට ඔබ වහන්සේන්ට ශක්තිය දහිරිය ලැබෙිවා. (ස)

:       0       0

පිටිගල Monday, 05 May 2014 12:12 AM

අනේ හොඳයි, මහනායක ස්වාමීන් වහන්සේ නමක් (දී)

:       0       0

තවලම ධම්මික හිමි -ජිනීවා ස්විස්ලලන්ඩ් Monday, 05 May 2014 12:18 AM

අපේ උපහාරය ! බොහෝ කලක් සසුන් වැඩ පිණිස නීරොගී බවද චිරජීවනය ද පතමු. ජිනීවා බෞද්ධ විහාරය (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 675 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site