අපොස සාමාන්‍ය පෙළ ඉහළම ප්‍රතිඵල ගත් සිසුන්ට උසස් පෙළ හැදැරීමට ජාතික පාසලකින් තවත් ජාතික පාසලකට මාරුවීමේ අවස්ථාව අහිමි කර ඇතැයිද, එමගින් තම අයිතිවාසිකම් කඩවී ඇතැයි ද කියමින් උසස් ලෙස සාමාන්‍ය පෙළ විභාගය සමත් සිසුහු 12 දෙනෙක් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට අද (02) පැමිණිලි කළහ.
ලංකා ගුරු සංගමය ද එහි ගොස් සිසුන්ගේ පැමිණිලි බාරදීමට එක් විය.
ඇතැම් සිසුන් ශිෂ්‍යත්ව විභාගයෙන් ජනප්‍රිය පාසලකට ඇතුළු වන බව ද, එම අවස්ථාව අහිමි වූ සිසුන් සාමාන්‍ය පෙළ විභාගයෙන් ජනප්‍රිය පාසලකට යෑමට අපේක්ෂාවෙන් සිටින බව ද, 2008/17 චක්‍රලේඛයෙන් ලබා දී ඇති අයිතිවාසිකම ජාතික පාසල් වල සිසුනට අහිමි කර ඇතැයි ද ඔවුන්ගේ පැමිණිලි කරමින් පැවසූහ.
අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් ඒ9 ක් හා ඒ 8ක් ගත් සිසුහු 12 දෙනෙක් එලෙස මානව කොමිසමට ගොස් සිටියහ.
තමන් නියමිත දිනට නියමිත ආකාරයට ඉල්ලුම්පත් සම්පූර්ණ කර දැනට අධ්‍යාපනය ලබන විදුහල්වල විදුහල්පතිවරුන්ගේ අනුමැතිය ඇතිව ජනප්‍රිය පාසල්වලට අයදුම් පත් යොමු කළ බවද, එම පාසල්වල සම්මූඛ පරීක්ෂණ පවත්වා අවසන් කර ඇති නමුත් තමනට එම සමූඛ පරීක්ෂණ සඳහා කැඳවීමක් හෝ අයදුම්පත් ප්‍රතික්ෂේප කිරීමක් ගැන නොදැන්වූ බවද, උසස් ප්‍රතිඵලයක් ගෙන ජනප්‍රිය පාසලකට යෑමේ අපේක්ෂාවෙන් තමන් බලා සිටියත් ප්‍රතිචාරයක් නොලද තැන ඒ ගැන විමසූ බව ද, ජාතික පාසලකින් ජාතික පාසලකට මාරු විය නොහැකි බවට එම පාසල්වලින් ප්‍රතිචාර ලැබුණු බව ද සිසුහු සහ දෙමාපියෝ පැවසූහ.
එම සිසුන් සමග කොමිසමට ආ ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා මෙසේ පැවසීය.
‘පහේ ශිෂ්‍යත්ව විභාගයෙන් ජනප්‍රිය පාසල් වලට යෑමට බොහෝ දෙනෙක් උත්සාහ කරනාවා. එලෙස අවස්ථාව නොලැබුණු තැන ඔවුන්ගේ ඊළග ඉලක්කය තමයි අපොස සාමාන්‍ය පෙළ විභාගය සමත් වෙලා ජනප්‍රිය පාසලකට යෑම. ඒ නමයක්, ඒ අටක් වගේ විශිෂ්ඨ ප්‍රතිඵල අරගෙන තමන්ගේ දක්ෂතා මත එවැනි පාසලකට යෑමට ඇති අවස්ථාව අහිමි කරනවා කියන්නේ බරපතල වරදක්. අධ්‍යාපන අමාත්‍යංශය ගිය වසරේ මේ නීතිය ගෙනාවත් මතුවූ බලවත් විරෝධය මත එය නිසි ආකාරව ක්‍රියාත්මක කරන්න බැරිවුණා. දැන් මේ වසරේ එය ක්‍රියාත්මක කරන්න හදනවා.
ජාතික පාසල් හැම එකකම එකම වගේ පහසුකම් නෑ. ඒ නිසා එවැනි පාසලකට යෑමේ අවස්ථාව අහිමි කිරීමට විරුද්ධව තමයි අපි අද පැමිණිලි කළේ. තවත් බොහෝ දෙනෙක් පැමිණිලි කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.‘
දෙමාපියන් කිහිප දෙනෙක්ම පැවසුවේ ජනප්‍රිය පාසල්වලට යෑමේ අවස්ථාව අහිමි කිරීම නිසා දම දරුවන් මානසිකව ඇද වැටී ඇති බවයි. තමන් ඉගෙනුම ලබන ජාතික පාසල් සහ අයදුම් කළ ජාතික පාසල් පහසුකම් සහ ක්‍රීඩා ආදී වෙනත් දේ මගින් විශාල වෙනසක් පවතින බව ද, එබැවින් තම දරුවනට ජනප්‍රිය පාසල්වලට යෑමේ අවස්ථාව ලබා දෙන ලෙස ඉල්ලා සිටින බව ද දෙමාපියෝ පැවසූහ.
ලංකා ගුරු සංගමයේ භාණ්ඩාගාරික නිෂාන්ත දේශප්‍රිය මහතා ද එම අවස්ථාවට සහභාගී විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම යන්න දෙන්නේ නැති එක හරි අසාධාරණයි. සම්මුඛ පරීක්ෂණයකට ගියාම ජනප්‍රිය පාසලට ගිය කෙනාට අවස්ථා වැඩියි. තමන්ගේ දක්ෂතා මත උසස් ප්‍රතිඵලයක් ගෙන එවැන ජනප්‍රිය පාසලකට යෑමට ඇති අවස්ථාව අහිමි කරනවා කියන්නේ බරපතල වරදක්.(නදී)
ඔච්චර හොඳ ප්‍රතිපල අරගන්න සහය වුණ පාසල දාලා යන්න, ඇයි මෙච්චර වෙහෙසෙන්නේ? නමුත් සාධාරන හේතු මත නම් ඒ අයිතිවාසිකම ලබා දිය යුතුයි . (නි)
මම ගිය ඉස්කොලේ අදටත් එක වැසිකිලියයි තියෙන්නේ. ගොඩනැගිලි දෙකයි ළමයි 800යි ගුරුවරු 10ට ඇවිත් 1.20ට යනවා ඒ වෙලාවට බස් එකක් තියෙන නිසා. දැන් හැබැයි ප්‍රවාහන අපහසුතා නැහැ. ඒත් අධික්ෂණය කරන්න කෙනෙක් නැහැ. දෙමාපියන්ටත් කරන්න දෙයක් නැහැ ඒ අය දුප්පත් ගැමියො. යන්තම් පුලුවන් අය පිට පලතාවල නගරෙ ඉස්කෝල වලට යනවා. මොකද කරන්නේ අපේ දරුවන්ගේ කරුමෙ? (නි)
මේ ළමයි හැමදෙනාම යමක් කරන්න පුලුවන් අය. මිලමුදල් තියෙන අය. හොද පාසල් වල ඉන්න අය (නි)
කොහෙද ඔය මානව හිමිකම් කොමිසම තියෙන්නේ? අපිටත් තියෙනවා නඩුවක් දාන්න. (නි)
මෙහෙම යන්න දෙන්නේ නැති එක හරි අසාධාරණයි. කවුරු මොනවා කිව්වත් අන්තිමට සම්මුඛ පරීක්ෂණයකට ගියාම ජනප්‍රිය පාසලට ගිය කෙනාට අවස්ථා වැඩියි (නි)