ත්‍රී රෝද රථ සේවය විධිමත් කිරීම අරමුණු කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය වහාම ක්‍රියාත්මක කරන්නැයි නියෝගකරමින් රීට් ආඥාවක් නිකුත්කරන්නැයි ඉල්ලා සමස්ථ ලංකා ත්‍රී රෝද රථ රියදුරන්ගේ සංගමය අද අභියාචානාධිකරණයට රීට් පෙත්සමක් ගොනු කළේය. ප්‍රවාහන අමාත්‍යවරයා ඇතුළු පිරිසක් මෙහි වගඋත්තර කරුවන් කැර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් මෙයාලා ඒක විධිමත් කරන්න එපා කියලද කියන්නේ? (නි)
ඕවා ටික සේරම පරණ යකඩවලට විකුනලා රටේ පාරවල් ටික පිරිසිදු කරන්න. මහජනයාගේ ජීවිත ටික බේරාගන්න ඕනේ නම්. රටේ ජනතාවගේ ජීවිත වලට වගකිවයුතු වැදගත් රජයක් හැටියට. (නදී)
ත්‍රී රෝද රථ සහ බට්ටෝ ඉන්දියාව නිර්මාණය කර අපට දුන් ට්‍රෝජන් අශ්වයෙක් කියලා හිතෙන්නේ නැද්ද? මාර්ග අනතුරු විතරක් නොව මාර්ගවල වේගයද අඩු කරවන්න මෙය හේතුවෙලා. කොහොම වෙතත් නිවැරදි කළමනාකාරණයක් ඕනෑ. (නි)
ඔය ත්‍රීරෝද අය වාහනයේ සවිකරලා තිබෙන මීටර් ගොඩක් ඒවා හොර ඒවා (නි)
දුප්පතාගේ වාහනේ කියල ත්‍රී රෝද වලට ඉඩදීලා හරියන්නේ නෑ. ලෝකේ වෙනස් වෙනකොට අපිටත් වෙනස් වෙන්න සිද්ද වෙනවා. මුලින්ම කොළඹ නගරයෙන් ඉන්පස්සේ මුළු රටෙන්ම මේවා ඉවත් කළ යුතුයි. නිමාෂා ගේ කතාවත් හරියට හරි. පොදු ප්‍රවාහනය නිසි ක්‍රමවේදයකට දියුණු කළා නම් මේ ප්‍රශ්න ඉවරයි. ත්‍රී රෝද ඉබේම විසිවෙලා යාවි. (බ)
ත්‍රීවීල් නිසා දුරාචාරත් වැඩි වෙලා. (ස)