කොළඹ සුගතදාස ක්‍රීඩාංගණය අසලදී බසයකට හා කන්ටේනරයකට හිරවූ ත්‍රී රෝද රියදුරා බේරා ගැනීමට කොළඹ ගිනි නිවන හමුදාව පෑස්සුම් යන්ත්‍රද යොදා ගත්තේය.
රියදුරාගේ හා රියේ පසුපස සිටි පුද්ගලයාගේ ජීවිත බේරාගත් නමුත් පාදවලට බරපතල හානි සිදුවී ඇතැයි පොලිසිය කියයි.
කොළඹ සුගතදාස ක්‍රීඩාංගණය අසලදී බසයකට හා කන්ටේනරයකට හිරවූ ත්‍රී රෝද රියදුරා බේරා ගැනීමට කොළඹ ගිනි නිවන හමුදාව පෑස්සුම් යන්ත්‍රද යොදා ගත්තේය.
රියදුරාගේ හා රියේ පසුපස සිටි පුද්ගලයාගේ ජීවිත බේරාගත් නමුත් පාදවලට බරපතල හානි සිදුවී ඇතැයි පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අනාරක්ෂිත වාහන තහනම් කළ යුතුය (බ)
අපේ අය ඉන්දියන් වාහන ගත්තහම යන්නේ ඉගිලිලා. ත්‍රීරෝද සහ යතුරුපැදි රිංගන්නමයි හදන්නේ. ඔයින් ගිය මදැයි (නි)
මේ අනාරක්ෂිත වාහන යුතුයි.ලංකාවේ වැඩිම ගානක් මැරෙන්නේ ත්‍රීවිලර් සහ මෝටර් බයික් නිසා.(රේ)
මොන වාහනයේ ගියත් කල්පනාවෙන් යන්න ඕනෑ (නි)
ඇති ඔහොම බේරුණා (ම)
ත්‍රීරෝද රියදුරන් හිතන්නේ ඉස්සරහ රෝදේ කොහොමහරි දාගත්තම, පිටිපස්සේ රෝද දෙකත් එම ඉඩෙන් දාගන්න පුළුවන් කියලා. (නි)
චන්න, සියාද්, ඔබ දෙදෙනා නිවැරදිය. යතුරුපැදියකටවත් යන්න බැරි තැන් වලින් රිංගන එකේ ප්‍රතිඵල .... (නි)
ත්‍රී රෝද රියදුරන් සඳහා දැඩි නීති මාලාවක් පැනවිය යුතුයි (නි)
මිනිසුන් ත්‍රී රෝද රථ වල යාම වර්ජනය කළයුතු බව හැඟේ. (නි)
ඉක්මනට පියවරක් ගන්න කාලය හරි (බ)
වාහන රියදුරන්ට විතරක් බැනල වැඩක් නැහැ. යල් පැනගිය නීති වෙනස් කරලා වෙනත් දියුණු රටකින් හරි කොපි කරලා අංග සම්පුර්ණ මාර්ග නීති පද්ධතියක් රටට හඳුන්වා දෙන්න අවශ්‍යයි. අනික වෙනත් දියුණු රටවල තිබෙන මාර්ග සංඥා පද්ධතියක් සහ මාර්ග සලකුණු ක්‍රමයක් හඳුන්වා දෙන්න අවශ්‍යයි. තුන්වැන්න ගල් අඟුරු වාහන දුවන කලේ පවත්වපු රියදුරු පරීක්ෂණ ක්‍රමය ඉවත් කරලා මන රියදුරු පුහුණු ප්‍රමිතියක් සහ පරීක්ෂණ ක්‍රමයක් ඇති කළ යුතුයි. (ම)
පාරේ යනවිට අපි දකින, වැරදි කරන රියදුරෝ ට්‍රැෆික් රාළහාමිලාට පෙනෙන්නේ නැහැ. සාමාන්‍ය යතුරුපැදි සමඟ සිවිල් ට්‍රැෆික් පොලිස් නිලධාරීන් යොදවන්න. එතකොට රියදුරන් වැරදි කරන්න බයවෙයි. (නි)
අය්යෝ පව් අලි දෙන්නෙකු මැදට හිර වුණ කුම්බියා. ත්‍රීවීල් අයට තේරෙන්නෙම නැහැනේ. හදිසිය නිසා අපරාදේ ජිවිත (අ)
ඇත්තටම මේ ත්‍රී රෝද ටික තහනම් කරලා සියල්ලම නැවත ආපසු ඉන්දියාවට පරණ යකඩ වලට හරි දීලා, රටේ ඉන්න මිනිසුන්ගේ ජීවිත ටික බේරාගන්න මෙහෙයුමක් කරන්නයි තියෙන්නේ (නි)
රූපවති නෝනේ, ඒත් ඉතින් ඊයේ පෙරේදා වාහන උඩ ගිය හැටියට හිතනවද හදිසියකටවත් ටැක්සියක යන්න පුළුවන් වේවි කියලා? රෝද තුනත් එකකින් උස්සලා තියෙන්නේ. අනේ ඉතින් අර පහුගිය දවස්වල නොතෙමී යන්න වාහනයක් ගන්න පුළුවන් කියලා කෑගහපු ජෝඩු තව කීයක් ත්‍රී රෝද පිහිටවත් පතනවා ඇද්ද? (නි)
ඔය අස්සෙන් රිංගන එකේ ප්‍රතිපල තමයි. (ර)
ත්‍රී රෝද රියදුරෝ තමා බොහොමයක්ම මාර්ග නීති කඩ කිරීම් වලට වගකියන්න ඕනේ. පෙනෙනවා නේද අවසාන ප්‍රතිපල. අපරාදේ ජීවිතයක්. (බ)
අස්සෙන්මනේ රිංගන්න යන්නේ (බ)
රූපවතී නගේ ටිකක් හිතන්න. ත්‍රීවීල් රැකියාව නැතිවුනොත් මේ රටේ රැකියා නොමැති ගොඩට තවත් දහස් ගණනක් එකතුවෙනවා. හදිසියකටවත් දුගියාට තමන්ගේ ගමන් පහසුව අඩු වියදමකින් සම්පූර්ණ කර ගන්න බැරි වෙනවා.බොහෝවිට මැද පෙරදිග රටකට තම ශ්‍රමය තුට්ටු දෙකට විකුණලා ඉතිරි කරගන්න සොච්ච්ජමෙන් ත්‍රී වීලරයක් මිලට ගෙන ස්වයන් රැකියාවකින් තම දරුපවුල රකිමින් ඔවුන් හා එකට දුක සැප බෙදා ගන්නා මහතුන් ගැන සිතන්න. ඔවුන් රටටත් සමාජයටත් බරක් නොවී තම දරු පවුල රැක ගැනීම කෙතරම් ප්‍රසන්සනීයද.හැමදෙනාම එකම මිම්මෙන් මනින්න එපා. (අ)