පිළියන්දල බෝකුන්දර දී ත්‍රී රෝද රියක් කන්ටේනරයක හැපී ගාල්ලේ වංචාවල කාන්තාවක් මියගොස් පස් දෙනකු තුවාල ලබා රෝහල්ගත කළ බව පොලීසිය කියයි. නෑයකුගේ දියණියකගේ මල්වර මගුලට ඇවිත් ආපසු ගාල්ලට යමින් සිටියදී මෙම අනතුර සිදුවිය. තුවාල ලැබූ පිරිස අතර අවුරුද්දක දරුවකු ද සිටියි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම හැමදාම කියනවා වගේ මේ වෙලාවෙත් කියන්නේ ත්‍රී රෝද රථ ප්‍රධාන පාර වලින් අයින් කල යුතු කියලයි. එහෙම කලොත් ජීවිත ගොඩක් බේරා ගන්න පුළුවන්.(ස)
අයියෝ සංසාරේ..(ස)
ඉස්සර මෙ වගෙ වැඩක් වුණා නම් රියදුරුගෙ පිටේ නෙවෙයි වැරැද්ද, අර අහින්සක ගෑනු ලමයගෙ මල්වර නැකත කියලයි කියන්නේ. ඇති යන්තන් අපේ සංහල කට්ටිය දැන් ටිකක් බුද්ධිමත්! (නි)
මමත් ගාල්ලේ වංචාවල. දැන්නම් ඉන්නේ ඩුබායි. පුංචි වාහනෙකට ඔරොත්තු නොදෙන පිරිසක් ඉන්නකොට හදිසියකදී පාලනය කරගන්න බැරි වෙනවා. මේකට නීතියක් ගෙන්න ඕනෑ. අපිත් ලාබෙට ඔක්කොම එකට යනවා. අනතුරක් වුණොත් ඔක්කොම ජීවිත නැති වෙනවා. මියගිය කෙනාට නිවන් සැප ලැබේවා! තුවාල වුණ අයට ඉක්මන් සුවය ලැබේවා! (නි)
ත්‍රී රෝද රථය ලංකාව ඇතුළත සම්පූර්ණයෙන්ම තහනම් කළ යුතුයි (නි)
අලියාට අලියාගේ තරම දන්නේ නැතිලු. ඒ වගේ තමා ත්‍රි රෝද රථ රියදුරොත්. (නි)
දයා අළහකෝන් සමග 100% එකගයි (නි)
සෙනසුරු අපලයක් වෙන්න ඇති. නැත්නම් එලියට බැහැලා තියෙන්නේ රාහු කාලයේදී වෙන්න ඇති...(ස)
මන් දන්න තරමින් 3 රෝද රථයක යන්න පුලුවන් රියදුරුයි තව තුන් දෙමෙකුට විතරයි. මෙතන 6 දෙනෙක් ගිහින් තියනවා. ඒ එක්කම ගොඩක් අනතුරු වෙන්නෙ එක්කො මගුල් ගේක ගිහින් එනකොට එහෙම නැත්නම් අවමගුල් ගේක ගිහින් එනකොට එහෙමත් නැත්නම් මේ වගෙ මල්වර මගුලකට ගිහින් එනකොට. ඒ කියන්නෙ ගොඩක් වෙලාවට රියදුරු බීල තමයි වාහනෙ අතට ගන්නේ. (ස)
අපල නැති කලෙක, හොඳ නැකතකින් පිටත්වී නොසැලකිලිමත් ලෙස ගියොත් මොක ද වෙන්නේ ?(ස)
චප්ප වෙන්නෙ නැද්ද අප්පා ඔය වගේ අලියෙකුගෙ වැදිච්චහම. ලගින් ගියත් ඇති.(ස)
නොසලකිමත් හෝ බීමත්කම ඔය වගේ අනතුරුවලට හේතුවේ.(ස)
මියගිය යට නිවන්සුව පතමු!!(ස)
ත්‍රී රෝද රථ ලංකාවේ මහපාරට කරදරයක්ම පමණි. සම්පුර්ණයෙන්ම තහනම් කළ යුතුය (නි)