(දර්ශන ගුණරත්න ත‍්‍රිකුණාමලයේ සිට ) - ත‍්‍රිකුණාමලය ප‍්‍රදේශයේ දැඩි නියගය හේතුවෙන් ගෝමරන්කඩවල ප‍්‍රදේශයේ ජනතාවගේ ගොවිබිම් වලට ජලය නොමැතිව මැරී යන්නට පටන්ගෙන ඇත.
මෙයට විසඳුමක් ලෙස ගෝමරන්කඩවල ඇතාබැදීවැව ජනතාව එම ගම්මානයට දුරින් ගලායන යාන් ඔය හරස්කර අමුණක් බැද ඇළ මාර්ගයක් හරහා තම ගොවිබිම්වෙත ජලය ලබාගැනීමට කටයුතු කරති
මෙහිදී ගම්වාසීන්ගේ ආරාධනාවකට අනුව එම ස්ථානයට පැමිණි නැගෙනහිර පළාත් සභාවේ සභාපතිනිය අමුණ සදහා වැලි පිරවීමට බෑග් 1000ක්ද ඇළමාර්ග පිළිසකර කිරීම සඳහා බැකෝ යන්ත‍්‍රයක් ලබාදීමටද එකඟ විය. මේ ප්‍රශ්නය රජයටද දන්වන බවද ඇය කීවාය.
ගම්මානයේ සිට දුරින් පිහිටි මෙම ස්ථානයට සභාපතිනිය ට්‍රැක්ටර් රියකින් ගමන් කළාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අපේ අනිත් පළාත් සභා වලත් මේ විදියට හිතන්න පුරුදු කළොත්....! නුඹලා රටේ වාසනාවට උපන් දරුවන්!(දිල්)
මේක මුළු රටේම කලා නම් අද ගොවියෝ රජවරු.(දී)
ආරි ආන්ටිගේ හොද දෙයක්.... (දී)
මේක මිට කලින් කරන්න තිබුණේ ඒහෙනම් මේ කන්නේත් ගොවිතැන් කර ගන්න තිබුණා. නැගෙනහිර පළාතට තියෙන මේ සම්පත ඇයි රජය දකින්නේ නැතේ ගෝමරන් කඩවල මහදිවුල් වැව මොරවැව යන වැව සහ තවත් වැව ගොඩකට වතුර ගන්න පුළුවන් අපේ රජතුමාට හරියට මේක ලියල ඇදල පෙන්නන්න කෙනෙක් හිටියානම් නැගෙනහිර මිනිසුන්ගේ පින තමයි (අ)