IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


තෙරි පැහැ සිරිධම්ම හිමියෝ මාරාන්තික උපවාසය අරඹති

වැලිවේරිය නැදුන්ගමුව අවට  ළිං  ජලයට රසායනික ද්‍රව්‍ය එකතු වීම මත එම වතුරෙහි   ඇසිඩ් සාන්ද්‍රනය  වැඩිවීමට හේතුන් සහ එයට විසදුමක් ලබා දීමට  දේශපාලන නියෝජිතයින් සහ අදාල වගකිවයුතු නිලධාරීන් මෙතෙක්  අපොහොසත් වීම නිසා හල්ඔළුව ශ්‍රී  සම්බුද්ධ ජයන්ති විහාරාධිපති තෙරි පැහැ සිරිධම්ම හිමියෝ   මින් මද වෙලාවකට පෙර මාරාන්තික උපවාසයක් අරඹූහ.

මේ සදහා   පිළිගත හැකි විසදුමක් ලැබෙන තෙක් උපවාසය සහ උද්ඝෝෂනය අත් නොහරින බව ගම්වාසීහු කියති.

 

 

 

 



අදහස් (0)

තෙරි පැහැ සිරිධම්ම හිමියෝ මාරාන්තික උපවාසය අරඹති

කුමාර Tuesday, 30 July 2013 08:06 AM

හැමදේටම හාමුදුරුවරු? භික්ෂුවගේ භූමිකාව හදුනාගෙන භික්ෂුව අවවාද අනුශාසන දීම විතරක් ඇති. (නි)

:       0       0

සෙන්සා Tuesday, 30 July 2013 08:19 AM

මේ අහිංසක මිනිසුන් තම දරුවන් මිය යනවා කියලා හඩගා කෑගසා කීවෙ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබදව මහ ඉහලින් කථා කරන රටක පොදු මාධ්‍ය වලින්.ප්‍රදර්ශනය විතරක් මදි මානව හිතවාදය හද පත්ලෙන්ම එන්න ඕනෑ. (නි)

:       0       0

අසේල ඕමානය Tuesday, 30 July 2013 08:48 AM

හාමුදුරුවනේ ඔය ලින් වතුර හොඳයි ළඟ තියන් ඉන්න මෙගා සිසිල් බිම බෝතලයට වැඩිය.(ස)

:       0       0

රාහුල Tuesday, 30 July 2013 08:52 AM

දේශපාලකයින්ටත් මේ රසායනික වතුර පෙවිය යුතුයි. (නි)

:       0       0

පාලිත Tuesday, 30 July 2013 09:16 AM

ගෞරවණීය ස්වාමින්වහන්ස, අපේ සංඟයාවහන්සේලා නායක ස්වාමින්වහන්සේලා දහස් ගණනක් වැඩ වසන පළාතක ඔබ වහන්සේට විතරයි මේ මහජනතාව විදින දුක වැටහිලා තියෙන්නේ. අනේ ඒ අය තවම අඩ නින්දේ. ඔබ වහන්සේට ශක්තිය ධෛර්ය ලැබේවා ! සියලු දෙනා ආගම් පක්ස බේදයකින් තොරව මේ ප්‍රශ්නය විසදීමට එකමුතු විය යුතුයි. (ස)

:       0       0

සුනෙත් Tuesday, 30 July 2013 09:37 AM

අපේ හාමුදුරුවෝ තමයි කවදත් අපේ පිහිටට එන්නේ..මේක මුළු රටටම ආදර්ශයක්. (නි)

:       0       0

පද්මිණි Tuesday, 30 July 2013 02:47 PM

ඔය පිටුපස සිටින අයත් කොන්ද පන අතිව හාමුදුරුවන් සමග එකතු වන්න බලන් හිටියට ප්‍රශ්න විසදෙන්නෙ නෑ සාමූහික එකමුතුව ගමේ ප්‍රශ්ණය විසදාවි. (දී)

:       0       0

සේනාදීර Tuesday, 30 July 2013 10:01 AM

ජනාධිපතිතුමනි, කරුණාකර මෙයට මැදිහත් වන්න..මේක පොඩි ප්‍රශ්නයක් නොවේ. (නි)

:       0       0

මංජු Monday, 29 July 2013 11:29 PM

ඒ කියන්නේ දවල් 2.00 තියනවා කියපු රැස්වීමට මොකද වුනේ ?ඒ එනවා කියපු අය ආවද ?ආවා නම් සාධාරනයක් ඉටු වුනේ නැද්ද?එහෙම ඉටු වුනේ නැත්තම් නායක හාමුදුරුවොත් එක්ක එකට උපවාසේ කරනවා කිවුවා නේද? (නි)

:       0       0

පහන් මඩුගල්ල Monday, 29 July 2013 11:43 PM

වැලිවේරිය කියන්නේ කතෝලික බැතිමතුන් වැඩිපුර ඉන්න පළාතක් ,පියතුමන්ලත් උපවාසයට එකතු වුනා නම් නේද හොද ? හැම එකටම හාමුදුරුවෝ හාමුදුරුවෝ... (නි)

:       0       0

නිමල් Tuesday, 30 July 2013 10:19 AM

එදා සිංහලයන් වෙනුවෙන් හඬ නැගු බෙන්ගමුවේ නාලක හිමියනුත්,මුරුත්තෙටුවේ ආනන්ද හිමියනුත් අද සිංහලයන් වෙනුවෙ හඬ නගන සිංහල රාවයත්,බොදු බල සේනා සහ ජාතික හෙළ උරුමයේ නායකයනුත් මේ සිංහල ජනතාව හෝ මාරාන්තික උපවාසයකට අවතීර්ණ වෙන මේ බෞද්ධ ස්වාමින් වහන්සේ දෙස නොබලනේද? (නි)

:       0       0

තබුක් සිල්වා Tuesday, 30 July 2013 12:19 AM

බොදු බල සේනාවත් එකතුකරගන්න බලන්න අපේ හාමුදුරුවනේ (නි)

:       0       0

පාලිත Tuesday, 30 July 2013 11:27 AM

අපේ ගෞරවනීය බල සේනාවේ සහ සියලු දෑ හිතකාමීන්ගේ සහ්යෝගය ජනතාවට ඉතා අවශ්‍යයි කරුණාකර උදවු කරන්න. (ස)

:       0       0

නන්ද Tuesday, 30 July 2013 01:39 AM

දේශපාලකයන් සහ ව්‍යාපාරිකයන් එකතු වුණහම ඕනෑම නරක වැඩක් කරනවා. මෙම ප්‍රශ්නයේදීත් වෙනසක් නැතුව ඒක පෙන්නුම් කළා. රටට ජනතාවට දේශයට අවංකව ආදරය කරන දේශපාලකයන් අපේ රටේ හිටියා නම් අපගේ රට මේ වන විට සුරපුරයක් වෙන්න තිබුනා. ජනතාවට වස විස දීලා හරි මේ අය බලන්නේ තමන්ගේ බඩ වඩා ගන්න. මේ ටික අපේ මිනිස්සු කවදා වටහා ගනීද... (නි)

:       0       0

රජින්ද Tuesday, 30 July 2013 01:45 AM

සරණංකර, සඟරාජ වැනි දේශ හිතෛෂි, ජාතිමාමක හිමිවරු තව තවත් මේ ලක් දෙරණේ බිහි වේවා..!! (නි)

:       0       0

ද සිල්වා Tuesday, 30 July 2013 02:16 AM

අර සින්දුවක් කියාගෙන ආපු ඇමතිවරයාගේ පුතාට අද දවල් කොල්ලෝ ගැහුවේ නැත්නම් එතුමා දෙකෙන් එකක් කරනවා. (නි)

:       0       0

ලලිත් Tuesday, 30 July 2013 04:30 PM

උන්නාන්සේ මොකට බයවෙනවද? පන ගියොත් දිව්‍යලෝකේ යාවි. (ස)

:       0       0

සමන් කුමාර Tuesday, 30 July 2013 04:39 AM

මට නම් හිතෙන්නෙ අපි දන්නේ නැති වුනාට කවුරුහරි කියලා ඇති " ගිහියන් විසින් විසඳා ගතයුතු ප්‍රශ්න වලට පුළුවන් තරම් මාරාන්තික උපවාස කරන්න, එතකොට තමයි සියලු ප්‍රශ්න විසදන්න පුළුවන්" කියලා. (නි)

:       0       0

දර්ශන නරයන් Tuesday, 30 July 2013 05:46 AM

ප්‍රමිතියක් නැති කර්මාන්ත ශාලා,කොමිස් ගසන දේශපාලුවෝ,නිලදරිවාදය හිසට ගත් නිලදාරීන් ,නොසැළකිලිමත් වගකීමක් නැති ජනයා ... දැන්වත් වැරදි සාදාගෙන පරිසරයත් මිනිසුනුත් රැකගනිමු. (නි)

:       0       0

සෑම් Tuesday, 30 July 2013 05:59 AM

ඔය දේශපාලකයින්ට මින් වතුර ටිකක් බොන්න දෙන්න බලන්න, කවදාකවත් දේශපාලුවෝ ඔය වතුර බොන්නේ නැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 364 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 221 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site