IMG-LOGO

2025 ජුනි මස 17 වන අඟහරුවාදා


තාර දුමටත් පොලීසිය කැඳවයි

මහරගම පොලීසියේ හදිසි ඇමතුම් ඒකකයට  කටුවාවල කාන්තාවකගෙන් ලැබුණු  පණිවුඩයකින් කියැවුණේ ‘පාරට තාර දානවා’ යනුවෙනි.

 එහි ගිය  පොලිස් සැරයන්ට කාන්තාව පැවසුයේ  තාර වලින් නඟින දුම තමාට කරදරයක් බවයි.

119 ඇමැතුම් තේරුමක් කරන්නැයි පොලීසිය ඇයට තරයේ අවවාද කළේය.

 

 



අදහස් (0)

තාර දුමටත් පොලීසිය කැඳවයි

ජයතිලක Thursday, 27 February 2014 04:03 PM

ඇත්ත ලංකාවේ පොලිසියට ඒ පැමිණිල්ල තේරුමක් නැහැ තමයි. නමුත් පිටරටක පොලිසියකට නම් ඒක ලොකු දෙයක්. හේතුව එයින් නැගෙන දුමින් මහජනයාගේ ශරීරයට වන හානිය ඉතා ප්‍රබල වන නිසා.(නදී)

:       0       1

පිලීසියන් ප්‍රනාන්දු Thursday, 27 February 2014 04:42 PM

මේ පැමිණිල්ලේ මොකක්ද වරද? සමහර විට 119 කතා කරපු එක වැරදියි. නමුත් අපේ රටේ පාරවල් වල තාර උණු කෙරුවට ඒක සම්පුර්ණ වැරදි වැඩක්. තාර දුමෙන් පරිසරයට වගේම අපිට වෙන හානිය වැඩියි. මේ පැමිණිල්ල හරි තමුන්ගේ වසමේ පොලිසියට පැමිණිලි කෙරුවොත් පරිසර අදිකාරිය යටතේ මේ නෝනා දිනනවා.(නධී)

:       0       1

නිහාල් Thursday, 27 February 2014 05:15 PM

අනේ වාහේ !(නදී)

:       0       0

රොහාන් Thursday, 27 February 2014 05:25 PM

අධෝ වාතයකට කතා කරාට කමක් නැද්ද ? (නදී)

:       0       0

බමුණු Thursday, 27 February 2014 05:31 PM

සහතික ඇත්ත මේ මිනිස්සු තාර උනුකරන්න ටයර් පුච්චනවා. එමනිසා ඇතිවන දුම අසල ගෙවල් වලට යනවා. මිනිසුන්ට මෙය මහා කරදරයක්. පළාත් සභාකාරයින්ට මේවා කීවට වැඩක් නැත. මොකද කොන්ත්‍රාත්කරු සහ පළාත් සබා කාරයින් අතර වෙනම කොන්තරාත්තු තිබෙන නිසා. තත්ත්වය එය නම් පොලිසියට නොකිය කාටකියන්නද? පොලිසියේ මහතුනී ප්‍රශ්ණය මහජනයාගේ පැත්තෙන් බලන්න.(නදී)

:       0       0

සරත් අතාවුද Thursday, 27 February 2014 05:32 PM

අවාවද නොකර මානසික වෛද්‍යවරයෙකුට පෙන්වන්න.(නදී)

:       0       0

බමුණු Thursday, 27 February 2014 05:34 PM

කටාර් වගේ රටක නම් මේ පැමිණිල්ල පොලිසියට තමයි කිව යුත්තේ එහෙනම් කොන්ත්‍රාත් කාරය කුදලාගෙන යන හැටි බලන්න තිබුනා.(නදී)

:       0       0

මනෝජ්-සාජා Thursday, 27 February 2014 07:42 PM

කොහොමත් ඔය පැත්තේ ඉන්න අයට මොලේ අවුලක් තියනවා (අ).

:       0       0

නිමල් ලලිතා Friday, 28 February 2014 08:03 AM

මට හිතෙන විදිහට තාරවලින් නගින දුමයි මෙහි සඳහන් ඇත්තේ. තාර උණු කිරීම සඳහා අද හැම තැනකම ගන්න පරණ ටයර් සහ පරණ බැටරි වලින් නගින දුමවිය යුතුයි. මෙසේ කිරීම නීති විරෝදී වැඩක්. තාර උණු කිරීම සඳහා පරණ ටයර් සහ බැටරි යොදා ගන්න බැහැ. නමුත් කිසිම තාක්ෂණ සේවා නිලදාරියෙක් හෝ සෞක්‍ය පරීක්ෂක වරයෙක් මේ ගැන සොයා බලන්නේ නැහැ. ඒවට හේතුව කව්රුත් දන්නවනේ. (නදී)

:       0       0

ජිම් කුරු Friday, 28 February 2014 08:31 AM

ඔය වැඩයට කතාකරන්න තිබුනේ අංගොඩ පිස්සන් කොටුවට. මෙහෙමත් මෝඩ ගැහැණු.(නදී)

:       0       0

ජයතිලක Saturday, 01 March 2014 02:37 AM

ඔය තාර දුමෙන් මොන තරම් පරිසර දුෂණයක් සිදු වෙනවාද ,මිනිසුන් මොන තරම් අපහසුතාවයකට පත් වෙනවාද කියලා පොලිසිය තේරෙන්නේ නෑ තමයි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1597 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 556 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 630 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site