IMG-LOGO

2025 ජුලි මස 24 වන බ්‍රහස්පතින්දා


තායිලන්තයේ බෞද්ධ දූත පිරිසක් මෙරටට

(ටී.කේ.ජී.කපිල)

තායිලන්තයේ " සියම් උපාලි " තෙරුන්වහන්සේ විසින් ශ්‍රී ලංකාවට  උපසම්පදාව රැගෙන, මහනුවර අස්ගිරි ගෙඩිගේ විහාරස්ථානයේ උපෝසතාගාරය වෙත පැමිණ , ශ්‍රී ලංකාවේ උපසම්පදාව ආරම්භ කර වසර 270 ක් සපිරීම සිහිපත් කරමින් තායිලන්තයේ සිට බෞද්ධ දූත පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ ශ්‍රී ලංකාවට ඊයේ  (09) දින සවස පැමිණියහ.

මෙම කණ්ඩායමේ ප්‍රධානත්වය තායිලන්තයේ උබෝන් සංඝරාජ අචාන් ප්‍රාවිෂන් තාරා පාත් උත්තමෝ මහා තෙරෝ විසින් හොබවන ලදී .

කණ්ඩායමට භික්ෂූන් වහන්සේලා 08 නමක් සහ ගිහි නියෝජිතයන් 17 දෙනෙකු ඇතුළත් වී සිටි අතර ඔවුන් තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 405 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත ඊයේ  (09) සවස 05.35ට පැමිණ සිටියහ.

මෙම බෞද්ධ දූත පිරිස ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර ශාසනික සහ සංස්කෘතික වශයෙන් සබඳතා තහවුරු කර ගැනීමට සහ වර්තමානයේ දෙරට අතර ඇති ඇති සිත් තැවුල් දුරු කර ගැනීමට අපේක්ෂා කරන බව , මෙම පිරිස පිළිගැනීමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටි අවිස්සාවේල්ලේ වග ශ්‍රී වජිරවංශතිස්ස ස්ථවිරයන් වහන්සේ පැවසීය .

මෙම පිරිස තායිලන්තයේ වත්මන් රජතුමාගේ සීයා වන " 08  වන රාම " රජතුමා ශ්‍රී ලංකාවට පැමිණ , තුන් මාසයක කාළයක් තාවකාලික පැවිදි උපසම්පදාව ලබා සිටි කොළඹ , කොටහේන දීපදුප්තාරාම විහාරස්ථානය වෙත ගොස් , එහි ස්ථාපිත කර ඇති , එම රජතුමාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමට නියමිතය .

මීට අමතරව මෙම බෞද්ධ දූත පිරිස අනුරාධපුරය , මහනුවර දළදා මාළිගාව , ජාත්‍යන්තර නෙල්ලිගල බෞද්ධ මධ්‍යස්ථානය , කැළණිය  රජ මහා විහාරය දැක බලා ගැනීමට, ශ්‍රී ලංකාවේ සාමනේර භික්ෂූන් වහන්සේලා 25 දෙනෙකුට තායිලන්තයේ බෞද්ධ උසස් අධ්‍යාපනය නොමිලේ  හැදෑරීම සදහා නේවාසික ශිෂ්‍යත්ව 25 ක් පිරිනැමීමට ද අපේක්ෂා කෙරේ .

එසේම තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර බෞද්ධ සිද්ධස්ථාන සහ ස්වභාව සෞන්දර්ය නැරඹීම සදහා , බෞද්ධ   සංචාරක කර්මාන්තය වැඩි දියුණු කිරීමට ද මෙම පිරිස කටයුතු කිරීමට නියමිතය .



අදහස් (2)

තායිලන්තයේ බෞද්ධ දූත පිරිසක් මෙරටට

Ketipearachchi Monday, 10 July 2023 12:39 PM

මේ අය ලංකාවේ හාමුදුරුවන්ගේ කැරැට්ටුව දන්නේ නැතිව ඇති...

:       2       4

කෝසල Monday, 10 July 2023 01:17 PM

අපේ මුතු රාජා අරං ගිහිං තායි හාමුදුරුවරු දැන් මොනවට මෙහේ එනවද? අපේ මුතු රාජා නැතිව හිස් අතින්... හරිම පාළුයි.

:       6       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 98 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 19 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 676 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site