IMG-LOGO

2025 මැයි මස 03 වන සෙනසුරාදා


තියුණු ආයුධ පහරින් අයෙක් මරුට

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ ගයාන් සූරිය ආරච්චි)

මාදම්පේ පැරණි නගරය ප්‍රදේශයේ නිවසක සිටි කාන්තාවකට සහ පුද්ගලයෙකුට එම කාන්තාවගේ සැමියා විසින් එල්ල කළ තියුණු ආයුධ ප්‍රහාරයකින් බරපතළ  තුවාල ලබා හලාවත රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව ඊයේ (28) මියගොස් ඇති බව මාදම්පේ පොලිසිය පවසයි.

එම ආයුධ ප්‍රහාරයෙන් තුවාල ලැබූ කාන්තාව ද හලාවත රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසිය පවසයි.මෙසේ මියගොස් ඇත්තේ මාදම්පේ පැරැණි නගරය ප්‍රදේශයේ පදිංචි තුෂාර දිල්රුක්ෂ නැමති 60 හැවිරිදි පුද්ගලයෙකි.

මියගිය පුද්ගලයා සැකකරුගේ බිරිය සමඟ කාලයක පටන් අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් තිබූ අතර සිද්ධිය වූ දින මරණකරු සැකකරුගේ බිරිය සමග මාදම්පේ පැරැණි නගරය ප්‍රදේශයේ නිවසක සිට ඇති බව පොලිසිය කියයි.

එහිදී එම ස්ථානයට කඩා වැදුණු සැකකරු තම බිරියට සහ අනියම් පුද්ගලයාට පිහියකින් කපා කොටා තුවාල සිදුකර තිබූ බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.

මාදම්පේ පැරණි නගරය ප්‍රදේශයේ නිවසක කාන්තාවක සහ පුද්ගලයෙකු කපා කොටා තුවාල සිදුකර ඇති බවට ලද තොරතුරක් මත මාදම්පේ පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් තුවාලකරුවන් වහාම රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබුණි.

 



අදහස් (0)

තියුණු ආයුධ පහරින් අයෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

පුංචි ඡන්දෙ ගමන් බිමන් වලට ගිය සල්ලි ආණ්ඩුවට දෙනවා
2025 මැයි මස 03 390 0

පළාත් පාලන ඡන්ද ප්‍රචාරක කටයුතු සඳහා තමාගේ ගමන් බිමන්වලට වැය වූ ඉන්ධන මුදල් නැවත රජයට පියවන බව ජනාධිපති අනුර දිසානායක මහතා පැවසීය.


පුංචි ඡන්දයේ මුල්ම ප්‍රතිඵලය රෑ 11ට
2025 මැයි මස 03 237 0

පළාත් පාලන මැතිවරණයේ පළමු ඡන්ද ප්‍රතිඵල රාත්‍රී 11 වන විට ප්‍රකාශයට පත් කිරීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පැවසී


හරක් කටාට දුරකථනයක් දුන් එස්.ටී.එෆ් කොස්තාපල් අත්අඩංගුවට
2025 මැයි මස 03 983 0

ත්‍රස්තවාදී පනත යටතේ රැඳවුම් නියෝග ලබා තංගල්ල පැරණි බන්ධනාගාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වශයෙන් හඳුන්වන නදුන් චින්තක නොහොත් හර


පාලම් 97ක වැඩ කොටඋඩ
2025 මැයි මස 03 451 0

ගිවිසුම් අවලංගු කෙරුණු පාලම් 97ක ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන්ට 2023 වසරේදී රුපියල් කෝටි 33කට වැඩි මුදලක් ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තා


’’වියට්නාමේ ඉඳන් මං ඡන්දෙ දාන්න එනවා’’
2025 මැයි මස 03 2072 0

මැයි 6 වැනිදා වියට්නාමයේ ඇරැඹෙන ජාත්‍යන්තර වෙසක් උළෙලේ සමාරම්භක අවස්ථාවට සහභාගී වී ඡන්දය දැමීම සඳහා නැවත ලංකාවට එන බව ජනාධිපති අනුර දිසානායක මහතා කීය


පාර්ලිමේන්තු ලොක්කෝ මැතිසභා වියදමින් සවාරි ගිහින්
2025 මැයි මස 03 4269 0

කථානායක නියෝජ්‍ය කතානායක නියෝජ්‍ය කාරක සභා සභාපති ලබා දෙන වාහන සංඛ්‍යාව දෙකක් දක්වා අඩු කිරීමටත් පාර්ලිමේන්තු මහ ලේකම් නියෝජ්‍ය මහලේකම් සහකාර මහලේක


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 550 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 147 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1166 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site